පළාත් පාලන මැතිවරණය ඉදිරි මාස 6 ඇතුලත පවත්වනවා….

Thalatha.jpg

පළාත් පාලන මැතිවරණය කල් යාමට හේතුව පවතින ආණ්ඩුවේ ප්‍රශ්නයක් නොවන බවත්, එය ඉදිරි මාස 6 ඇතුලත පවත්වන බවත්, සරණාගතයින් යනු මනුශ්‍යයින් බවත්, රෝහින්ග්‍යා සරණාගතයින් පිළිබ`ද ප්‍රශ්නයේදී ඔවුන් සම්බන්ධ සම්මුතීන් යටතේ අදාළ රජයන් අතර සාකච්ඡා වලින් පසු භාර දීමට කටයුතු කරන බවත් අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය, නීතීඥ තලතා අතුකෝරළ මහත්මිය ස`දහන් කරනවා. අමාත්‍යතුමිය මේ අදහස් ප්‍රකාශ කලේ 2017-09-29 වන දින රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් එහිදී මාධ්‍යවේදීන් නැගූ පශ්න හමුවේ පිළිතුරු දක්වමිනි.

මාධ්‍යවේදියා- පළාත් පාලන මැතිවරණය කල් දැමීම සම්බන්ධව ඔබතුමියගේ අදහස මොකද්ද?

මැතිවරණය කල් ගියේ වර්තමාන ආණ්ඩුවේ තියන ප්‍රශ්නයක් නිසා නෙමෙයි.2013 වර්ශයේ තීරණයක් අරගෙන මැතිවරණ බල ප්‍රදේශය අලූතින් ඇති කරන්න ගත්ත තීරණය වගේ දේවල් වලින් තමයි මේ කාලයක් ගියේ. ඒවා අවුරුද්දෙන් දෙකෙන් කරන්න බැහැ.ඇති කරලා තිබුණ කොට්ඨාශ සම්බන්ධයෙන් පුංචි පුංචි ගැටලූ තිබුණා. අලූතින් ආව පළාත් පාලන පණතට අලූත්න් ගෙනාව වෙනස්කම් එක්ක තමයි මැතිවරණයකට යන්නේ. ඉදිරි මාස 6 ඇතුලත පළාත් පාලන මැතිවරණය පවත්වනවා.

මාධ්‍යවේදියා- රෝහින්ග්‍යා සරණාගතයින් සම්බන්ධ ප්‍රශ්නය පිළිබ`ද මොකද්ද අදහස?

සරණාගතයින් කියන්නෙත් මනුශ්‍යයින් කොටසක්. මොකක් හරි ප්‍රශනයක් වෙලා ඇවිත් තියනවා. ඒ සම්බන්ධයෙන් රජයන් අතර සාකච්ජාවන්ගෙන් පස්සේ ඒ අයව භාර දෙන්න කටයුතු කරනවා. මේ රටට උවමනාවකින් අවෙ නැතත් යම්කිසි හේතුවක් නිසා මේ මුහුදු තීරයේ ගමන් කරකොට ඇතිවුනු ප්‍රශ්නයක් නිසා හෝ ඇවිත් සිටිනවා. අපි මනුශ්‍යන් විදියට මේ හැම දෙයක් දිහාම බලන්න ඕනි. සරණාගතයෙක් කියලා අපිට එකපාරට මුහුදට විසිකරලා දාන්න බැහැනේ. ජාත්‍යන්තර සම්මූතීන් තියනවා.

දවසින් දවස ඒකාබද්ධ විපක්ෂය විවිධ මාතෘකා හදාගෙන තියනවා.ඒකටම චීවරධාරී කල්ලියක් ඉන්නවා.ඒක තමයි ප්‍රශ්නය වෙලා තියෙන්නේ.

මාධ්‍යවේදියා- ඔබතුමිය අධිරණ අමාත්‍යධූරට පත්වුනු ප්‍රථම කාන්තාව.යහපාලන ආණ්ඩුවෙන් මිනිස්සු බල=ාපොරොත්තු වුනේ හොරුන්ට දඩුවම් කරන එක. මේ නඩු කටයුතු ප්‍රමාද වෙන එක ගැන මොනවද කියන්න තියෙන්නේ?

තවම මම පත්වෙලා මාසයක්වත් නැහැ. අධිකරණ පද්ධතිය තුල අපි අධිකරණ අමාත්‍යංශයේ කටයුතු කරනකොට අපේ වගකීම හරියට ඉෂ්ඨ කරනවා වගේම නීතියේ ප්‍රමාදය ඇති වීම සම්බන්ධව විමසා බලා අවශ්‍ය පියවර ඉදිරියට ගන්න බලපොරොත්තු වෙනවා. යනුවෙන් අමාත්‍යතුමිය ප්‍රකාශ කළාය.

scroll to top