මාධව වෛද්‍යරත්න මහතා විසින් ප‍්‍රති රචනා කළ ”මහ කළු කුලූන” කෘතිය එලි දැක්වේ

Book-Launch.jpg

මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් මාධව වෛද්‍යරත්න මහතා විසින්, එව්ගිනි වොයිස්කුන්ස්කි සහ ඉසායි ලූකොද්‍යානොව් යන සෝවියට් විද්‍යා ප‍්‍රබන්ධ කතුවරුන්ගේ ද ‘බ්ලැක් පිලර් කෘතිය’ ‘මහ කළු කුලූන’ නමින් සිංහලට පරිවර්තනය කර ඊයේ (16) බත්තරමුල්ල සෙත්සිරිපාය (දෙවන අදියර)11 වන මහලේ පිහිටි ශ‍්‍රවණාගාරයේ දී ජනගත කිරීම සිදු කෙරුණි.

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත් වුණු අතර මෙම උත්සවයේ ප‍්‍රධාන දෙසුම් ප‍්‍රවීණ ලේඛකයන් වන සමන් අතාවුදහෙට්ටි සහ චූලානන්ද සමරනායක මහත්වරුන් විසින් පවත්වන ලදි.

scroll to top