මාලිංගට දකුණු අප්‍රිකානු ‘Highveld Lions’ කණ්ඩායමෙන් ඇරයුම්

ශ්‍රී ලංකා සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතන සමග තරග ගිවිසුමකට එලබ තිබෙනවා.
ඒ මේ වසර අගදී එරට පැවැත්වෙන ‘Standard Bank Pro20’ T20 ලීග් ක්‍රිකට් තරගාවලිය සදහායි.

මාලිංග වසර දෙකක කාලයක් සදහා අදාළ ගිවිසුමට කැමැත්ත පළකර ඇති බව දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය පවසනවා.

ලසිත් මාලිංග ‘Highveld Lions’ කණ්ඩායම නියෝජනය කරන අතර ලබන වසරේ පෙබරවාරි 5 වෙනි දින ‘Cape Cobras’ කණ්ඩායම සමග ඔවුන්ගේ පළමු තරගයට සහභාගී වීමට නියමිතය.

scroll to top