පාර්ලිමේන්තු වාහන සංචිතයෙන් බස් රථ 02 ක්, යතුරුපැදි 01 ක් සිවිල් ආරක්ෂක බලකායට

Karu.jpg

පාර්ලිමේන්තු වාහන සංචිතයෙන් බස් රථ 02 ක්, යතුරුපැදි 01 ක් සිවිල් ආරක්ෂක බලකාය වෙත පරිත්‍යාග කිරීම අද (2017.08.09 ) දින පෙරවරුවේ කථානායක කරු ජයසුරිය මහතා අතින් සිදුවිය.

සිවිල් ආරක්ෂක බලකාය වෙනුවෙන් එහි අතිරේක අධ්‍යක්ෂ ජනරාල් රියල් අද්මිරාල් හේමාල් ප්‍රනාන්දු මහතා විසින් එම පරිත්‍යාගය භාරගනු ලැබිනි.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක, කාර්ය මණ්ඩල ප්‍රධානී නීල් ඉද්දවෙල, සහකාර මහ ලේකම් කුෂානි රෝහනධීර යන මහත්ම මහත්මීහු එක්වූහ.

scroll to top