පොපි සැමරුම 2017

Popi-Day.jpg

සන්නද්ධ හමුදාවේ රණවිරුවන් සමරමින් වාර්ෂිකව සිදු කෙරෙන පොපිමල් සැමරුම නිමිත්තෙන් කථානායක කරු ජයසුරිය මහතාට පොපිමල පැලැදවීම අද ( 2017.08.22) දින පෙරවරුවේ සිදු විය.

මේ අවස්ථාවට සේවාමුක්ත භට සංගමය නියෝජනය කරමින් බ්‍රිගොඩියර් කේ.ඒ.ඥාණවිර, රියල් අද්මිරාල් එස්.ආර්. සමරතුංග, ලුතිනල් කර්නල් ඩී.එම් අමරකෝන්,මේජර් ජනරාල් වසන්ත පෙරේරා, දිලානි සේනානායක යන මහත්ම මහත්මිහු එක් වූහ.

පාර්ලිමේන්තු මහලේකම් දම්මික දසනායක, ප්‍රධාන වේත්‍රධාරී අනිල් සමරසේකර ,සහකාර වේත්‍රධාරීවරුන් වන නරේන් ප්‍රනාන්දු ,කුෂාන් ජයරත්න යන මහත්වරුන්ද මේ සඳහා එක්වූහ.

scroll to top