මාවනැල්ලේ දිළිඳු පවුලක් වෙනුවෙන් නව නිවසක්

Army.jpg

බටහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 583 බලසේනාවේ භට පිරිස් විසින් කොළඹ විශාඛා විද්‍යාලයේ අනුග්‍රහය ඇතිව මාවනැල්ල, ගල්ලෑල්ල, දෙවනගල පදිංචි වැන්දඹු කන්තාවක් වෙත නව නිවසක් ඉදිකර බ්‍රහස්පතින්දා (29) දින භාර දෙනු ලැබීය.

අනාරක්ෂිත කලුගලක් සහිත ඉඩමේ තාවකාලිකව අබලන් නිවසක පදිංචි ඩි.එම් තමරා කුමාරි නැමති මෙම කාන්තාවගේ සැමිය මියගොස් ඇති අතර, අධ්‍යාපනය හදාරන දරුවන් තිදෙනෙකු ද සිටියි.

58 වන සේනාංකයේ සේනාංකාධිපති සහ 583 බලසේනාවේ බලසේනාධිපති ගේ මඟපෙන්විම යටතේ 2017 මාර්තු මස 15 වන දින මෙහි ඉදිකිරිම් කටයුතු ආරම්භ කළ අතර, ඉංජිනේරු සේවා බලකායේ සහ 8 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් මේ සඳහා ශ්‍රමදායකත්වය දක්වන ලදි.

මෙම නිවස භාරදීමේ උත්සව අවස්ථාව සඳහා බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ, මාවනැල්ල ප්‍රාදේශීය ලේකම්, විශාඛා විද්‍යාලයේ විදුහල්පති, ගුරුවරුන් සහ ශිෂ්‍ය නායිකාවන්, තමරා කුමාරි මහත්මියගේ පවුලේ ඥාතීන්, ප්‍රදේශවාසීන්, මේ සඳහා දායක වූ භට පිරිස් මෙන්ම ජ්‍යෙෂ්ඨ නිලධාරින් ද එක්ව සිටියහ.

scroll to top