මහින්දගේ හා විමල්ගේ අත්සන රවීට එරෙහි විශ්වාශ භංගයේ නෑ: ගම්මන්පිල

gammanpila.jpg

නොවැ 30, 2015 (විමසුම) – උපක්‍රමික හේතූන් මත මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ අත්සන මුදල් ඇමතිවරයාට එරෙහි විශ්වාශ භංගයේ අඩංගු නොකළ බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිළ මහතා කියයි.

මෙවර අය වැය බොරු පොරොන්දු හා ඉලක්කම් සහිත අය වැයක් බව පවසමින් එක්සත් ජනතා නිදහස් සංධානයේ මන්ත්‍ර්‍රීවරුන් පිරිසක් පසුගියදා රවි කරුණානායක මුදල් ඇමතිවරයාට එරෙහිව විශ්වාශ භංගයක් කතානායකවරයාට භාරදීමට කටයුතු කළේය.

අද පැවති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් ගම්මන්පිළ මහතා කියා සිටියේ රාජපක්ෂ මහතාට අමතරව විමල් වීරවංශ, ප්‍රසන්න රණතුංග, සහ තවත් මන්ත්‍රීවරයෙක් විදේශගතවීම නිසා මෙයට අත්සන් කර නැති බවයි.

එමෙන්ම රෝගී තත්වයෙන් සිටි නිසා ජනක බණ්ඩාර හා විදුර වික්‍රමණායක යන මන්ත්‍රී වරුන්ටත් අත්සන් කිරීමට නොහැකි වී ඇති බවයි ඔහු ප්‍රකාශ කළේ.

“නමුත් චමල් හා නාමල් රාජපක්ෂ යන මන්ත්‍රීවරුන් දෙන්නම මේකට අත්සන් කළා. මේ අත්සන් කරල තියෙන 44 දෙනාම මහජන ඡන්දයෙන් තේරීපත්වූ අය මිසක හොර පාරෙන් ජාතික ලයිස්තුවෙන් ආපු අය නෙවෙයි,”

“ඡන්දයෙන් තේරුනේ සන්ධාන මන්ත්‍රීවරුන් 85යි. ඉන් 44ක් කියන්නේ සන්ධාන මන්ත්‍රීවරුන්ගෙන් සාතිශය බහුතරය මුදල් ඇමතිතුමාට එරෙහි විශ්වාස භංගයට අත්සන් කරමින් මේ අය වැය ප්‍රෝඩාවක් කියන මතයට ඇවිත් තියෙනවා.” ගම්මන්පිළ මහතා අවධාරණය කළේය.

scroll to top