මහින්ද රාජපක්ෂ මහත්තයා මේ රටේ දේපල තමන්ගේ කියලා හිතාගෙන වැඩ කළා

මහින්ද රාජපක්ෂ මහත්තයා මේ රටේ දේපල තමන්ගේ දේපල යැයි සිතා වැඩ කළ බව අධිකරණ හා විදේහ රැකියා ඇමතිනී නීතීඥ තලතා අතුකෝරළ මහත්මිය පවසනවා. අමාත්‍යතුමිය මේ බව සදහන් කළේ ඇලපාත ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයේ ගංවතුරින් හානියට පත් මාර්ග සංවර්ධනය වැඩසටහන යටතේ ආරම්භක වැඩසටහනට 2017-10-08 වන දින එක්වෙමිනි. එහිදී ඇලපාත ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයේ කැකිරිහේන වත්ත සිට කපුකඩේ දක්වා මාර්ගය ස`දහා රු.500,000- ද, රත්නායක මහත්ගේ නිවස සිට බටමුල දක්වා මාරගය රු.448,000- ද,දකුණු දෙල්බඩ සිට උතුරු දේල්ලබඩ දක්වා මාර්ගය සදහාරු. 1,762,000- නවල හේන්යාය මාර්ගය ස`දහා රු. රු.500,000$- ද, බතලහේන මාර්ගය ස`දහා රු. රු.500,000- ද, වැය කර මෙම මාර්ග සංවර්ධනය කිරීමට නියමිතය.

එහිදී අමාත්‍යතුමිය මේ අදහස් ප්‍රකාශ කළාය. අපි රජයක් විදියට පළවෙනි බලාපොරොත්තුව වුනේ ජනතාවට නිදහසේ ජීවත්වීමේ අයිතිය ඇති කිරීම. පවතින රජයේ වගකීම තමයි පාරවල් හදන එක පාලම් දාන එක. මේක කරන්න, අරක කරන්න කියලා අපි ආවේ නැහැ.මේ අවුරුදු 2 තුල මේ වසමට පමණක් ලක්ෂ 1500 කට වැඩිය වැය කරලා තියනවා.

1977 ෙජ්.ආර් ජයවර්ධන මහත්තයා 6$5 ක බලයක් අරගෙනත් පලවෙනි අවුරුදු 2 මේ තරම් වැඩ කරන්න බැරි වුනා මගේ අයියා තරම්. නිවිතිගල ආසනේ පාරවල් වලින් සියයට 80 ක් පමණ හැදුවේ මගේ අයියා. එතුමා කළ වැඩ වලට පස්සේ කාලේ ලකුණු දාගත්තේ. අපි කොයිතරම් වැඩ කළත් අපේ පක්ෂයේ අය පවා අහන්නේ අපි මොනවද කළේ කියලා. අපි මේ ජන්ද බලාගෙන කරන වැඩක් නෙමෙයි. බොහොම අපහසුවෙන් ජනවාරි 8 වෙනිදා මේ වෙනස ඇති කලේ. සී.ටී.බී එකේ එක බස් එක හෝදන්න 6 දෙනෙක් ඉන්නවා. රාජ්‍ය සේවයේ ලක්ෂ 6 විය යුතුයි කියලා ලක්ෂ 14 ක් ඉන්නවා. හැම ප්‍රදේශීය ලේකම් කාර්යාලයකම ඉන්නවා උපාධිධාරීන් කිසිම වැඩක් නොකර. මේ හැම වැටුපක්ම ගෙවන්නේ අපි සියලු දෙනාම.මේ කොයි දේත් නිවැරදි වෙන්න ඕනි.රැකියා දෙනවා කියලා පුරවලා හරියන්නේ නැහැ. අපේ අයට කියලා සුදුසුකම් නැති අයට රැකියා දෙන්නත් බැහැ.මේවට සමහර වෙලාවට ජනතාව අකමැති වෙන්න පුලූවන්. ජනාධීපතිතුමා, අගමැතිතුමා, ආන්ඩුව, මාව ප්‍රතික්ෂේප කරන්න ඕනිම කෙනෙකුට පුලූවන්.අපි මේ හදිසියේ මිනිස්සුන්ගේ දේවල් හොරකම් කරලා, පාරවල් කොමිස් ගහලා, නාස්ති කරන ආණ්ඩුවක් නෙමෙයි. ණයත් එක්ක තමයි මේ ඔක්කොම අපි කරන්නේ.

කාන්තා කටයුතු ඇමතිතුමිය වැඩසටහනක් කි්‍රයාත්මක කළා. ආපදාවන්ට ලක්වුනු කාන්තාවන්ට ස්ව්‍යං රැකියා පවන් ගන්න ලක්ෂ 40 ක අවශ්‍ය උපකරණ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලදී ලබා දෙන්න කටයුතු කළා. මේ ගංවතුර වෙලාවෙදි වගේ සැලකුවේ කවුද කියලා අපි අහනවා. එදා 25 වෙනිදා උදේ ගංවතුර ඇති වුනු අවස්ථාවේදීම කිසිම කෙනෙකුට ළ`ගාවෙන්න පුලූවන් වුනේ නැහැ. අගමැතිතුමාට කතා කරලා කිව්වාම හෙලිකොප්ටර් එව්වා. යුධ හමුදාව බෝට්ටුත් එක්ක එව්වා. ජනාධිපතිතුමා රටේ හිටියේ නැති වුනත් කරන්න ඕනි හැම දේටම උපදෙස් දීලා ගියේ. අපිට කිව්වා මිනිස්සු බඩගින්නේ තියන්න එපා කියලා.අපි ලක්ෂ 100 කට වැඩිය සතොසෙන් බඩු අරන් තියනවා. ඒවා අදාළ ප්‍රදේශ වලට ග්‍රාමනිළධාරීන් හරහා යැව්වා. සමහරු හිතුවේ ඇවිත් බත්පැකට් ඛෙදුවාම හරි කියලා. මේ වැඩේ කරනකොට යූ.එන්.පීකාරයා, ශ්‍රී ලංකාකාරයා කියලා බැලූවේ නැනැ.ගංවතුරට යට වුනු අයගේ ගෘහ උපකරණ වලට රුපියල් 10000ක උපරිමයකට යටත්ව පාඩුව ලබා දෙන්න. දෙවනි කාරණය අධිඅවධානම් ප්‍රදේශ වල අයට ඉවත් කළ අයට ඉඩම් දීලා ගවෙල් හදනතුරු රුපියල් 7500 ක මාසික කුලියක් ගෙවනවා.

නිදහස ආරක්ෂාකර ගනිමින් වැඩකටයුතු කිරීමේ අයිතිය රටේ තියනවා. ලංකාවේ පාරවල් හැමදාම වහලා. උද්ඝෝෂන නිසා. අපිව විවේචනය කරන්න නිදහස තියනවා. කවුරු මොනව කිව්වත් 2020 වෙනකුරු මේ ආණ්ඩුව තියනවා. ජනාධපතිතුමාගේත් අගමැතිතුමාගේත් කැමැත්ත අනුව තමයි 2020 මැතිවරණය තියන්නේ. රට විනාශ කරලා අපිට භාර දුන්නේ. ජාති, කුල, ආගම් විදියට ඛෙදුවා. තමන් කැමති ආගමක් අදහන්න නිදහසක් දුන්නේ නැහැ.සමෘද්ධිලාභීන් තමන් පිටිපස්සේ එන හි`ගන ජාතියක් බවට පත් කළා. බස් පුරවලා රැස්වීම් වලට අරන් ගිය හැටි අමතක කරන්න එපා. අද මහින්ද මහත්තයා ලක්ශ 1500 වැඩි මුදලක් ලංගම ට ගෙවන්න තියනවා අරන් ගිය බස් වලට.මේ ඔක්කොම අපේ සල්ලි. මෙහෙම රටක් තමයි අපි වෙනස් කරගෙන යන්නේ.

මේ දේශපාලන ක්‍රමවේදයට සන්තෝශ වෙන්න බැරි වෙන්න පුලූවන්. සමහර අයගේ හිත සන්තෝෂ කරන්න පුද්ගලික ප්‍රතිලාභ නැති වෙන්න පුලූවන්. සමෘද්ධිය පහුගිය කාලේ දුන්නේ කාටද, තේ තියන අයට දුන්නා.රජයේ රැකියා තියන කඩ තියන අයට දුන්්නා. අඩු ආදායම් ලාභීන්ට සමෘද්ධිය ලැබුනේ නැහැ. යූ.එන්.පීකාරයෙකුට නම් ඛෙහෙතකටවත් නැහැ.පහුගිය කාලේ සමෘද්ධි නිළධාරීන් අපේ ඇමතිතුමා සමීක්ෂණයක් කරන්න කිව්වාම ජන්දය ඉල්ලන්න බලාගෙන සමීක්ෂණයක් කළා. අන්තිමට කිව්වා ආණ්ඩුව සමෘද්ධිය කපන්න යනවා කියලා.ආණ්ඩුව එහෙම උපදෙස් දීලා නැහැ. සමෘද්ධිය කැපෙන්නෙත් නැහැ.අවසානයේ ගම් වලට ඇවිත් සමෘද්ධි නියාමකලා විදියට දේශාපාලනය කර=ළ අයට පළාත් පාලන මැතිවරණයට ඉල්ලන එක අවසන් වුනා ඒ වැෙඩන්.

මේවා තමයි අපි නතර කරගන්න ඕනි. අඩුම තරමේ ලක්ෂ 6000ක 7000ක මුදලක් මේ කොට්ඨාශයට ඇවිත් තියෙනවා. ලක්ෂ 250 බිල්ඩින් 6ක් හැදෙනවා. පාසල්වල වැසිකිලි, වහල හදන්න මේ හැමදේටම පළාත් සභාවට මුදල් එන්නේ මහ ආණ්ඩුවෙන්. පහුගිය දෙවෙනිදා මේ රටේ සියළුම පාසල් දරුවෝ රක්ෂණය කළා. ලක්ෂ දෙකක රක්ෂණයක්. නේවාසිකව නැතිව බාහිර ප්‍රතිකාර ගත්තම 10000ක් දක්වා මුදල් ලබාදෙනවා.

සමහර පාසල්වල විදුහල්පතිවරු ඉන්නවා ඔවුන් කරන්නේ දේශපාලනය. අපි මේ දේවල් දිහා බලන්න ඉන්නවා. මොනාහරි තීරණයක් ගත්තොත් කියයි දේශපාලන පළිගැනීම් කියලා. මම අමාත්‍යංශයක් භාරගෙන අවුරුදු දෙක හමාරක් වෙනවා. මීට පෙර රත්නපුර දිස්ති්‍රක්කය නියෝජනය කරන ඇමති කෙනක් යටතේ විදේශ රැකියා අමාත්‍යංශය තිබ්බා. හැමදාම විදේශ සේවා නියුක්ති කාර්යාංශය තිබ්බේ නිදහස් පක්ෂය නියෝජනය කරන ඇමතිවරු යටතේ. 90]ක් ඉන්න සේවකයින් නිදහස් පක්ෂයේ අය. නමුත් එක් අයෙක්වත් දේශපාලන පළිගැනීම් යටතේ මාරුකළේ නෑ. කුහකකම, පළිගැනීම කියන දේවල් අපි ළ`ග නෑ. අපි ඒ දේවල් කළොත් මේ රටේ ජනතාවගේ අසහනය තවත් වැඩිවෙනවා.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා 2010 ජයග්‍රහණය කලේ කොහොමද කියලා හැමෝම දන්නවා. එතුමා මේ රටේ දුප්පත්කම වපුරලා, සමෘද්ධිය හරහා තමයි දේශපාලනය කළේ. ජාතීන් අතර අසමගිය වපුරලා. මුස්ලිම් පල්ලිවලට ගැහුවා. ද්‍රවිඩ මුස්ලිම් මිනිස්සුන්ට පුදුම විදිහට හිරිහැර කළා. අපි හොඳ බෞද්ධයෝ. බුදු හාමුදුරුවෝ කියලා තියෙනවද මිනිස්සුන්ට හිරිහැර කරන්න. උන්වහන්සේ දේශනා කළේ, සියලූ සත්වයෝ නිදුක් වෙත්වා කියලා. එක එක අයට ඕනි විදිහට මේ රටේ නටපු කාලේ ඉවරයි. මේ දිස්ති්‍රක්කයේ හිටපු සමහර ඇමතිවරු තමන්ගේ නඩුවල ෆයිල් යට ගහපු හැටි අපි දන්නවා. එදා නාලන්ද එල්ලාවල ඝාතනය වෙලාවේදි අපේ පාක්ෂිකයින්ගේ ගෙවල්වලට ගල් ගහලා කරදර කළා. ඒවා වෙන්න අපේ කාලයේ ඉඩ දෙන්නේ නෑ.

මේ හැමදෙයක් එක්කම දුප්පත්කම නැතිකිරීමේ අභියෝගය අපි භාරගෙන තියෙනවා. මෙතනට ආවම ළමයින් පාසල් දාන එක ගැන කතාකළා. ඉදිරියේදී හැම වසමකටම පාසලක් ඇතිකරනවා. 5 ශිෂ්‍යත්වය හෙට අනිද්දා අහෝසි වෙන්න පුළුවන්. දේශපාලනය ඉස්සරහට දාගෙන විදුහල්පතිකම් දුන්න කාලේ ඉවරයි දැන්. ගංවතුරෙන් හානිවුන කුඩා තේවතුවලට ලක්ෂ 1000ක වන්දි ගෙවන්න නවින් දිසානායක ඇමතිතුමා මේ පළාතට එනවා. සජිත් ප්‍රේමදාස මහත්තයා ගත්තොත් ගෙවල් හදනවා, සිමෙන්ති දෙනවා. හෙට අනිද්දා වෙනකොට ළ`ගපාත තියෙන ඉඩමක් නිදහස් කරනවා. ඒකේ අපි ගම්මානයක් හදනවා. මේ හැම වැඩක්ම කෙරෙනවා. කවුරුත් කලබල වෙන්න අවශ්‍ය නෑ.

මහින්ද රාජපක්ෂ මහත්තයා මේ රටේ රාජ්‍ය දේපල තමන්ගේ බූලදය කියලා හිතුවට මේ දේවල් අපේ බූදල් නෙවෙයි. රටේ නීතියක් පවතින්න ඕනි. මේ රටේ මිනිස්සු වෙනසක් ඇති කළේ අධිකරණයේ ස්වාධීනත්වය ඇති කරන්න, හැමදෙනාටම එක වගේ සලකන්න. මතකයිනේ මේ රටේ අග්‍රවිනිශ්චයකාරවරියක් පැය 24න් ගෙදර යැව්වා. එයත් එක්ක ඡන්දේ ඉල්ලූවා කියලා සරත් ෆොන්සේකා මහත්තයා ඇදගෙන ගිහින් හිරේ දැම්මා. අද වෙනකම් චෝදනාවක් නෑ. ජනාධිපතිවරණයේ වෙච්ච එකම ඝාතනය සිද්ධ වුණේ මේ දිස්ති්‍රක්කයේ. ලසන්ත වික්‍රමතුංග මැරුවා. සාක්කිත් නෑ මැරුවා. මේ හැමදේම වුණේ මේ රටේ.

මීට වැඩිය අපි හිතුවොත් අපිට රටක් හැටියට ජයග්‍රහණය කරන එක ඉතාම සුළු දෙයක්. පළාත් පාලන මැතිවරණයෙන් අපේ නියෝජිතයින් පත්කරන්න. මලක හරි පොහොට්ටුවක හරි මන්ති්‍රවරුන්ට මම නම් සල්ලි ගෙනත් දෙන්නේ නෑ. ප්‍රාදේශීය සභාවලට මුදල් වෙන්වෙන්නේ ජනාධිපතිතුමාගේත් අගමැතිතුමාගේත් රජයෙන් කියන දේ අමතක කරන්න එපා. තමන්ට කැමති විදිහට මැතිවරණයක් ආවම ඡන්දේ දෙනවා. මේ රජය 2020 වෙනකම් යනකොට මේ කොට්ඨාශයේ සභාපතිවරයා සම්බන්ධයෙන් තීන්දු තීරණ ගන්නේ මම. කාටවත් අසාධාරණයක් වෙන්න මම තීරණ අරන් නෑ. පුද්ගල ප්‍රතිලාභ වෙනුවෙන් මම තීරණ ගන්නේ නෑ. මම ගාමිණි අතුකෝරළගේ නංගි. ඉතින් මේ වගේ දේවල් වලදි ඛෙදෙන්න එපා. විවේචන කරන්න එපා. රජයක් හැටියට අපි කරන්න තියෙන යුතුකම් සියල්ල කරලා තියෙනවා. අවුරුදු දෙකේ මෙහෙමනම් 2020 වෙනකොට තවත් සේවාවන් කරන්න පුළුවන්. යනුවෙන් අමාත්‍යතුමිය වැඩිදුරටත් සදහන් කළාය.

scroll to top