බංගලාදේශය ශ්‍රී ලංකාව පරදා දෙවන ටෙස්ට් තරගය ජයගනී

Sri-Lanka-v-Bangladesh.jpg

ශ්‍රී ලංකාව හා බංගලාදේශය අතර පැවෙති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය කඩුලු 4කින් ජය ගැනීමට බංගලාදේශ කණ්ඩායම අද සමත් වුණා. තරග දෙකකින් සමන්විත තරගාවලිය 1-1 ක් ලෙස දෙපිලම ජයග්‍රාහකයන් ලෙස නිමාවට පත් වුණා

මෙහිදී ශ්‍රී ලංකා පළමු ඉණිම සදහා 338 (දිනේෂ් චන්දිමාල්ස – 138) හා දෙවන ඉණිම සදහා 319 (දිමුතු කරුණාරත්න – 126, දිල්රුවන් පෙරේරා – 50) ලබා ගත් අතර බංග්ලාදේශය පළමු ඉණිම සදහා 467 (ශකීබ් අල් හසන්ස – 116, මුෂ්ෆිකර් රහීම්හ – 52, මොසදෙක් හොසේන් – 72) හා දෙවන ඉණිම සදහා 191/6 (තමීම් ඉක්බාල් – 82) ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කලා

තමීම්, තරගයේ වීරයා සම්මානය ලබා ගත අතර, තරගාවලියේ වීරයා සම්මානය ශකීබ් හිමිකර ගත්තා

මෙය බංගලාදේශයේ 100වන ටෙස්ට් තරගය වන අතර ශ්‍රී ලංකාවට එරෙහිව ලබා ගත් පළමු ජයග්‍රහණයද වෙනවා

scroll to top