පොලීසියට එරෙහිව රැකියා විරහිත උපාධිධාරීන්ගෙන් මා.හි. කොමිසමට පැමිණිල්ලක්

සියලු උපාධිධාරීන්ට වහා රැකියා ලබාදෙන ලෙස ඉල්ලමින් කොළඹ දී පැවැති උද්ඝෝෂණ ව්‍යාපාරය අවසානයේ අගමැතිවරයාට සංනදේශයක් බාරදීමට පා ගමනින් අරලියගහ මන්දිරයට ගමන් කළ අවස්ථාවේදී පොලීසිය විසින් එල්ල කළ ඇමෝනියා මිශ‍්‍ර ජල ප‍්‍රහාරයට හා එල්ල කළ කදුළු ගෑස් ප‍්‍රහාරයට සහ උද්ඝෝෂණය අවසානයේ සහෝදරියන් දෙදෙනෙක් සහ සහෝදරයකු අත්තනෝමතික අන්දමින් අත්අඩංගුවට ගැනීමට එරෙහිව අද දින (19) මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදී.

මෙම අවස්ථාවට නීතිඥ චතුර වෙත්තසිංහ මහතා ද සම්බන්ධ විය.