බටහිර රටවල ව්‍යාප්ත වන නව ජාතිකවාදී සංකල්පය සමග අන්තවාදී පක‍ෂවල කඩා වැටීමක්

  • වාමාංශික, දක්ෂිණාංෂික භේදය වෙනුවට විවෘතද, සංවෘත්තද, ආරක‍ෂණවාදී හා වීවෘත ආර්ථීකයක් ද කියන කරුණු මත දේශපාලන ඛෙදුම් රේඛාව ලෝකයේ ඇඳී තිඛෙනවා.
  • ලෝක දේශපාලනයේ තවත් නව පෙරළියක් වන්නේ හරිත පක‍ෂ හා පරිසර හිතකාමී පක‍ෂ වෙත ජනතාව ආකර්ක‍ෂණය වෙමින් සිටිනවා.
    ඇමති චම්පික රණවක පවසයි.

බටහිර ලෝකයේ ලැව් ගින්නක් මෙන් පැතිර යන නව ජාතිකවාදය, එසේ නොමැති නම් ආර්ථීක ජාතිකවාදය ලෙස හඳුන්වන ව්‍යාපෘතිය ඉස්ලාම් විරෝධි, කි්‍රස්තියානි නැගිටීම ලෙස හඳුන්වන කි්‍රයාවලිය, මේ වසරේ තීරණතාමක් මංසන්ධියකට පැමිණීමට නියමිතයි. විශේෂයෙන් බි්‍රතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන්වීම සඳහා දුන් ජනවරය ෆ්රෙක්ටිස් මැතිවරණය, ඒ වගේම ඇමරිකා එක්සත් ජනපදයේ ඩොනල් ට්‍රම්ප් මහතා සම්ප්‍රදායික කි්‍රස්තියානි බලවේගයෙන් බලයට පත්වී ජාතිකවාදී, ඒවගේම ආර්ථීක වශයෙන්, ආරක‍ෂණවාදී, ආරක‍ෂකමය වශයෙන් ප්‍රබල රටක් ගොඩනැංවීම සඳහා ගෙනයන වැඩසටහන, සමානුපාතිකව යුරෝපයේ විශාල වෙනස්කම් කිහිපයක් ඇතිකිරීමට නියමිත බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව සදහන් කළේ ලෝක හා ජාතික දේශපාලන තත්වය පිළිබ`ද සති පතා මාධ්‍ය වෙත නිකුත් කරන විශේෂ දේශපාලන විග්‍රහයේ දීය.

ඉන් පළමු වෙනස්කම නෙදර්ලන්තයේ මැතිවරණවල දී පෙනී ගියා. ඊ ළ`ග මැතිවරණය අප්‍රේල් මාසයේ ප්‍රංශයේ ජනාධිපති මැතිවරණය, සැප්තැම්බර් මාසයේ ජර්මනියේ මැතිවරණය ඉතාලියේ මැතිවරණය පැවැත්වීමට නියමිත අතර මෙම මැතිවරණය තුළ ඉතාමත්ම බලගතු හා වැදගත් මැතිවරණය නම් ජර්මන් මැතිවරණයයි. මේ සඳහා කිිසියම් ආරම්භය ලබාගන්නේ ප්‍රංශ ජනාධිපතිවරණයෙන් කෙසේ නමුත් මේ නෙදර්ලන්ත මැතිවරණය ආරක‍ෂණවාදී, ඉස්ලාම් විරෝධී හා කි්‍රස්තියානි ජාතිකවාදී පිරිස ජයගනු ඇතැයි විශාල විශ්වාසයක් විය. නමුත් 20] ක පමණ සැලකිය යුතු ඡන්ද ප්‍රතිශතයක් ලැබුණත් වැඩි ආසන ප්‍රමාණයක් ලබා දී තිඛෙන්නේ සම්ප්‍රදායික දක‍ෂිණාංශික පක්ෂයේම හිටපු අගමැතිතුමාටයි. මෙයින් පෙනෙන එක වැදගත් කාරුණක් නම් මෙම තත්වය යුරෝපයේත් සිදුවෙමින් පවතින බව අමාත්‍යවරයා ස`දහන් කරයි.

තවද මේ මෑතදී ඇමරිකා එක්සත් ජනපදයේ ඡෑඋ ආයතන විසින් කරන ලද සමීක‍ෂණයකින් පෙන්වා දී ඇති පරිදි 2070 වේදී ඉස්ලාම් ආගම අදහන පිරිස, කි්‍රස්තියානි ආගම අදහන පිරිසට වඩා වැඩිවී, ලෝකයේ ප්‍රධාන ආගම බවට පත්වන බවත්, ප්‍රංශය, ඉතාලිය වැනි රටවල බහුතර ජනගහණය, කි්‍රස්තියානි නොවන බවත්, මේ සමීක‍ෂණවලින් පෙන්වා ඇති බවත් බටහිර රටවල් විශාල වශයෙන් බියට පත්වෙලා තිඛෙන අතර යුරෝපයේ ප්‍රධානතම අධිකරණයක් මගින් තීන්දුවක් දුන්නා ආගමික සංකේත ලෙස පැළඳගෙන එන සේවිකාවන්ගේ ෆර්දාව ඉවත් කිරීමට හාම්පුතුන්ට අවසර ලබා දී තිඛෙනවා. මේ ආකාරයේ ආගමික සංඛේත යැයි හඳුනාගන්නා දේවල් ඉවත් කරන්න. ලබා දුන් මෙම නඩු තීන්දුව බොහෝ දෙනෙක් විවේචනය කළා. ඉස්ලාම් ආගමට එරෙහිව ලබාගත් නඩු තීන්දුවක් ලෙස සලකණු ලැබුවා. කෙසේ වෙතත් මෙවැනි නඩු තීන්දු මෙන්ම ප්‍රධාන දේශපාලන පක්ෂ විසින්, අරාබියෙන් පැමිණෙන සංක්‍රමණිකයින් පැමිණීම වැලැක්වීමට ගන්නා උත්සාහයන් දැඩි අන්තවාදී පක්ෂවලින් ඉවත් වී, ප්‍රධාන දේශපාලන පක්ෂ අතරට පැමිණිමේ නැඹුරුවක් තිඛෙනවා. ඒ අනුව ක්‍රමක් ක්‍රමයෙන් ඉස්ලාම් විරෝධය, සංක්‍රමණික විරෝධය, ඒ වගේම කි්‍රස්තියානි සංස්කෘතිය ආරක‍ෂා කරගැනීම කියන කරුණුවලට දේශපාලන භේදයෙන් තොරව, ප්‍රධාන රටවල දේශපාලන පක්ෂ නැඹුරුවී ඇති මොහොතක, වාමාංශික, දක්ෂිණාංෂික භේදය වෙනුවට විවෘතද, සංවෘත්තද, ආරක‍ෂණවාදී ආර්ථීකයක්ද, වීවෘත ආර්ථීකයක් ද කියන කරුණ මත දේශපාලන ඛෙදුම් රේඛාව ලෝකයේ ඇඳී තිඛෙන ද සඳහන් කළේය.

ඒ අනුව විවෘත දේශපාලනය පිළිබඳ පෙනී සිටි දේශපාලන පක්ෂ නෙදර්ලන්තයේ හොඳ ජයග්‍රහණ ලබාගෙන තිඛෙනවා. සංවෘත්ත ආර්ථීකයක් ගැන පෙනී හිටපු කණ්ඩායම්වලටත් ප්‍රබල ඡන්දයක් පලවී තිඛෙනවා. ඒ අනුව පැරණි දක්ෂිණාංශික, ඛෙදුම්වාදය අවසන් වෙලා තිඛෙනාවා. පැරණි වාමාංශික පක්ෂ වෙනුවට නෙදර්ලන්තය ඇතුලත්ව රටවල් කිහිපයක්, හරිත පක්ෂ, පරිසර හිතකාමී පක්ෂවලට පරණ වාමාංශිකයන්ගෙන් ලැබුණු ඡන්ද විශාල වශයෙන් ආකර්ෂණය වීමේ ප්‍රවණතාවයකුත් අපට දක්නට ලැඛෙනවා. මෙය ලෝක දේශපාලනයේ අලූත් තත්වයක් බව අමාත්‍යවරයා සදහන් කළේය.

පැරණි මාක්ස්වාදී, ධනවාදී, වාමාංශික, දක්ෂිණාන්ශික ඛෙදීම වෙනුවට නව ජාතිකවාදී සංවෘත්ත හා විවෘත ආර්ථීක කි්‍රයාදාමය අතර පරිසර හිතකාමීත්වය සමග දේශපාලනය ඛෙදී යමින් යන අලූත් ලෝක තත්වයක් ඇතිවෙලා තිඛෙනවා. එම තත්වය අප වහාම තේරුම්ගත යුතු බව වැඩිදුරටත් සදහන් කළේය.

scroll to top