‘බි‍්‍රතාන්‍ය මහා මැතිවරණය දක්ෂිණාංශික ජනකාන්තවාදය සහ වාමාංශික ජනකාන්තවාදය අතර සටනක්.

පසුගිය ජූනි 8 වෙනිදිනට යෙදී තිබූ බි‍්‍රතාන්‍යයේ හදිසි මහා මැතිවරණය අවසන් වූ බවත් එම මැතිවරණය ජයග‍්‍රහණය කිරීමට කොන්සවේටිව් පක්ෂය සහ තෙරේසා මේ මැතිණිය සමත් වූ නමුත් එහි ඇතිවෙච්ච විශේෂත්වය නම් ඇය හදිසි මහා මැතිවරණයක් සඳහා ගමන් කිරීමට පෙර ඇය හා ඇයගේ පක්ෂය වූ කොන්සවේටිව් පක්ෂයට බි‍්‍රතාන්‍යයේ පාර්ලිමේන්තුවේ තිබූ බහුතර බලය අහිමි වී යාමයි. ඒ අනුව කිසියම් දේශපාලන සූදුවක නියැලුණු තෙරේසා මේ මැතිණිය දේශපාලන සූදුවෙන් පරාජය වූ බවට මැතිවරණ විචාරකයින් බොහෝ දෙනෙක් පෙන්වා දෙන බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා පවසයි. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ දෙස් විදෙස්හි දේශපාලන හා සමාජයීය කාරණා විශ්ලේෂණය කරමින් තම ෆේස්බුක් පිටුවට අදහස් එක් කරමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ‘‘තෙරේසාමේ මැතිණිය හදිසි මහාමැතිවරණයක ගියේ ඇයි? ඇත්තටම ඇය අග‍්‍රාමාත්‍යධූරයට පත්වන්නේ ඩේවිඩ් කැමරන් මහතා ඉල්ලා අස්වීමෙන් පසුවයි. ඬේවිඞ් කැමරන් මහතාට ඉල්ලා අස්වීමට සිදුවුනේ පසුගිය වසරේ පවත්වන බි‍්‍රතාන්‍ය යුරෝපා සංගමයේ සිටිය යුතු ද, ඉවත්විය යුතුද, ද රිමේන් හා බ්‍රෙක්සිට් නමින් හඳුන්වපු ජනමත විචාරණයේදී ඔහු නායකත්වය දුන් බි‍්‍රතාන්‍ය යුරෝපා සංගමයේ රැඳී සිටිය යුතුයි, දී රිමේන් ව්‍යාපාරය ලබාගත් මැතිවරණ පරාජයත් සමගයි. 52% කට 48 ක් ලෙස බි‍්‍රතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන් වී යාමට කටයුතු යෙදුණා. නමුත් යුරෝපා සංගමයෙන් වෙන්වී යාමේ කි‍්‍රයාවලිය ආරම්භ වීමත් සමගම විවිධ ප‍්‍රශ්න මතු උනා. මොකද ඒ ජනමත විචාරණයේ දී කොන්සවේටිව් පක්ෂය හා ලේබර් පක්ෂය පවා බෙදීම් ඇති විය. කොන්සවේටිව් පක්ෂයේ හා ලේබර් පක්ෂයේ නායකයින් දෙදෙනාම, එනම් හිටපු අග‍්‍රාමාත්‍ය ඬේවිඞ් කැමරන් සහ තෙරේසා මේ වගේම විපක්‍ෂ නායක ජැබිනි කෝබින් මේ සියළු දෙනාම බි‍්‍රතාන්‍ය ජාතීන්ගෙන් ඉල්ලා සිටියේ, බි‍්‍රතාන්‍ය යුරොපා සංගමේ තබා ගන්නා ලෙසයි. ඔවුන් සියළු දෙනාම දි රිමේන් උනා. නමුත් කොන්සවේටිව් පක්ෂයේ පිරිස් ඒ වගේම ලේබර් පක්ෂයේ ඇතැම් පිරිස් එකට එකතුවෙලා විශේෂයෙන්ම බි‍්‍රතාන්‍ය ස්වාධින පක්ෂය වෙච්ච යූ.කේ.අයි.වී පක්ෂය, පරාජ් මහතාගේ පක්ෂය සහ අනෙකුත් බි‍්‍රතාන්‍ය නවජාතිකවාදීන්ගේ බලපෑමෙන් බි‍්‍රතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන්වී යෑමේ ජනමත විචාරණය ජයගත්තා. මෙය එක්තරා දුරකට ට‍්‍රම්ප් මහතාගේ ජයග‍්‍රණයටත් මෙය බලපෑමක් සිදු කරනු ලැබුවා.

තේරේසා මේ මැතිණියට බි‍්‍රතාන්‍ය දේශපාලනය තුළ ඇති කරුණු කිහිපයක් පැහැදිලි කර ගැනීමට අවශ්‍යවිය. එනම් ඇයගේ මේ මැතිවරණ සූදුවට පෙර ඇය හා ජෙරමි කෝබින් අතර 20% ක පමණ ජනපි‍්‍රයතාවයේ පරතරයක් දකින්නට ලැබුණා. ඇය කල්පනා කළා මේ මොහොත තමයි ලේබර් පක්ෂය සහමුලින්ම අතුගා දමා තමන් අතට ශක්තිමත් බලයක් ලබාගැනීමට මෙය අවස්ථාව බවත් එසේම ඇයට නිකම්ම ලැබුණු මේ නායකත්වය වෙනුවට තමා ඉදිරිපත්වෙලා තමාම වෙනුවෙන් මැතිවරණයක් කොන්සවේටිව් පක්ෂය තුළ ජයග‍්‍රහණය කර කොන්සවේටිව් පක්ෂයේ සිටින ඉතුරුමිතුරු පිරිස් සියළු දෙනාම නිහඬ කරලා මීළඟ මැතිවරණයට පූර්ව සූදානමක් ලබාගැනීම සඳහා අවශ්‍ය කරන ශක්තිය පක්ෂය තුළින් ලබාගන්නත් ඇයට අවශ්‍ය උනා. ඇයට එල්ල වි තිබෙන එක චෝදනාවක් නම් ඇය පක්ෂය වෙනුවට තමන්ගේ ප‍්‍රතිරූපය ඉදිරියට දමාගෙන මැතිවරණය දියත් කිරීම හේතුවෙන් ඇයගේ මැතිවරණය මෙහෙයවූ ප‍්‍රධානීන් දෙදෙනාම මැතිවරණයෙන් පස්සේ ඉල්ලා අස්වීමට කටයුතු කර තිබෙනවා.

අග‍්‍රාමාත්‍ය තෙරේසා මේ හට තවත් යටි අරමුණක් තිබුණා. විශේෂයෙන්ම කොන්සවේටිව් පක්ෂයේ මාග‍්‍රට් තැචර් මහත්මිය බලයට පත් වුණාට පසු ගෙන ආ නව ලිබරල් ආර්ථික ප‍්‍රතිසංස්කරණ කෙරෙහි දැඩි විශ්වාසයක් තැබූ කෙනෙක්. මේ අවස්ථාවේදී ඇය කල්පනා කළා ලේබර් පක්ෂයේ දුර්වලතාවය සහ ජෙරමි කෝබින්ගේ ජනප‍්‍රියතාවයේ මට්ටම් ගැන කල්පනා කර බලා තමන්ට ශක්තිමත් ජනවරමක් ලබාගෙන තමන්ගේ නව ලිබරල් ආර්ථික ප‍්‍රතිපත්තිය ඉදිරියට ගෙනයන්න ඇයට අවශ්‍ය උනා. විශේෂයෙන්ම වැඩිහිටියන්ගේ විශ‍්‍රාම වැටුප් කප්පාදුව පාසල් දරුවන්ගේ ආහාරවේල කප්පාදු වගේම පාසල් දරුවන්ගේ මුදල් අය කරගැනීමේ වැඩසටහන ආදී වශයෙන් සමාජ සුභ සාධනය සඳහා බි‍්‍රතාන්‍යයේ තිබූ වැඩසටහන් බොහොමයක් කප්පාදු කර රාජ්‍ය ආදායම ශක්තිමත් කර ගැනීම, ඇයට අව්‍යශ්‍ය වූයේ මේ බ්‍රෙක්සිට් සාකච්ඡා යුරෝපා සංගමය සමග සිදුකරනවිට ශක්තිමත් ජනපදනමකින් යුතුව එයට මුහුණ දෙන්න. ඒ වගේම ලේබර් පක්ෂයේ දුර්වලතාවය පාවච්චි කරලා තමගේ පක්ෂය තුළ ශක්තිමත් වෙන්නත්, ඒ වගේම ඇයගේ නව ලිබරල්වාදී ආර්ථික ප‍්‍රතිපත්ති ජයග‍්‍රහණය කර ගැනීමත් අයට අවශ්‍ය උනා. නමුත් ඇගේ මේ අරමුණු තුනෙන්ම ඇය අසමත් වූ බව තමයි දේශපාලන විචාරකයින් පෙන්වා දෙන්නේ. කෙසේ වෙතත් ලේබර් පක්ෂයට ලැබුණු ඡන්ද ප‍්‍රමාණය නම් 42% ක පමණ ඡන්ද ප‍්‍රතිශතය. කැමරන් මහතාට ලැබූ ඡන්ද ප‍්‍රතිශතයට වඩා 5% ක පමණ වැඩිවීමක්. අපි අමතක නොකළ යුතු කරුණ නම් ලේබර් පක්ෂයට, ජෙරමි කෝබින්ට කලින් අවස්ථාවේ ලැබුණු ඡන්ද ප‍්‍රමාණයට වඩා මෙවර 10% කින් පමණ ඡුන්ද ප‍්‍රමාණයක් ලැබුණා පමණක් නෙමෙයි 40% ක ඡන්දයක් ලැබුණා. ප‍්‍රධාන දේශපාලන පක්ෂ දෙක අතර 82% ක පමණ ඡුන්ද බෙදී ගොස් තිබෙනවා.

ඒ වගේම මේ ඡන්ද ප‍්‍රතිඵලයේ තිබෙන සුවිශේෂතාවය තමයි බි‍්‍රතාන්‍යය ස්වාධින පක්ෂය. එක්සත් රජධානියේ ස්වාධින පක්ෂය යූ.කේ.අයි.වී. පක්ෂයේ අගමැති ජනකාන්තවාදී, ජාතිකවාදී ව්‍යාපාරයට අන්ත පරාජයක් මේ මැතරවණයේදී අත්පත් වීම.

එසේම බොහෝ විචාරකයින් පෙන්වා දෙන්නේ හරිත පක්ෂය සැලකිය යුතු ඡන්ද ප‍්‍රමාණයක් මේ මැතිවරණයේදී ලබාගැනීමයි. විශේෂයෙන්ම උගත් ඡන්ද දායකයින් සිටින තැන්වල ඡන්ද දායකයින් හරිත පක්ෂයට ඡන්දය දුන්නා. හැබැයි හරිත පක්ෂයටත් මෙවර ලේබර් පක්ෂයෙන් බලගතු අභියෝගයක් එල්ල උනා. මොකද ලේබර් පක්ෂය, කම්කරු පක්ෂය බි‍්‍රතාන්‍යයේ හරිත දේශපාලනයේ ගුණාංග තමන්ට නතු කර ගැනීම සඳහා තමන් ඉදිරිත් කළ ආකර්ෂණීය ඡන්ද ව්‍යාපෘතියේ අංගයක් බවට පත්උනා. ඇත්තටම බි‍්‍රතාන්‍යය මෙවර නිදහස් අධ්‍යාපනය ප‍්‍රථමවතාවට යෝජනා කළා. අපි ද බොහෝ ආඩම්බර විය යුතුයි බි‍්‍රතාන්‍යයට අවුරුදු 70 කට 80 කට කලින් ලංකාව නිදහස් අධ්‍යාපනය දිනා ගැනීමට සමත් වූ හේතුවෙන් කෙසේ වෙතත් ජනතාව ඒ නිදහස් අධ්‍යපානයේ න්‍යාය පත‍්‍රය බි‍්‍රතාන්‍යය ප‍්‍රතික්‍ෂෙප කළත්, තරුණ ඡන්ද දායකයින් හා විශ්ව විද්‍යාල ආශ‍්‍රිත නගර බොහොමයක ජය කම්කරු පක්ෂයට ලැබුණා. විශේෂයෙන්ම මැතිවරණයට පෙර තරුණ ජනයා දශ ලක්‍ෂයක් පමණ අලුතෙන් ඡන්ද දායකයින් ලෙස ලියාපදිංචිවීමත් ඒ ඡන්ද විශේෂයෙන්ම ලේබර් පක්ෂය දෙසට ඇදී යාමත් නිසා හරිත දේශපාලන පක්ෂයට මීට වඩා ලබාගන්න තිබූ ඡන්ද ලැබුණේ නැහැ. හැබැයි බොහෝ දෙනෙක් කියන්නේ ලක්ෂ පහකට අධික ප‍්‍රමාණයක් ඔවුන් ඡන්ද ලබාගත්තත් ඔවුන්ට ලැබී තිබේන්නේ එක් ආසනයක් පමණයි. මේ තත්වය අද බි‍්‍රතාන්‍යයේ සාකච්ඡා කරනවා. ඔවුන්ට අඩුම තරමින් ආසන 10ක් වත් අනුපාත ක‍්‍රමය තිබුණා නම් ලැබිය යුතුව තිබුණා. එසේම මේ ඡන්ද ක‍්‍රමය අනුපාත ක‍්‍රමයක් උනා නම් මේ කුඩා දේශපාලන පක්ෂ දහරාවලට මීට වඩා නියෝජනයක් ලැබෙන්නට තිබුණ බව විචාරකයින් අදහසයි. කෙසේ වෙතත් දැන් බි‍්‍රතාන්‍යයට යුරෝපා සංගමයෙන් ඉවත් වීම පිළිබඳව කරන සාකච්ඡා දැඩි ජාතිකවාදී සිට සිදු කිරීමට නොහැකි වී තිබෙනවා. මන්ද පාර්ලිමේන්තුව ඒ සඳහා ශක්තිමත් ජනවරමක් ලැබී නොමැති නිසා පාර්ලිමේන්තුවේ ආණ්ඩුව අටවා ගැනීමට තෙරේසා මේ මැතිණියට අයර්ලන්තයේ යුනියන් වාදී පක්ෂයේ නායිකාව සමග එකඟතාවයකට එන්න සිද්ධවෙලා තිබෙනවා. ඒ වගේම ඒ එකඟතාවයන් ප‍්‍රතිපත්තිමය එකඟතාවයන්.

මේ අනුව බොහෝ දෙනා බලාපොරොත්තු වන්නේ ඊ ළඟ බි‍්‍රතාන්‍ය මහා මැතිවරණය ප‍්‍රථම තව අවුරුදු 5 කින් තවත් හදිසි මහා මැතිවරණයක් පැවැත්වීමට ඉඩකඩ බොහෝ දුරට විවෘත වී ඇති බවයි. කෙසේ වෙතත් බි‍්‍රතාන්‍යයට දැන් යුරෝපා සංගමයෙන් වෙන් වී යාමට ඔවුන් සැලසුම් කළ ආකාරයට සිදුකළ නොහැකියි. යුරෝපා සංගමයට ඔවුන් ඒ වෙනුවෙන් ගෙවිය යුතු විශාල මුදල් වන්දියක් තිබෙනවා ඒ පමණක් නොවෙයි දැනටමත් ලන්ඩනය සතුව තිබූ ප‍්‍රධාන ව්‍යාපාරික ස්ථානය, ප‍්‍රධාන ව්‍යාපාරික කේන්ද්‍රය, අධ්‍යාපන කේන්ද්‍රය ලෙස ඔවුන්ට තිබූ තත්වය අනුක‍්‍රමයෙන් ජර්මනියේ ප‍්‍රැන්ක්ෆට් නගරය දෙසට ගමන් කරමින් තිබෙන බවයි පෙනී යන්නේ. ලන්ඩනය කියන්නේ බි‍්‍රතාන්‍ය ආර්ථිකයෙන් 2/3 ක්. එතකොට ලන්ඩනය බිඳ වැටෙනවා යන්න බි‍්‍රතාන්‍ය ආර්ථිකයේ පොදු බිඳ වැටීමට හේතු භූත වෙන කාරණයක් බවට පත්වෙනවා. ඒ නිසා යුරෝපය පුරාම යුරෝපය සසල කරමින් ගමන් කරන සංක‍්‍රමණික හා මුස්ලිම් ජාතිකවාදී රළවේගය, එල්ලවන ත‍්‍රස්තවාදී ප‍්‍රහාර, ඒ වගේම ආර්ථික බිඳ වැටීම, ඒ සමග ඇතිවන සමාජ අසහනය, සමාජ සුභ සාධන පියවරයන් කපා දැමීම, ඒ සමග මතුවන නව පැසිස්ට්වාදී ප‍්‍රවණතාවයන් මේ සියල්ලම අද යුරෝපය සසල කර තිබෙනවා. විශේයෙන්ම අද දකුණු යුරෝපයේ ග‍්‍රීසිය, ඉතාලිය, ස්පාඤ්ඤය ආදී රටවලින් ඇති වූ මේ පැසිස්ට්වාදී ප‍්‍රවණතාවය උතුරේ දියුණු යැයි සම්මත රාජ්‍යයයන් වන නෝර්වේ, ස්වීඩ්න්, නෙදර්ලන්තය, ඩෙන්මාර්කය වැනි රටවල් දක්වා ගමන්කොට අවසන්. බොහෝ දෙනෙක් නොදන්නා කරුණ නම් මේ හැම රටකම අද ඉතාම දරුණු ගණයේ ඉස්ලාම් විරෝධි ප‍්‍රවණාතවයක්, සංක‍්‍රමණික විරෝධි ප‍්‍රවණතාවයක්, ආරක්‍ෂණවාදී ප‍්‍රවණතාවයක් ජයලබමින් තිබෙනව බවයි. දකුණේ රාජ්‍යයන් බොහොමයක වාමාංශික ජනකාන්තවාදය ජයගනිමින් තිබෙනවා, ස්පාඤ්ඤය, ග‍්‍රීසිය ආදී රටවල. උතුරේ රාජ්‍යයවන් ගණනාවක දක්ෂිණාංශික ජනකාන්තවාදය ජයගනිමින් තිබෙනවා. යුරෝපය යුරෝපයක් හැටියට බිඳ වැටෙමින් තිබියදී ජනකාන්තවාදය කුඩා දේශපාලන ප‍්‍රවාහයන්ගෙන් ආරම්භ වෙලා මහා දේශපාලන පක්ෂ ගිල ගනිමින් තිබෙන තත්වයක් තමයි අපට පෙනෙන්න තිබෙන්නේ. මෙය අනිවාර්යයෙන්ම ප‍්‍රංශ මහා මැතිවරණයටත් ජර්මනියේ චාන්සලර්වරයා තෝරා ගැනීමේ සැප්තැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත මැතිවරණ වලටත් බලපානවා ඇති. ඇන්ජලා මර්කල් මැතිණිය අනිවාර්යයෙන්ම ජර්මනියේ ජනකාන්තවාදය වැළඳ ගන්නවා සිකුරුයි මේ මැතිවරණයෙන් ජයග‍්‍රහණය කිරීම සඳහා. ඇයගේ ප‍්‍රතිවාදීන් වන සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයට වාමාංශික ජනකාන්තවාදය ජෙරමිකෝබින් විසින් අනුගමනය කළ උපක‍්‍රමය අනුගමනය කරමින් වැළඳ ගන්නවා නිසැකයි. ඒ අනුව බි‍්‍රතාන්‍යයේ සිදු උනා මෙන්ම ප‍්‍රධාන දේශපාල පක්ෂ දෙක දෙසට නැවතත් දේශපාලනය ධ‍්‍රැවීකරණය වීමක් ජර්මනියෙත් සිදුවේවි. ඒ වගේම ප‍්‍රධාන දේශපාලන පක්ෂ වැඩි වැඩියෙන් දක්ෂිණාංශික ජනකාන්තවාදයටත් ඒ වගේම වාමාංශික ජනකාන්තවාදයටත් දෙපසට ඇදී යාම සිදු වෙමින් පවතිනවා. මෙයයි තත්වය යුරෝපය ඇමරිකා එක්සත් ජනපදයෙන් දික්කසාද වී ලෝකයේ අනෙක් රටවල් සමග එකට එකතුවීමට යනවා. චීනය ඔවුන්ගේ එක මාවතක් ඒ වගේම එක ද්‍රෝණියක් කියන ඒ තේමාව One Belt – One Road කියන තේමාව යටතේ යුරෝපයට ආරාධනා කර තිබෙනවා ඔවුන් සමග එක වෙළඳපලකට එකතු වන්නට. මේ සියල්ල මත ලෝක සිතියම අලූතින් ඇඳෙමින් තිබෙන බවයි ප‍්‍රකාශ කරන්න තිබෙන්නේ’’ යැයි අමාත්‍යවරයා පැවසීය.

scroll to top