මුදල් ඇමතිවරයා විදේශගත ශ්‍රමිකයින්ගෙන් බද්දක් අයකරන එකට ඉස්සෙල්ලාම කතා කරන්නේ මම….

Thalatha2.jpg

විදේශ ගත ශ්‍රමිකයින්ගෙන් බද්දක් අය කරන්නනට කටයුතු කළහොත් එයට විරුද්ධව මුලින්ම තමන් ඉදිරිපත් වන බවත්, ශ්‍රමික සුරැකුම හරහා විගමණික ශ්‍රමිකයින් ආරක්ෂා වන බවත් විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය ස`දහන් කළාය. අමාත්‍යතුමිය මේ අදහස් ප්‍රකාශ කලේ රත්නපුර දිස්ති්‍රක්කයේ විගමණික ශ්‍රමික පවුල් වෙත ස්වයං රැකියා ආධාර පිරිනැමීමේ අවස්ථාවට 2017-07-10 වන දින විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ රත්නපුර පළාත් කාර්යාලයේදී එක්වෙමිනි.

එහිදී අදහස් දැක් වූ විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය මෙසේ ප්‍රකාශ කළාය. —අද වන විට ශ්‍රී ලාංකිකයින් ලක‍ෂ 15ක් විතර පිරිසක් ඉන්නවා කියලා අපි විශ්වාස කරනවා. ඒ ඇතුළුව මේ රටේ කිසිම කෙනක්ම හිත සතුටෙන් කැමැත්තෙන් ගිහින් වැඩ කරනවා නෙවෙයි. මේ සියළු දෙනාම යන්න ඇත්තේ ජීවන අරගලයේ ඔබ සියළු දෙනාම මුහුණ දෙන ප්‍රශ්නවලින් තමන්ට කියලා ගෙයක් හදාගන්න, දරුවන්ගේ අධ්‍යාපනයට, සහෝදර සහෝදරියන්ගේ අධ්‍යාපනයට මේ හැම එකක්ම වෙනුවෙන් තමයි කැපකිරීම් ගිහිල්ලා තියෙන්නේ. මේ ගිය කාලය තුළ ඔබ සියළු දෙනාම රටට, රටේ ආර්ථීකයට දායකත්වය දෙන්න විශේෂ වැඩ කටයුත්තක් කරපු අය. පහුගිය අවුරුදු ගණනාවක සිට මේ දක්වා අදටත්, තාමත් මේ රටේ ප්‍රධාන ආදායම් මාර්ගය තමයි විදෙස්ගත ශ්‍රමිකයින් මේ රටට එවන ආදායම. ඉතින් ඒ නිසා අපිට කිසිසේත්ම ඔබලව නොසලකා හරින්න බැරි බව වගකිව යුතු රජයක් හැටියට අපි පිළිගන්නවා වගේම ඒ සම්බන්ධයෙන් අපිට ලබාදෙන්න පුළුවන් උපරිම සහයෝගය අපි දෙනවා. මේවා කරනකොට නොයෙකුත් අභියෝගවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා.

ගරු ජනාධිපතිතුමා මැතිවරණයේදී ඉතිහාසයේ කිසිම කෙනෙක් කරපු නැති විදිහට විගමණික ශ්‍රමිකයින් වෙනුවෙන් පොරොන්දු 3ක් දුන්නා. ඉන් පළමුවෙනි එක තමයි ශ්‍රමික සුරැකුම වැඩසටහන කි්‍රයාත්මක කිරීම. මේ රටේ ඉන්න විගමණික ශ්‍රමිකයින්ගේ පවුල්වල අයගේ සුභසාධනය කි්‍රයාත්මක කරන්න තමයි අපිට ඒකෙන් සිද්ධ වුණේ. මට කියන්න සතුටුයි. එතුමා පත්වෙලා පළමු අවුරුද්දේ ජනවාරි අට වෙනිදා මෙතනමයි මම හිතන්නේ එදා ඒ උත්සවය තිබුණේ. මෙතන ඉන්නවා සංවර්ධන නිළධාරීන් හැටියට එදා ඒ වැඩසටහනට සහභාගි වුණ අය මේ දිස්ති්‍රක්කයේ. ඒ ශ්‍රමික සුරැකුම වැඩසටහන කි්‍රයාත්මක කරන්න අවම වියදමක් දරලා මේ දිස්ති්‍රක්කයේ ඉන්න සංවර්ධන නිළධාරීන් එක්ක මේ පටන් ගැන්ම කරන්න අපි මෙතන තමයි කටයුතු කළේ. හඳුන්වාදීම කළේ මේ ශාලාවේ. නැත්නම් රත්නපුර දිස්ති්‍රක්කයේ අය. නැත්නම් අපිට තිබුණා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව බුක් කරගෙන රටේම ඉන්න 1080ක් වෙච්ච සංවර්ධන නිළධාරීන් කොළඹ ගෙනල්ලා ආණ්ඩුවේ වියදමින්, ආණ්ඩුවේ අනුග්‍රහය ඇතුව ඒ වගේ ලොකු උත්සවයක් කරලා කරන්න. හැබැයි අපි එහෙම කළේ නෑ. අපි කළේ ශ්‍රමික සුරැකුම වැඩසටහන හඳුන්වා දුන්නේ ඒ සතිය තුළ 2016 ජනවාරි 8 වෙනිදා ඉඳන්, ජනවාරි 14 වෙනකම් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය තුළින් මුළු රටම දැනුවත් කළා. මේ ශ්‍රමික සුරැකුම වැඩසටහනේ ලියාපදිංචිය තුළින් යම් කිසි ප්‍රතිලාභයක් ඔයගොල්ලන්ට ලබාදෙන්න උත්සහ කරනවා කියලා. ඒකට මට නොයෙකුත් විදිහේ චෝදනා ආවා. නොයෙකුත් විදිහේ බොරු ප්‍රචාර, අසත්‍ය ප්‍රචාර කලා. ඔන්න සමෘද්ධිය කපන්න විදේශගත අයගේ දත්ත එකතු කරනවා කියලා කිව්වා. ඔන්න විදෙස්ගත ශ්‍රමිකයින්ට අලූත් බද්දක් ගහන්න යනවයි කිව්වා. හැබැයි ඉතින් අර දීපු කාලය තුළ ලක‍ෂ 15ක් පිටරට ඉන්න අයගෙන් 96000ක් විතරයි ලියාපදිංචි වුණේ. ඊට පස්සේ අපි දින නියමයක් නොමැතිව දීර්ඝ කරපු නිසා ලක‍ෂ 3ක විතර ප්‍රමාණයක් ලියාපදිංචි වෙලා තියෙනවා.

ඉතින් අපි දන්නවා මේ වගේ වැඩසටහන් කරද්දි මේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීතුමා සංවර්ධන නිළධාරීන් එක්ක ඉද්දි සාකච්ඡා කළේ, පිටරට ගිය ගමන් මෙහේ සමෘද්ධිය කැපෙනවා. ආපහු ආවම පිටරට ගිහින් ගොඩක් සල්ලි ගෙනාවයි කියලා සමෘද්ධිය එහෙම නෑ. ඉතින් යන අය ගැන අපේ තියෙන වැඩපිළිවෙළ මීට වඩා හොඳ වෙන්න ඕනි.

අපිට පුළුවන් වුණා පළමු වතාවට විදෙස්ගත ශ්‍රමිකයින් වෙනුවෙන් 2015දී අවම වැටුපක් තීරණය කරන්න. ඩොලර් 300යි කියලා. එතකොට ඩොලරය 150 ගාණේ තිබ්බත් අවම වැටුප 45000ක් වත් වෙන්න ඕනි කියලා. මේ වගේ අපි ක්‍රමානුකූලව ශ්‍රමික සුරැකුම වැඩසටහන යටතේ රත්නපුර දිස්ති්‍රක්කයේ නම් එච්චර ප්‍රශ්න නෑ. ප්‍රශ්න තිබුණත් මෙහේ නිළධාරීන්ගේ මාර්ගයෙන් ඒවා විසඳගන්න පුළුවන්. නමුත් අපිට පුළුවන් වුණා නැගෙනහිර හා උතුරුමැද ප්‍රදේශවල, බහුල වශයෙන් විදෙස්ගත ශ්‍රමිකයින් ඉන්න ප්‍රදේශවලට ගිහිල්ලා ඒ අයගේ ගැටළු හඳුනාගන්න. මුලින්ම ඔවුන්ට තියෙන ගැටළු මොනාද කියලා හඳුනගන්න ඕනි. ඒවා හඳුනගෙන තමයි ඒවට යම් පිළියමක් යොදන්න පුළුවන් වෙන්නේ.

ඉතින් ශ්‍රමික සුරැකුම වැඩසටහන යටතේ ලියාපදිංචි වෙච්ච නිසා මේ අයට අද මේ ප්‍රතිලාභ ලැඛෙනවා. මේ ප්‍රතිලාභ දෙවන අදියර වෙනකොට මීට වඩා දෙයක් ශ්‍රමික පවුල්වලට ලැඛෙනවා. අද 25000න් පටන් ගන්න දේ. අද මහන මැෂින් 13ක් දෙනවා. පොටි කලවම් කරන මැෂිමක් ඉල්ලලා තියෙනවා. ඉතින් ඒ වගේ මොනා හරි දෙයක් අරගෙන මේ දේවල් වලින් ඔයගොල්ලන්ගේ දායකත්වයත් ඇතුව තමන්ගේ ජීවිතේ ගොඩනගා ගන්න යමක් කරන්න. දෙවනි අදියර වන විට ඔයගොල්ලෝ ඉල්ලන දේ ලක්ෂ 10 ක් වෙන්න පුලූවන්. ඒක අපිට කරලා දෙන්න පුලූවන්. නමුත් කරන දේ හරියට කරන්න. මේ රීඉන්ටර්ග්‍රේෂන් වැඩසටහන යටතේ සතුටු වෙන්න පුලූවන් අවස්ථා තියනවා. එක් මහත්මයෙක් ඉන්නවා කොරියානු රටේ රැකියාවකට ගිහින් ඇවිත් කර්මාන්තශාලාවක් ආරම්භ කරලා, එහි සේවකයින් 75 කට වැඩි ප්‍රමාණයක් ඉන්නවා. මාසික ආදායම රුපියල් ලක්ෂ 50 කට වැඩී. අද කොරියාවේ එච්.ආර්.ඩී සමාගම ඔහුව තමයි ගෙන යන්නේ එහේ සේවකයින්ට පෙන්නන්න.

සමහර අවස්ථාවල නීති රීති වැඩි වෙලා තියනවා. සමහරු මට බනිනවා.සමහර ඒජන්සි අයතන පුදුම තරහකින් වැඩ කරනවා. අපිට ඒවා අදාළ නැහැ. අපි මේකට ඇවිත් තියෙන්නේ වගකීමක් භාරගෙන. අපිට භිර දීලා තියෙන ක්ෂේත්‍රයේ යම් ප්‍රගතියක් තියනවා නම් ඒක තමයි අපි ලබන තෘප්තිය.

ශ්‍රමික සුරැකුම වැඩසටහනේ මොනවද කි්‍රයාත්මක වෙන්නේ. මේකට බද්දක් ගැහුවොත් ඔයගොල්ලෝ බය වෙන්න එපා. මම මේක පටන් ගන්නකොට මොනම හේතුවකටවත් රටේ මුදල් ඇමතිවරයා හැටියට විදේශ ගත ශ්‍රමිකයින්ගෙන් බද්දක් අය කරන්න හැදුවොත් ඒ ගැන ඔයගොල්ලේ බය වෙන්න එපා. ඒකට ඉස්සෙල්ලාම කතා කරන කෙනා මම. සමෘද්ධිය ගැන දැනට කියන්න බැහැ. අපි බොහොම පැහැදිලිව මේ වැඩේ පටන් අරන් තියෙන්නේ. දෙවනි පාර නොයන තත්වයකට පත් කර ගන්න එක තමයි අපේ අවශ්‍යතාවය. අපි දන්නවා එහේ කොයිතරම් හිරවෙලා ඉන්නවාද නොයෙකුත් ද`ඩුවම් වලට. දරුවා ඇමරිකාවේ වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලබන තාත්තා කෙනෙක් ඕමාන් රටේ හිරගෙදරක ඉන්නවා.එයාව බේරගන්න දීලා තියෙන ද`ඩුවමේ විදියට ලක්ෂ 2000ක් විතර ගෙවන්න වෙනවා නිදහස් වෙන්න.මේක සමාජයේ එක කොටසකට විතරක් තියන ප්‍රශ්නයක් කියලා හිතන්න එපා.

අපිට ජපානයේ හො`ද රැකියා ඉල්ලූමක් ලැබිලා තියනවා. යන ශ්‍රමිකයාගේ රැකවරණය සුභසාධනය ගැන අවශ්‍යතාවය තියලා තමයි අපි වැඩ කරන්නේ. පසුගියදා කොරියාවේ එච්.ආර්.ඩී සභාපතිවරයා මේ රටට ඇවිත් ජනාධිපතිතුමා මුණගැහුනා. එහිදී අපේ රටෙන් කෘෂිකර්මාන්තයට ගිහින් තියෙන්නේ සුලූ පිරිසයි. කෘෂිකර්මාන්තයේ රැකියා ලබා දෙන්න කිව්වා. සභාපතිතුමා ඒ ගැන මොනවා හරි කරන්න උත්සාහ කරන්නම් කිව්වා.මේ හැම දෙයක්ම බලාපොරොත්තු වෙන්නේ යන ශ්‍රමිකයින්ගේ ක්‍රියාකලාපය තුල.

මේකේ වැරදි තත්වයත් තියනවා. ඛෙල්ල කපන්න ගිය කෙනෙක් බේරාගෙන ලංකාවට ගෙනාවම එයා හදනවා හොර පාස්පෝට් එකකින් ආපහු යන්න.වකුගඩු ගන්න යනවයි කියපු මනුස්සයෙක් මෙන්න ගියසතියේ ආපහු යන්න හදනවා. එතකොට එයාපෝට් එකේ අපේ අයට අල්ලන්න සිදු වෙනවා.මේවා අපිට පාලනය කරන්න පුලූවන් දේවල් නෙමෙයි.මේකට සියලූ දෙනාගේම සහයෝගය අවශ්‍යයි.
විදේශ ගත ශ්‍රමිකයෝ විදියට අපිට පවුලක් ,දරුවන් අම්මලා තාත්තලා ඉන්නවා, හැදෙන සමාජ පරිසරයක් තියනවා. අපේ කියලා අනන්‍යතාවයක් තියනවා කියලා ඔලූවේ තියාගෙන යන්න ඕනි.

මම ඇත්තටම සතුටු වෙනවා විදේශ රැකියා අමාත්‍යංශය සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශය මේ සියලූ දෙනම එකම කණ්ඩායමක් විදියට එකතු වෙලා ඔබ සියලූ දෙනාගේම ගැටලූ විසදන්න වගේම නැගී සිටින්නට අවශ්‍ය අතහිත දෙන්න කැප වෙලා ඉන්නවා.

ශ්‍රමික සුරැකුම වැඩසටහන යටතේ ලියාපදිංචි වෙලා ඉන්න ශ්‍රමිකයින්ට ලැබිය හැකි ප්‍රතිලාභ පිළිබ`දව නැවත නැවත කියන්න අවශ්‍ය නැහැ.අපි විදෙස්ගත ශ්‍රමිකයින් වෙනුවෙන් විශ්‍රාම වැටුප කි්‍රයාත්මක කරනවා කියලා කිව්වා. ඒක නම් මෙතන ඉන්න අයට නැහැ. එහේ ඉන්න අයට විතරයි ලැඛෙන්නේ. ඔබ සියලූ දෙනාටම අතහිත දෙන එක රජයක් විදියට අපේ වගකීමක් කොට සලකනවා.යනුවෙන් වැඩිදුරටත් අමාත්‍යතුමිය ස`දහන් කළාය.

මෙම අවස්ථාවේදී විගමණික ශ්‍රමිකයින්ගේ පවුල් 25 ස`දහා රුපියල් 560,000$- කට ආසන්න මුදලක් පිරිනමනු ලැබුවා.එම අවස්ථාවට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සමාජ සංවර්ධන නියෝජ්‍ය සමාන්‍යාධිකාරී තරංග හෙට්ටිආරච්චි මහතා ඇතු`ඵ පිරිසක් එක්ව සිටියහ.

scroll to top