මීගමුව රෝහලේ ඩෙංගු රෝගීන් වෙනුවෙන් අතිරේක වාට්ටු ගොඩනැගිමට යුද්ධ හමුදා සහාය

Army-3.jpg

මීගමුව මහ රෝහලේ සංචාරයක නිරතවු අතිගරු ජනාධිපතිතුමන් හට රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන ඩෙංගු රෝගීන් සඳහා ප්‍රමාණවත් වාට්ටු පහසුකම් නොමැති බවට අවධානයට ලක්වීමෙන් පසු ලබාදුන් උපදෙස් වලට අනුව ක්‍රියාත්මක වු යුද්ධ හමුදාධිපති ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා විසින් ඉංජිනේරු සේවා බලකාය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය සහ විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්ෂක මණ්ඩලය වෙත මීගමුව රෝහල් පරිශ්‍රයේ තාවකාලික වාට්ටු දෙකක් ඉදිකිරීමට අවශ්‍ය ශ්‍රමය සහ වෛද්‍ය උපකරණ සපයාදෙනමෙන් උපදෙස් ලබාදුණි.

ඒ අනුව 1 වන සහ 6 වන ඉංජිනේරු සේවා බලකා භට පිරිස් විසින් නව තාවකාලික වාට්ටු දෙකක් අතිගරු ජනාධිපතිතුමන්ගේ සංචාරයෙන් දින දෙකකට පසු ඉදිකිරීම ආරම්භ කළ අතර, මේ වනවිට එම වාට්ටු දෙකේ ඉදිකිරීම් කටයුතු අවසන් වෙමින් පවති.

මෙහිදි ශ්‍රී ලංකා යුද හමුදා වෛද්‍ය බලකායේ වෛද්‍ය සහයකයන් 25 දෙනෙකු විසින් රෝගීන්ට උපකාර සිදු කරන අතර, විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්ෂක මණ්ඩලය විසින් නවතමයෙන් ඉදිකරන ලද වාට්ටු දෙකට වෛද්‍ය උපකරණ සහ සේලයින් රඳවනයන් තොගයක් ලබාදීමට කටයුතු කර ඇත.

මෙම ප්‍රජා සත්කාරයේ නව අංගයක් ලෙස ඩෙංගු රෝගීන්ට මුලික රෝග විනිශ්චයන් සිදු කිරීමට නව රුධිර පරික්ෂණාගාරයක් ද මෙහි ස්ථාපනය කර තිබේ.

  • Eradicate Dengue

    කරුණාකර මේ ගැන කල්පනා කර බලන්න.

    ඩෙංගු ප්‍රශ්නය ගැන අප දන්න දේ:-
    ✓ ශ්‍රී ලංකාව දිවයිනකි.
    ✓ ඩෙංගු යනු වෛරසයක් නිසා සෑදෙන රෝගයකි.
    ✓ ඩෙංගු වෛරසය මදුරුවෙක් මගින් පතුරුවයි.
    ✓ ඩෙංගු වෛරසයට විවෘත පරිසරයේ ජීවත් විය නොහැකිය.

    ඉහත දේ සත්‍ය නම් පහත දේත් සත්‍ය විය යුතුය:-
    ✓ සියලු මදුරු දශ්ට කිරීම් නතර වුවහොත් ඩෙංගු රෝගය සතියකින් දිවයිනෙන් සහමුලින් තුරන්වෙයි.
    ✓ සියලු ඩෙංගු රෝගීන් හට මදුරුවන් දශ්ට කිරීම නතර වුවහොත් සති පහකින් (5) ඩෙංගු රෝගය තුරන් වෙයි.
    ✓ සියලු ඩෙංගු රෝගීන්ගෙන් අඩක් හට මදුරුවන් දශ්ට නොකෙරුවොත් මාස හතරකින් (4) ඩෙංගු රෝගය තුරන් වෙයි.

    ඩෙංගු මදුරු සංහාරය ක්‍රියාවට නංවන අතර, දැන්වත් අපට හැකි සෑම ක්‍රමයකින් අඩු ගණනේ හඳුනාගත් ඩෙංගු රෝගීන් මදුරුවන් දශ්ට කිරීමෙන් ප්‍රවේසම් කෙරුවහොත්, අපට ඩෙංගු රෝගය අවම කොට, අවසානයේදී රටෙන් තුරන් කල හැකි බව අපගේ විශ්වාසයයි.

    කරුණාකර බලන්න: http://eradicatedengue.blogspot.com/2017/06/blog-post.html

scroll to top