පොලොන්නරුව දිස්ත්‍රික් සමුලුවත් සාර්ථකව අවසන්

Purawasi-Balaya.jpg

මාර්තු 12 ව්‍යාපාරය විසින් දියත් කරනු ලබන පිරිසිදු දේශපාලන පුරවැසි මෙහෙයුමේ එකොලොස්වන දිනය අද (23) සාර්ථකව අවසන් කෙරින.

අද පෙරවරුවේ ත්‍රීකුණාමලය නගරයෙන් ආරම්භ කල පිරිසිදු දේශපාලන පුරවැසි මෙහෙයුමේ රථ පෙළපාලිය මින්නේරිය, හිගුරක්ගොඩ හා කදුරුවෙල නගරවල දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වූ අතර අනතුරුව ආගමික නායකයින් හා පක්ෂ විපක්ෂ දේශපාලනඥයින්ගේ ප්‍රධානත්වයෙන් පොලොන්නරුව පුලතිසි බුද්ධි මණ්ඩයේදී පැවැත්වින.

පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් රංජිත් ආරියරත්න මහතාද සමුලුව ඇමතූ අතර උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න මහතා නියෝජනය කරමින් පළාත් සභා මන්ත්‍රී සමන්ත බණ්ඩාර මහතාද එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් දිස්ත්‍රික් සංවිධායක සුජීව ගුණතිලක මහතාද ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් දිස්ත්‍රික් නායක ටී.බී සරත් මහතාද පෙරටුගාමී සමාජවාදී පක්ෂය නියෝජනය කරමින් ඉන්ද්‍රානන්ද සිල්වා මහතාද සමුලුව ඇමතූහ. මෙම සමුලුවට මාර්තු 12 ව්‍යාපාරයේ මෙහෙයුම් කමිටුව නියෝජනය කරමින් රෝහණ හෙට්ටිආරච්චි මහතාද එක්ව සිටියේය.

හෙට (24) පිරිසිදු දේශපාලන පුරවැසි මෙහෙයුමේ දොලොස්වන දිනය වන අතර හෙට මඩකලපුව දිස්ත්‍රික් සමුලුව පැවැත්වීමට නියමිතය.

scroll to top