ප‍්‍රමුඛ පෙළේ මූල්‍ය අපරාධ ගැන අපරාධ පරීක්ෂණ කි‍්‍රයාත්මකයි- ජනපති

Maithripala-Sirisena1.jpg

එක්සත් රාජධානිය, ඇමෙරිකාව, ඉන්දියාව, ස්විට්සර්ලන්තය මෙන්ම ලෝක බැංකුවෙන් ලබා දී තිබෙන විශේෂ සහායත් සමග මේ වන විටත් ප‍්‍රමුඛ පෙළේ මූල්‍ය අපරාධ කිහිපයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ කි‍්‍රයාවලිය ආරම්භ කර තිබෙන බව ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඊයේ ආරම්භ වූ දූෂණ විරෝධී අන්තර්ජාතික සමුළුව අමතමින් වැඩිදුරටත් ප්‍රකාශ කළේ පසුගිය සමයේ ඇතැම් පුද්ගලයින් අයථා ලෙස උපයාගත් වත්කම් සම්බන්ධයෙන් තොරතුරු සෙවීමේ කි‍්‍රයාවලිය තවදුරටත් සිදු කරන බවයි.

“දූෂණය, දේශපාලන භීෂණය සහ මානව හිමිකම් උල්ලංඝණය පිළිබඳ බරපතළ චෝදනා සහිත යුගයක් ශී‍්‍ර ලංකාව පසු කළා. ජනතාව විසින් එම තත්ත්වයට එරෙහිව ප‍්‍රතිචාර දැක්වීමේ ප‍්‍රතිඵලයක් ලෙස 2015 ජනාධිපතිවරණයේදී එම පාලනය වෙනස් කර යහපාලන රජය බලයට පත්වුණා,”

“ඒ අනුව ශී‍්‍ර ලාංකීය ජනතාව ප‍්‍රජාතන්ත‍්‍රවාදීව එම දූෂිත පාලනයෙන් සහ ඔවුන්ගේ උදව්කරුවන්ගෙන් මිදුණා. එබැවින් රටින් දූෂණය තුරන් කර දැමීම අපේ මූලික වගකීමක් ලෙස සලකනු ලබනවා.”

scroll to top