බලශක්තිය හා බටහිර ආරක්ෂණවාදය ලංකාවට කෙලෙස බලපායිද?

  • රුපියල අවප්‍රමාණය වීම නතර කල හැකි වේද?
  • හුදු සටන් පාඨ වලට ගැති නොවී හරිත බලශක්තිය ශක්තිමත් කල හැකි වේද?

මෑතකදී ඇමරිකානු ජනාධිපති ඩොනල් ට්‍රම්ප් මහතා මුළු ලෝකයටම බලපාන විශේෂ නිවේදනයකට අත්සන් තැබුවා. ඒ හිටපු ජනපති බැරක් ඔබාමාගේ අවධියේ ගල් අගුරු වෙනුවට හරිත බලශක්ති ප්‍රභවයන් වන සුළං,සුර්ය,භුතාප ආදී ප්‍රභවයන්ගෙන් විදුලිය හා බලශක්ති ප්‍රභවයන් නිපදවීමේ ක්‍රමවේදයන්ට ලබා දුන් සහන ඉවත් කර ගල් අගුරු බලාගර නැවත පනගැන්වීම සදහා ක්‍රියාත්මක කිරීමට විදානයක් නිකුත් කිරීමයි.මේ අනුව ඔහු ක්‍රම 2කට ලෝක දේශපාලනයට අභියෝග කිරීමට සුදානම් වනවා.ඒ නම් තෙල් ගෑස් නිපදවන රටවල වලට ප්‍රභල අභියෝගයක් එල්ල කිරීම තුලින් තෙල් මිල පහත මට්ටමක තබා ගැනීමට ප්‍රභල අභියෝගයක් එල්ල කිරීමට සුදානම් වෙනවා.

ගෝලීය උණුසුම ඉහල යාම ලෝකයේ පැවැත්මට මෙන් ම මානව වර්ගයාගේ පැවැත්මට ද ප්‍රබල අභියෝගයක් වීම මග හරවා ගැනීම සදහා, පිහිටවූ පැරිස් සම්මුතියෙන් සම්පුරණයෙන් ට්‍රම්ප් මහතා ඉවත් වී තිබෙනවා.

ලෝකයේ ප්‍රබල කාබන් විමෝචනය තිබෙන රටක් වශයෙන් ඇමරිකාව වර්ෂයකට එක පුද්ගලයෙක් 25,000 kg පමණ වහු ගෝලයට මුදාහරිනු ලැබුවත් ලංකාව ගත් විට එය 900 kg ක් පමණ වනවා.ඒ අතින් අප පරිසර දුෂකයකු නොවේ. මේවා සලකා බැලීමේදී අනාගතයේදී ගෝලීය උණුසුම ඉහල යාම තුලින් කාලගුණික බලපෑම්, දේශගුණික බලපෑම් වලින් ගැලවීමට විශාල ප්‍රයත්නය දැරීමට සිදුවනවා.

ඇමරිකාව ඔබාමාගේ පාලන සමයේ බලශක්තියෙන් ස්වංපෝෂිත වීම නිසා ලෝක තෙල් මට්ටම පහල මට්ටමක ඈද වැටීමක් සිදු වීම මත පසුගිය තුන් වසර තුල අප රටට විශාල සහනයක් ඒ තුලින් ලගා කර ගැනීමට හැකි වුණා .

දුපත් රාජ්‍යක් වන ලංකාවට විශාල විපර්යාස වලට මුහුණ දීමට සිදුවන අතර, ඒ අතුරින් ගංවතුර, නියං සමය , මුහුදු ජලය රටට තුලට කාවැදීම හා විවිධ රෝග පැතිරීයාම විශේෂිත අතර ගෝලීය උණුසුම වැඩි වීම මෙම විපර්යාස වලට මුලික හේතු සාධකය වේ.

ලංකාව මින් ඉදිරියට ගල් අගුරු බලශක්ති ප්‍රභවය භාවිත නොකිරීමට තීරණය කළේ , ලෝක පරිමාණයේ ගල් අගුරු වත එල්ල වූ බලපෑම් හා පරිසරයට එල්ල වන බලපෑම් මුල් කොට ගෙන ප්‍රතිපත්තිමය තීරණයකට පැමිණීම හේතු කොට ගෙනයි.එම නිසා ලංකාව ගල් අගුරු වෙනුවට වෙනත් බලශක්ති ප්‍රභව ලෙස ගෑස් බලශක්ති ප්‍රබවය යොදා ගන්නේ නම් අද හා ඉදිරි දශකය තුල විදුලි නිෂ්පාදනය යම් මිල වැඩිවීමක් වීමට නියමිත වේ. දිගු කාලින අනාගතය දෙස බලන විට අප ද අනිවාර්යෙන්ම හරිත බලශක්තිය වෙත නැඹූරු විය යුතු අතර කාලින මුල්‍ය තත්වයන් දෙස බලන විට ගල් අගුරු බලාගාරවලින් ඉවත් වීම විදුලි බිලට පීඩනයක් එල්ල වීම සිදු වන අතර, අප රටේ භාණ්ඩ හා නිෂ්පාදන මෙන්ම ආයෝජකයන්ට ද විශාල බලපෑමක් මේ තුලින් එල්ල වීම වලක්වා ගත නොහැකි වේ.

හරිත බලශක්තිය ගැන මනෝ රාජික සිහින මවන පිරිස් මෙන්ම ප්‍රයෝගික පැත්තද දකින පිරිස් රට තුල සිටින අතර මේ සියලුම තත්ත්වය පිලිබදව සොයා බලා 2015 විධිමත් බලශක්ති ප්‍රතිපත්තියක් මා ප්‍රකාශයට පත් කළාය. එය ක්‍රියාත්මක කිරීමට විවිධ රජයන් දැක්වූ මැලිකම හේතුවෙන් අද මෙවන් ඉරණමකට මුහුණදීමට අපට සිදුව තිබේ.තෙල් මිලෙන් එල්ල වන බලපෑම හේතුවෙන් රුපියල අව ප්‍රමාණය වීමටත්. බලශක්තියෙන් ස්වංපෝෂිත රාජ්‍යක් වීමටත් , අලුත් අපනයනයක් ලෙස අපේ බලශක්තිය පිට රට විකිණීමටත්, හරිත බලශක්තිය වෙත තව දුරටත් නැඹුරු වීමටත් මෙය වැදගත් අවස්ථාවක් බවට මෙය පත් කර ගත යුතුයි.

හුදු හරිත සටන් පාඨ වලට ගැති නොවී ට්‍රම්ප් ජනාධිපතිවරයා හා ආරක්ෂණවාදී බටහිර රටවල පිරිස් ගොඩනාගෙන යන මේ මතවාදයෙන් අපේ තත්වයට ගැලපෙන පරිදි , ලෝක තත්ත්වය ගැලපෙන අයුරින් වෙනස් කිරීමට ඔවුන් බලකර තිබෙනවා අවස්ථාවක අප ලෝක තත්ත්වය ගැලපෙන පරිදි හරිත බලශක්තිය ශක්තිමත් කිරීම සිදු කල යුතුව තිබේ.

දෙස් විදෙස් හි දේශපාලන හා සමාජීය කාරණා විශ්ලේෂණය කරමින් අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා ෆේස් බුක් පිටුවට එක කල අදහස් වලින් උපුටා ගන්නා ලදී

scroll to top