පහුගිය කාලයේ අධිකරණය ස්වාධීනව තිබුණේ නැහැ -ඇමතිනී තලතා අතුකෝරළ

Thalatha-4.jpg

පසුගිය කාලයේ අධිකරණය, රාජ්‍ය සේවය ස්වාධීනව නොතිබූ බවත්, මාධ්‍ය නිදහස නොතිබූ බවත් සංවර්ධනය මුවාවෙන් මුදල් වංචා කළ බවත් අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය නීතීඥ තලතා අතුකෝරළ මහත්මිය ප්‍රකාශ කළා.අමාත්‍යතුමිය මේ අදහස් ප්‍රකාශ කළේ, ඊයේ 2017-09-08 වන දින රුපියල් මිලියන 990 වැය වන රත්නපුර, කහවත්ත, පලන්සූරියගම සිට පොතුවිල දක්වා මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කිරීමට එක්වෙමිනි.

එහිදී අමාත්‍යතුමිය මේ අදහස් ප්‍රකාශ කරන ලදි.—අපි අවුරුදු 2ක් පුරාවට විශාල ජයග්‍රහන රැසක් ලබලා තියනවා. ඒවා පුද්ගලිකව මම ලබපු ඒවා නෙමෙයි. මගේ සහෝදරයා ගැන තිබුණු විශ්වාසය මා කෙරෙහි තියලා 2004 සිට 2015 දක්වා ඒ විශ්වාසය කඩ නොකරපු නිසාත් නිවිතිගල සහ රත්නපුර ඔබ සියලූ දෙනාම මා කෙරෙහි තබපු විශ්වාසයට ලැබුණු දෙයක් විදියටයි මේ තනතුර මම දකින්නේ.

අපි ලබපු අනිත් ජයග්‍රහනය තමයි නිවිතිගල ආසනයේ සංවර්ධනය. සමහරු අවුරුදු 2ක් තුල ප්‍රාතිහාර්ය පාන්න බලන් හිටියා. ෙජ්.ආර්.ජයවර්ධන මහත්තයා 1977 දී 6.5ක බලයක් ලබා ගෙන එදා මගේ අයියා මේ ප්‍රදේශයේ මන්තී්‍ර වෙනකොට පලමු අවුරුදු 2 ඇතුලත සිදු නොකළ වැඩ කොටසක් රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා මෛතී්‍රපාල සිරිසේන ජනාධිපතිතුමා යටතේ මේ රටේ කරලා තියනවා. එහි විශේෂ තැනක් නිවිතිගලට හිමි වෙනවා.
මහින්ද රාජපක්ශ මහත්තයා මේ මැතිවරණය කැමැත්තෙන් කළ එකක් නෙමෙයි. හේතු වුනේ ණය ගත්ත නිසා හිර වුනා. මිනිස්සුන්ගේ අයිතිවාසිකම් නැති කරලා දැම්මා,මාධ්‍ය නිදහස නැහැ.සුදු වෑන් ආවා. හරි දේ ලියන අය අතුරුදහන් කලා. අරලියගහ මන්දිරයට මාධ්‍යවේදීන් කැ`දවලා කිව්වා මේක තමයි මේ මාසේ ලියන්න ඕනි කියලා. අධිකරණයේ ස්වාධිනත්වය ගැන කියලා වැඩක් නැහ. අග්‍රවිනිශ්චයකාරතුමියට වුන දේ කවුරුත් දන්නවා.සරත් ෆොන්සේකා මහත්තයා හිරේ දැම්මා. මොකද අභියෝගයක් වුනා ජන්දය ඉල්ලපු එක. රාජ්‍ය සේවය කිසිම විදියකට ස්වාධින වෙලා තිබුණේ නැහැ. කරන්න ඕනි හො`ද හෝ වැරදි හෝ දෙන තීරණේ.ඒ නිසා තමයි ඊයේ අධිකරණය තීන්දුවක් දුන්නේ. ජනාධිපතිවරණය දවස් වල පෝ්ය දවසක ඇවිත් සිල් රෙදි ඛෙදුවා. මේ රටේ මිනිස්සුන්ගේ මුදල් මිලියන 600ක්. ටෙලිකොම් ආයතනයේ සල්ලිි. ඒ පක්ෂයේ නායකයෝ මේවා ඛෙදුවේ ගෙදරින් ගෙනාවා වගේ.

අද රාජ්‍ය සේවය හො`දින් ස්වාධීනව කි්‍රයාත්මක වෙනවා. පොලීසිය දැන් ඕනවටත් වැඩිය කි්‍රයාත්මක වෙනවා. ඉස්සර පොලීසියට ටෙලිෆොන් එකෙන් කතා කළාමත් නැගිටිනවා. මම දන්නවානේ පොලීසිය ගැන. ශාන්ත දොඩන්ගොඩගේ මරණය වෙලාවේ මේ ප්‍රදේශයේ දැන් හිරේ ඉන්න හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අණ දුන්නේ ඒ සිදුවීම කළ අයගේ නම් යටපත් කරන්න කියලා. ඒ අතරේ කොන්ද කෙලින් ටික දෙනෙක් හිටියා. එදා පොලීසිය කි්‍රයාත්මක වුනේ දේශපාලන අධිකාරිය හරහායි. අද වැඩේ අකුරටම කරනවා. මේක තමයි යහපාලනය.

පහුගිය කාලේ සංවර්ධනය කියලා කලේ සංවර්ධනයට වඩා වැඩි මුදල් ප්‍රමාණයක් හොරකම් කළ එක. ඒවගේ ප්‍රතිඵල බුක්ති විදින්න වෙලා තියෙන්නේ අපිට. අපි ගෙවන්න ඕනි. බිලියන 10,000ක ණයක් එක්ක මේ ආණ්ඩුව ගත්තේ. අපි එක වැඩක්වත් නැවැත්තුවේ නැහැ. අධිවේගී මාර්ග හැදුවා. ඒවයේ හොරකම් කළ මුදල් ගැන කතා කරන්නේ නැහැ. එදා පවුලක් විසින් තීන්දු තීරණ ගත්තේ. ජනාධිපතිතුමා ළ`ග ඉන්නවා ආර්ථීක සභාව. ඒකේ ඉන්නේ ජනාධිපතිතුමයි අගමැතිතුමයි ලේකම්වරු, මුදල් ඇමතිතුමයි. ආර්ථීක කළමණාකරණ කමිටුව තියනවා. අගමැතිතුමා ඒකේ සභාපති. ඒක තීරණය කරනවා ගන්න ණය ප්‍රමාණය කීයද.මිනිස්සුන්ට මේ ණය බර යනවද. පසුව කැබිණට් මණ්ඩලයට ඇවිත් එතනදි අනුමත කරනවා.

අපි දන්වා උමා ඔය කරන්න හිටියේ ඇ.ඩො 136 කින්. අවසානේ ඇ.ඩො 536ක් ණය අරගෙන.දැන් කෑ ගහනවා උමා ඔය හදන්න එපා කියලා.දැන් තමයි පරිසර හානිය මතක් වෙලා තියෙන්නේ.එදා කතා කරන්න බැහැනේ. අද අපිට සන්තෝෂ වෙන්න පුලූවන්. අද උද්ඝෝෂණ කරන්නේ මොකද අහනවා.එදා පාර්ලිමේන්තුවට සයිටම් එක ගැන කරුණු ඉදිරිපත් කළ අයම අද එපා කියනවා.පහුගිය දවස් වල පොලිතින් එපා කිව්වට උද්ඝෝෂණ කලා. මේ ආණ්ඩුව එක්ක ඕනිම කෙනෙකුට අදහස් ප්‍රකාශ කරන්න පුලූවන්. ඒත් ජනාධිපතිතුමත් අගමැතිතුමත් රටට අවශ්‍ය දේ කරන එක මොන විදියටවත් නවත්වන්නේ නැහැ.

පහුගිය දවස් වල ගමේ දේශපාලනය කරන්න බලගෙන ඉන්න සමෘද්ධි නියාමකලා කපපු සමෘද්ධීය ආණ්ඩුව කැපුව කියලා මිනිස්සුන්ට කියනවා. ජන්දය ඉල්ලන්න බලාගෙනනේ ඔක්කොම කලේ.අහිංසක මිනිස්සුනට ලබා දෙන්න තියන සමෘද්ධිය තීරණය කලේ දේශපාලනය මත. දැන් පළාත් පාලන මැතිවරණ සංශේධන පණත සම්මත කළාට පස්සේ ක්ෂේත්‍ර නිළධාරීන්ට ජන්දය ඉල්ලන්න බැහැ. අපි ඇවිත් ඉන්නේ දේශපාලන පලිගැනීම් කරන්න නෙමෙයි. හැම කෙනෙකුටම ශී්‍ර ලාංකික පුරවැසියන් විදියට ජීවත් වීමට අයිතිය තියනවා. රජයක් විදියට නැතිබැරි අයට අත දීලා ඒ අය නගා සිටුවන්න වගකීමක් තියනවා. අපිට පලි ගන්න බැරි කමක් නැහැ.ඒ යුගය අපි වෙනස් කළා.දේශපාලනය විය යුත්තේ රටේ ජනතාවගේ කැමැත්තෙන් වැඩ කටයුතු කරගෙන යන එක. ජාතීන් විදියට අපි ඛෙදෙන්නේ නැහැ.මම අධිකරණ අමාත්‍ය විදියට දිවුුරුම් දීලා මුලින්ම ගියේ නැගෙනහිර පළාතට.

සමහරු අපිට දෝශාරෝපනය කරනවා වැඩ කෙරෙන්නේ නැහැ කියලා.සජිත් මහත්තයා ගෙවල් හදන්න පටන් ගත්ත නිසා තමයි මේ ගමේ දෙවනි අදියර මට පටන් ගන්න පුලූවන් වුනේ. ගයන්ත කරුණාතිලක ඇමතිතුමා ඉඩම් නැති අයට ඉඩම් හදන වැඩපිළිවෙල ස`දහා නිවිතිගලට එනවා. ගාල්ලෙන් පටන් ගත්තා පදිංචි වෙලා කාලයක් ගිහින් ඔප්පු නැති අයට ඔප්පු 4000 අගමැතිතුමාගේ අතින් ලබා දෙන්න. ප්‍රතිඥාවක් දුන්නා අගමැතිතුමා ඔප්පු ලක්ෂයක් දෙනවා කියලා. අද පොලීසිය භාර ඇමතිතුමා ඒක ස්වාධිනව කරගෙන යන්න වටපිටාව හදලා තියනවා. ගොඩබිම කපලා හදපු ලෝකේ එකම වරාය, මිලියන ගණන් පාඩු ලබපු වරායෙන් අද රැකිරක්ෂා බිහි වෙනවා. කර්මාන්තශාලා බිහිවෙනවා. රට විකුණනවාලූ. එතකොට ගෝල්ෆේස් එක ල`ග චීන හෝටල් හදන්න කවුද ඉඩම් වික්කේ. බොරු මත හදන්න එපා. කාලෙකට ස්වාමීන් වහන්සේලාව අවුස්සාගෙන යනවා.මේක ජාති බේධ, කුල බේධ තියාගෙන වැඩ කරන ආණ්ඩුවක් නෙමෙයි.

අද හැම කෙනෙකුටම නිදහසේ ජීවත් වීමේ අයිතිය තහවුරු කරලා තියනවා.මේ හැම දේම කරන්න පුලූවන්කම ලැබුණෙ 2015 ජනවාරි 8 වෙනිදා මෛතී්‍රපාල සිරිසේන ජනපතිතුමා ගැන තියපු විශ්වාසය මත. අපි එතුමව ආරක්ෂා කරනවා. සමහරු හිතනව ජනාධිපතිතුමා හිතුනු වෙලාවට ගෙදර අරින්න පුලූවන් කියලා. ඒක කරන්න දෙන්නේ නැහැ.එතුමට දැනුම් සම්භාරයක් තියනවා. අපේ අගමැතිතුමා මේ රටේ වෙනසක් කරන්න ඕනි කියලා අවසන් මොහොතේ එතුමාට තිබුනු ජනාධිපතිධුරයත් පරිත්‍යාග කළා. මේවා කරලා මේ රට ගත්තේ කාටවත් ඔිනි විදියට සෙල්ලම් කරන්න නෙමෙයි.කාටවත් වැඩේ හරියට කරන්න බැරිනම් ඒක අතට අරගෙන කරන්න අපිට සිදු වෙනවා යනුවෙන් වැඩිදුරටත් ස`දහන් කළාය.

scroll to top