මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් විසින් ශ්‍රී ලංකාවට ලබාදීමට සැලසුම් කර තිබෙන ඩොලර් මිලියන ගණනක ප්රදානය ලබාගැනීම ඉක්මන් කිරීම සඳහා ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සහ ඇමරිකානු තානාපති ප්‍රසාද් කාරියවසම් මහතා පසුගියදා එහි ප්‍රධාන නිළධාරීන් සමග ඉතාමත් සාර්ථක සාකච්ඡාවක් ඇමරිකාවේදී පැවැත්වීය.
මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකා සම්බන්ධීකාරක නිලාන් ප්‍රනාන්දු මහතාද සහභාගී විය.
මෙය ඇමරිකානු ජනතාව විසින් ශ්‍රී ලංකා ජනතාව වෙත ලබාදීමට යෝජිත යළි නොගෙවන මුදල් ප්‍රදානයකි.