මහ බැංකු අධිපතිගේ අවංකභාවය ගැන ප්‍රශ්නයක් තියනවා: ගම්මන්පිල

Indrajit-Coomaraswamy-2.jpg

නව මහ බැංකු අධිපතිවරයාගේ හැකියාව පිලිබඳ ප්‍රශ්නයක් නැතත් ඔහුගේ අවංකභාවය පිලිබඳ ප්‍රශ්නයක් තිබෙන බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල පවසයි.

තනතුරක් ලබා දීමේ දී හැකියාව, අවංකභාවය සහ පක්ෂපාතිත්වය යන තුනම සලකා බැලිය යුතු බව ගම්මන්පිල පවසයි.

“ඇමෙරිකාවේ ගැලීයන් අරමුදලේ ප්‍රධානි රාජ් රාජරත්නම් අද වසර 11ක සිර දඬුවමක් විඳින්නේ තමන් දන්නා අභ්‍යන්තර තොරතුරු වාසිදායක ගනුදෙනුවක් සඳහා යොදවා ගත්තා කියන වරදටයි, ඒ වරද සිදු වන සමයේ ගැලීයන් අරමුදලේ උපදේශකයෙකු වගේම එහි පාලිත සමාගමක අධ්‍යක්ෂවරයෙකු ලෙස ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා කටයුතු කර තිබෙනවා,”

“පක්ෂපාතිත්වය පිළිබඳ ගැටළුව මතු වන්නේ රාජ් රාජරත්නම් හරහා. රාජ් කොටි සංවිධානයේ ප්‍රමුඛතම ආධාරකරුවෙක්. අර්ජුන් මහේන්ද්‍රන් රාජ්ගේ සමීප මිතුරෙක්. කුමාරස්වාමි රාජ්ගේ සේවකයෙක්. කොටි අරමුදල් ජාලයෙන් මිදිලා අපේ ආර්ථිකය හැසිරවීමට කෙනෙකු සොයා ගැනීමට බැරි තරමට මේ ආණ්ඩුවේ කොටි අරමුදල් වල හිර වෙලා ද කියන ප්‍රශ්නය මතු වෙනවා.”

කෙසේ වෙතත් මාධ්‍ය හමුවක දී නව මහ බැංකු අධිපතිවරයා කියා සිටියේ තමන් කටයුතු කළේ සාර්ව අාර්ථික සමීක්ෂකයෙකු ලෙස පමණක් බවත් වෙනත් සම්බන්ධතාවක් නොමැති බවත්ය.

 

scroll to top