මම ජනාධිපතිවරණයකට ලෑස්තියි: මහින්ද රාජපක්ෂ

නොවැ 20, 2014 (විමසුම) – ජනාධිපතිවරයාගේ සම්පූර්ණ දෙවන ධුර කාලයෙන් වසර 4 ක් ගතවීමෙන් පසුව යළි ජනාධිපතිවරණයක් කැඳවීමේ යෝජනාවට ශ්‍රී.ල.නි.ප. මධ්‍යම කාරක සභාවේ ඒකමතික අනුමැතිය හිමි වේ.

ඊයේ සවස රැස් වූ ශ්‍රී.ල.නි.ප. මධ්‍යම කාරක සභාව විසින් ගත් මෙම තීරණයට අනුව අද දිනයේ ඊට අදාල ගැසට් නිවේදනය නිකුත් කිරීමට නියමිතයි.

මේ අතර මැතිවරණ ව්‍යාපාරයේ මෙහෙයුම් කටයුතු සම්බන්ධීකරණය කිරීමේ වගකීම මේ දිනවල ඉමහත් ආන්දෝලනයකට ලක්ව ඇති චරිතයක් වන අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන හෙවත් ශ්‍රී.ල.නි.ප.යේ මහ ලේකම්වරයාට පවරා ඇතැයි වාර්තා වේ.

scroll to top