පහුගිය කාලේ මේ රටේ සුළු ජාතීන් නොසලකා හැරියා…

Thalatha-2.jpg

පහුගිය කාලේ මේ රටේ සුළු ජාතීන් නොසලකා හැරි බවත්, මැර බලය හේතුවෙන් ද්‍රවිඩ ජනතාව පමණක් නොව සිංහල ජනතාවද ඡන්ද මධ්‍යස්ථානවලට ගියේ අමාරුවෙන් බවත් අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය නීතීඥ තලතා අතුකෝරළ මහත්මිය ප්‍රකාශ කළාය. අමාත්‍යතුමිය මේ අදහස් පළකළේ, —පිබිදෙන නිවිතිගල ග්‍රාමිය පාලම් ව්‍යාපෘතිය˜ යටතේ ගරා වැටුණු හොරකදවල රතු පාලම වෙනුවට රුපියල් තුන්කෝටි අසු නවලක්ෂයකට අධික මුදලක් වැය කරමින් නව පාලමක් ඉදිකිරිම සදහා මුල්ගල් තැබීමේ උත්සවයට නොවැම්බර් මස 03 දින එක්වෙමිනි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යතුමිය, —පහුගිය කාලේ මේ රටේ සුළු ජාතීන්ට තිබුණ තැන කවුරුත් දන්නවා. මැර බලය නිසා ද්‍රවිඩ ජනතාව විතරක් නෙවෙයි සිංහල ජනතාවත් ඡන්ද මධ්‍යස්ථානයට ගියේ හරිම අමාරුවෙන්. මැරකම් කරපු පවුලක් මේ ප්‍රදේශවලත් හිටියා. තාමත් ඉන්නවා කියලා ආරංචියි. හිටියට කමක් නෑ තමන්ගේ පාඩුවේ ඉන්න. නැත්නම් මට ඒ අය ගැන තීරණයක් ගන්න වෙනවා. ද්‍රවිඩ සිංහල මුස්ලිම් භේදයක් නැතුව සියළු දෙනාටම එකට ජීවත්වෙන්න ඕනි. ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීමේ වගකීම මේ රජයට තියෙනවා. ජනවාරි 8 වෙනිදා මෛති්‍රපාල සිරිසේන මහත්තයා කිව්වා මේ රටේ සියළු ජාතීන් එකට එක්වෙන්න ඕනි කියලා. අද අපි කිසිම කෙනෙක් ජාතිය ආගම නිසා ඛෙදලා වෙන්කරන්නේ නෑ. අපි සියළු දෙනා එකට ඉන්න ඕනි. එකට වැඩකරන්න ඕනි. මනුෂ්‍යයින් හැටියට ජීවත්වෙන්න ඕනි. ගෝති්‍රකයො හැටියට ඉන්න බෑ. පහුගිය කාලේ එක පවුලක් රජකරගෙන රජ පවුලට වැඳගෙන හිටිය යුගය ඇතැම් අයට අමතක වෙලා තියෙනවා. කාමරේට එන්න කියලා ඇමතිවරුන්ටත් කණපැලෙන්න දෙනවා. ඒ යුගය අමතක වෙලා තියෙනවා අද. දැන් පොහොට්ටුවකින් ඡන්දේ ඉල්ලන්න එනවලූ. මිනිස්සු මාව ප්‍රතික්ෂේප කලා නම් මම ගෙදර යනවා.

අද හොරකම නාස්තිය දූෂණය නැතිකරලා තියෙනවා නම්, පොලිසියට රජයේ සේවකයින්ට ස්වාධීනව සේවය කරන්න පුළුවන් වෙලා තියෙනවා නම්, ඊට වඩා රටක මොනාද බලාපොරොත්තු වෙන්නේ. අපි ලෝකෙත් එක්ක සම්බන්ධ වෙන්න ඕනි. අපි දූපතක ජීවත් වෙන නිසා අපි හිතන්නේ අපි විතරයි ජීවත් වෙන්න ඕනි කියලා. මිනිස්සුන්ගේ දූපත් මානසිකත්වයෙන් රාජපක්ෂ මහත්තයලා පහුගිය කාලේ වැඩ ගත්තා. සුළු ජාතීන් තලා පෙළලා කෝවිල්වලට පල්ලිවලට ගහන යුගයක් ඇති කළා. උතුරේ ජනතාවට එක විදිහටත්, නැගෙනහිර ජනතාවට එක විදිහටත් දකුණේ ජනතාවට එක විදිහටත් අපි සලකන්නේ නෑ. අපි මේ හැමදෙයක්ම හොඳට ඛෙදාහදාගෙන වැඩකරනවා.˜ ලෙස ප්‍රකාශ කළාය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යතුමිය, —පහුගිය කාලේ සමෘද්ධිය හරහා ජනතාව හි`ගන්නො බවට පත්කරලා දේශපාලන අතකොළුබවට පත්කරගත්තා. සමෘද්ධිය දෙනවා ඡන්දේ දෙන්න ඕනි මේකට. අපි ඒ ක්‍රමය නැතිකළා. පහුගිය කාලේ සමෘද්ධිලාභීන් ගැන සමීක්ෂණය කළාම වසමේ ඉන්න සමෘද්ධි නිළධාරියා තමයි ෆෝම් එක පිරෙව්වේ. එයාට ඕනි අයට සමෘද්ධිය දෙන්න ඕනි නිසා. ඊට පස්සේ ගම්වල මිනිස්සු ඇවිස්සුවා සමෘද්ධිය කපන්න යන්නේ කියලා. ඇයි මේ අහිංසක මිනිස්සු රවට්ටන්නේ. බලය ලබාගන්න. රජ පවුලක් වගේ ජීවත් වෙන්න. ලොකු වාහනෙක යන්න. හොරකම් කරලා සල්ලි එකතු කරන්න. අපිට මේ දේවල් කරන්න ඕනි නෑ. බලය කියන දේ සදාකාලික නෑ. අද තියෙන්න පුළුවන් හෙට නැතිවෙන්න පුළුවන්. අපිට පුළුවන් දේ අපි සීමාවක ඉඳන් කරන්න ඕනි. බත් පැකට් එකටයි අරක්කු බෝතලේටයි මිනිස්සු සීටීබී බස්වල රැස්වීම්වලට ගෙනියපු විදිහ අපි අමතක කරලා නෑ. මහින්ද රාජපක්ෂ මහත්තයා ලක්ෂ 1501ක් ඡන්දේ දවස්වල මිනිස්සු ඇද්දට සීටීබී එකට ගෙවන්න ඕනි. මේවා ජනතාවගේ සල්ලි. සමෘද්ධිලාභීන්ට මේ වෙනකොට ස්වයං රැකියා හඳුන්වලා දීලා ජීවත්වීමේ ක්‍රමයක් හදලා තියෙනවා. කිසිම කෙනෙක්ට ජනතාව රවටන්න ලයිසන් දීලා නෑ. ජනතාව අපි ගැන විශ්වාස කළේ වෙච්ච දේවල් හැම එකක්ම වෙනස් වෙයි කියලා බලාපොරොත්තුවෙන්.

වැඩකරගෙන යනකොට අපිට තේරෙනවා එක එක කොටස්වලට කොහොමද සලකලා තියෙන්නේ කියලා. මට වගකීමක් ඇතුව කියන්න පුළුවන් ඉදිරියේදී එහෙම වෙන්නේ නෑ. සෞම්‍යමූර්ති තොණ්ඩමන් මහත්තයා වතුකරයේ ජනතාවට විශාල වැඩකොටසක් කලා. ඔහු නිසා තමයි වතුකරයේ ජනතාවට හැඳුනුම්පත ලැබුණේ. නමුත් ඔහුගේ මුණුබුරා එහෙම නෙවෙයි. අපේ යුතුකම අපි ජනතාව වෙනුවෙන් කරනවා.˜ යනුවෙන් සඳහන් කළාය.
මෙම අවස්ථාවට සබරගමු පළාත් සභා හිටපු මන්ත්‍රී එම්. චන්ද්‍රකුමාර්, නිවිතිගල ප්‍රදේශීය සභා හිටපු විපක්ෂ නායක පියසේන පොල්වත්ත යන මහත්වරුන් ඇතුළු ප්‍රදේශවාසින් එක්ව සිටියහ.

scroll to top