බුද්ධ ශාසනය පාලනයට ආණ්ඩුව මැදිහත්වෙන්න එපා: ගම්මන්පිල

gammanpila.jpg

බුද්ධ ශාසනය පාලනය කිරීමට භික්ෂුන් වහන්සේලාට ඉඩ තැබිය යුතු බවත් එ් සදහා ආණ්ඩුව මැදිහත්විය යුතු නැති බවත් පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ථෙරවාදී භික්ෂු කතිකාවත් පනත් කෙටුම්පතට එරෙහිව පිවිතුරු හෙළ උරුමය ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනුකල පෙත්සම විභාගයට ගැනීමෙන් අනතුරුව ගම්මන්පිල මහතා මෙසේ අදහස් දැක්වීය.

“ඒ වගේම ඇමතිවරයාගේ සෘජු මැදිහත්වීමෙන් මහණායක හිමිවරුන් පවා පාලනය කිරීමට තිබූ වගන්ති මහ නායක ස්වාමීන් වහන්සේගේ අත්සනින් එවන කථිකාවත ධර්ම විනය දෙකට පටහැනිද නැද්ද කියා විමසා බැලීමට කමිටු පත්කිරීමට ඇමතිවරයා සතු බලය ඒවගේම රෙගුලාසි හදන්න ඇමතිවරයාට තිබුන බලය ඉවත්කිරීමට අපි කරුණු දක්වමින් ඉල්ලා සිටියා බුද්ධ ශාසනය පාලනය කරන්න භික්ෂුන් වහන්සේලාට ඉඩ තියන්න. මේකට ආණ්ඩුව මැදිහත්වෙන්න එපා. දේශපාලකයෙක් වන ඇමතිවරයා මැදිහත් කරන්න එපා. මොකද මේ රටේ කලක් කාන්තා කටයුතු ඇමතිවරයා වුනේ පිරිමි කෙනෙක්. ඒ වගේම බුද්ධ ශාසන අමාත්‍යධූරය බෞද්ධයෙකු නොවන කෙනෙක් දරන්නත් ඉඩ තියෙනවා. ඒ නිසා මේක බුද්ධ ශාසනය විනාශකරන්න ගෙනාපු පනතක් විදිහට අපි පෙන්නල දුන්න. ඒ සමහර කොටස් නීතිපති දෙපාර්තමේන්තුව පිළිගැනීම ගැන අපි සතුටුවෙනවා. ඉතිරි කොටස්ද ශ්‍රේෂඹෟඨාධීකරන තීරනයක් හරහා වෙනස්කරගන්න පුළුවන් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා,”

“විශේෂයෙන්ම අපේ භික්ෂුන් වහන්සේලා වෙන කිසිම ආගමකට නැති සිරදඩුවම් වලට ලක්කරන්න එනම් වෙන කිසිම ආගමක කෙනෙක් සිය ආගම තුල ඉදගෙන වරදක් කලාම සිර දඩුවමට ලක්කරන්න නීතියක් නෑ. වෙනත් කිසියම් සමිතියක පවා වරදක් කලොත් කරන්න පුළුවන් උපරිම දේ සමිතියෙන් නෙරපා හැරීම. නමුත් මේ පනත හරහා භික්ෂූන් වහන්සේලා අතින් පුංචි වරදක් වුනත් මාස 6 දක්වා සිරදඩුවම් නියම කරන්න යෝජනාකර තිබුනා,”

“මේක බුද්ධ ශාසනය විනාෂ කිරීම සදහා භික්ෂූන් වහන්සේලා සිවුරු ඇර යැවීමට පෙලබවීම සදහා පෙළබවීමක් විදිහට අපි පෙන්වා දුන්නා. මේ කාරනා පිළිබදව ශ්‍රේෂ්ඨාධිකරණය ඉතාම නිවැරදි තින්දුවක් ගනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. ඉදිරි සති දෙක ඇතුලත මේ පිළිබද ශ්‍රේෂ්ඨාධිකරන තීන්දුව පාර්ලිමේන්තුවේ කතානායක තුමන්ට දැනුම්දීමට නියමිතයි.”

scroll to top