මංගල උත්සව සඳහා විශේෂ සැකසුම් වෝටර්ස් එජ් හිදී

විවාහ මංගල උත්සවයක් යනු අතිශයින්ම ප්‍රීතිමත් අවස්ථාවක් වන නමුත් මංගල උත්සව සැලසුම් කිරීමේදී  සියලුම වැඩ කටයුතු සඳහා සීමාවකින් තොරව මුදල් වියදම් වීමක් වෙයි. එවැනි දේ වලක්වා ගනිමින් විවාහ මංගල උත්සවහි සියලුම සැලසුම් කටයුතු කරමින් ඔබගේ සිහින විවාහ උත්සවය සිතැඟි පරිදිම සාමාන්‍ය රටාවෙන් ඔබ්බට යමින් ඔබගේ අදහස නිර්මාණය කිරීමෙහි ලා වෝටර්ස් එජ් ඔබේ විශ්වසනීය මංගල  සහකරු බවට පත්වේ.

මනරම් වටාපිටාව සමග දර්ශනීය භූමියක පිහිටා ඇති වෝටර්ස් එජ් හෝටලය සිහින මංගල උත්සව සඳහා කදිමය. එසේම මෙය තරු පහේ හෝටලයක් වන අතර ආසන පහසුකම් හා  විවිධ සැරසිලි වර්ග වලින්ද සමන්විත වේ. එළිමහනේ ඇති විශ්මිත අලංකාරය නිසා එළිමහන් මංගල උත්සව සඳහා ද යොදා ගත හැකි අතර ආසන පහසුකම් අවශ්‍ය ඕනෑම ප්‍රමාණයකින් සැලසීමද සිදුකල හැකි ස්ථානයකි.

එමෙන්ම Banquets කණ්ඩායම සෑම මංගල උත්සවයක් සඳහාම අවශ්‍යතාවය අනුව තමන්ගේ අවධානය ඒ වෙත යොමු කිරීමෙහි ලා සූදානම් ය. තේමාවට ගැලපෙන අයුරින් ආහාර වට්ටෝරු තෝරා ගැනීමටද ඔවුන්ගේ සහය ලැබේ. තවද අවශ්‍ය පරිදි මල් සහ සැරසිලි, විදුලි පහන් සහ මංගල ඇඳුම් වැනි වෙනත් විවාහ අවශ්‍යතාවන් සඳහා ඔවුන්ගේ යෝජනා සහ අදහස් විමසිය හැකිය.

ලොව සුපතල සම්මානනීය අරක්කැමියෙක් වන වෝටර්ස් එජ් හි නලින් හේවගේ ඔහුගේ කේක් වර්ග සහ ආකෘති සඳහා වර්ණ හා තේමාවන් අමුත්තන්ට ගැලපෙන පරිදි සකස් කර ඇති බැවින් තෝරා ගැනීමට පහසු ආකාරයෙන් සෑම දෙයක්ම පාරිභෝගික පහසුව උදෙසා නිර්මාණය වෙයි.

2017 ජූලි 21 දින සිට 23 වැනිදා දක්වා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යාන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙන “Wedding Show 2017” හි වෝටර්ස් එජ් ප්‍රදර්ශනාගාරයෙදී  දී ඉහත සඳහන් කළ දෑ සහ තවත් බොහෝ දේ ප්‍රදර්ශනය කෙරේ. B ශාලාවේ අංක 44/48 දරණ කුටි සඳහා පිවිස banquets කණ්ඩායම හමුවිය හැකිය.  වැඩි විස්තර සඳහා කරුණාකර 0112 863863 අමතන්න.

scroll to top