මින් ඉදිරියට කාටවත් චරිත සහතික දෙන්නේ නෑ

JVP-3.jpg

දෙසැ 02, 2014 (විමසුම) – මින් ඉදිරියට තමන් පිළිබඳව හැර වෙනත් කිසිදු පුද්ගලයෙක් හෝ ව්‍යාපාරයක් ගැන චරිත සහතික නොදෙන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී ලාල්කාන්ත මහතා ඊයේ නුගේගොඩ නගරයේ පැවති ජනතා රැලියක දී අදහස් දක්වමින් කියා සිටියේ මේ මැතිවරණයේදී ජනතාව පෙළගස්වන අරගල කරන මාවතකට ප‍්‍රවේශයක් ගත් බවයි.

“දැන් මෛත‍්‍රීපාල මහත්තයා දින සීයයෙන් විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන බව කියනවා. 17වන සංශෝධනය නැවත කි‍්‍රයාත්මක කරනවා කිව්වා. ප‍්‍රජාතන්ත‍්‍රවාදයට අදාල කාරණා ගණනාවක් මාස කිහිපයක් ඇතුළත කි‍්‍රයාත්මක කරනවා කියනවා.”

“මේ ගෙවුණු කාලය තුළ අත්දැකීම් ප‍්‍රමාණයක් තියෙනවා. මේ ජාතියේ පොරොන්දු දෙන පළමු අවස්ථාව නෙවෙයි. ජවිපෙ අපි තීරණ ගණනාවක් අරගෙන තිබෙනවා. ජවිපෙ මේ රටේ මෙතනින් එහාට ජවිපෙ ගැන හැර වෙන කිසිම පුද්ගලයෙක් ගැන කිසිම ව්‍යාපාරයක් ගැන චරිත සහතික දෙන්නේ නැහැ. චරිත සහතික දුන්නු ලිපි ශීර්ෂ, පෑන්, සීල් විසිකරලා දැම්මා. ඒ නිසා අපිට පිටින් හැදෙන කුමන බලවේගයක් ගැන හෝ කුමන එකමුතුවක් ගැන අපි මේ රටේ ජනතාවට සහතික දෙන්නේ නැහැ.”

“ඒ නිසා මේ මැතිවරණයේදී ජනතාව පෙළගස්වන අරගල කරන මාවතකට ප‍්‍රවේශයක් ගත්තා. මේ ජනාධිපතිවරණය අවසන් වන විට අපේ රටට ජනතාවාදී පාර්ලිමේන්තුවක් ගොඩනැගීම අරමුණු කරගනිමින් ජනතාවට කරුණු කියන්න අවශ්‍යයි. අපිට අවශ්‍යයි, ජනතාවගේ වුවමනාවන් ඉෂ්ට කරන, ජනතාවාදී පාර්ලිමේන්තුවක් ගොඩ නගන්න.”

scroll to top