මහනුවර දිස්ත්‍රික් සමුලුවත් සාර්ථකව අවසන්

Meeting.jpg

පිරිසිදු දේශපාලන පුරවැසි මෙහෙයුමේ 18 වන දිනය අද (30) මහනුවර නගරයෙන් අවසන් කෙරින.

මෙම වැඩසටහන් මාලාවේ 18 වන දිස්ත්‍රික් සමුලුව අද මහනුවර නාගරික රථ ගාල් පරිශ්‍රයේදී පැවැත්වුණු අතර ඒ සඳහා ආගමික නායකයින් හා පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

මාර්තු 12 ව්‍යාපාරයේ මහනුවර දිස්ත්‍රික් සභාපති මහගෙදර මහතා සර්වෝදය ආයතනය නියෝජනය කරමින් මෙහි සංවිධාන කටයුතු සිදුකල අතර සර්වෝදය විධායක අධ්‍යක්ෂ නීතීඥ චාමින්ද රාජකරුණා, පැෆ්රල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහත්වරුන් මෙන්ම ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රීලංකා හි ශෂී ද මෙල් මෙනෙවිය ඇතුළු පිරිසක්ද මෙම සමුළුවට එක්ව සිටියහ.

අද පෙරවරුවේ මාතලේ නගරයෙන් ආරම්භවූ පිරිසිදු දේශපාලන පුරවැසි මෙහෙයුමේ රථ පෙරහැර අලවතුගොඩ, අකුරණ හා කටුගස්තොට නගරවලදී ජනතාව දැනුවත් කිරීම සිදුකල අතර එහිදී ජනතාව මෙම වැඩසටහන මහත් සේ අගය කිරීම කැපීපෙනුනි.

scroll to top