බල පත්‍ර නීති නොසලකා වැලි ගොඩ දැම්ම තරුණයාට විලංගු

වනාතවිල්ලුව පොලිස් බල ප්‍රදේශයට අයත් 637 වට්ටකන්ඩල් ග්‍රාම නිළධාරි වසමේ පිහිටා ඇති රමණීය ආශ්‍රිතව පවත්ගෙන යනු ලබන මහා පරිමාණ වැලි ජාවාරමක් සම්බන්ධයෙන් වනාතවිල්ලුව පොලිස් ස්ථානයක ලද තොරතුරකට අනුව (03) වන දින කල වැටලීමකදී සැකරුවෙකු සමග වැලි ගොඩ දැමීමට යොදා ගැනුන උපකරණ රැසක් වනාතවිල්ලුව පොලිසිය මගින් අත් අඩංගුවට ගැනීමට කටයුතු කර තිබුණි.

මෙසේ පොලිස් අත්අඩංගුවට පත් සැකකරු බල පත්‍ර නීති උල්ලංගණය වන අයුරින් ඉවක් බවක් නොතකා වැලි කැණීම් සිදු කරමින් සිටියදී මෙසේ පොලිස් අත් අඩංගුවට පත්ව තිබූ බවත්, සැකකරු මෙසේ නීති විරෝධිව බලපත්‍ර නීති උල්ලංඝනය වන අයුරින් කිහිප වතාවක්ම මෙලෙස අනවසර වැලි ගොඩ දැමීමේ නිරතව ඇති බවට කල පරික්ෂණයදී අනාවරණ වී ඇති බව කියයි.

පොලිස් අත්අඩංගුවට පත් සැකකරු වට්ටකන්ඩල් ප්‍රදේශයේ පදිංචි කරුවකු වන අතර, ඔහු සංන්තකයේ තිබී වැලි ගොඩ දැමීමට යොදා ගන්නා පාරුවක්, වැලි ගොඩ දැමීමට උපයෝගි කර ගන්නා පනිට්ටුවක් ඇතුළු තවත් උපකරණ රැසක් මෙලෙස පොලිස් බාරයට ගැනීමට කටයුතු කර තිබුණි.
සිද්ධිය සම්බන්ධයෙන් වනාතවිල්ලුව පොලිසිය පුළුල් විමර්ශණ ආරම්භ කර තිබුණි.

– සටහන සේයා රූ පුත්තලම කේ.ප්‍රියංකර

scroll to top