පසුගිය අවුරුදු 7ක 8ක කාලයක් මේ රට දුවන්නේ විගමණික ශ්‍රමිකයින්ගේ මුදල්වලින්…

Thalatha2.jpg

පසුගිය වසර 7ක 8ක පමණ කාලයක් මේ රටට වැඩිම ආදායම ලැඛෙන්නේ විගමණික ශ්‍රමිකයින් උපයන වැටුප් ම`ගින් බවත්, එහෙයින් එම ශ්‍රමිකයින් හා ඔවුන්ගේ පවුලේ ඥාතීන් සම්බන්ධ පූර්ණ වගකීම රජය සතුවන බවත් විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය ප්‍රකාශ කළාය. අමාත්‍යවරිය මේ අදහස් පළකළේ, අම්පාර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ඊයේ දින (2017.08.20) පැවති ශ්‍රමික සුරැකුම ජංගම සේවා වැඩසටහනේදී අදහස් දක්වමිනි.
එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරිය, —පහුගිය අවුරුදු 7ක 8ක කාලය ඉඳන් මේ රට දුවන්නේ පිටරටවල සේවය කරලා බිලියන 7ක ආදායමක් ලබන ශ්‍රමිකයින්ගේ මුදල් වලින්. එතකොට රජයක් හැටියට අපිට වගකීමක් තියෙනවා ඔබ මුහුණ දෙන ගැටළුවලටත්, ඔබගේ දරුවන්ගේ ඉගෙනීම් කටයුතු පිළිබඳවත්, ඔවුන්ගේ සුභසාධනය හා මානසික මට්ටම මේ හැම දෙයක් ගැනම සොයාබලන්න. ඔබ එවන මුදල් මෙහේ හරියට වියදම් කරනවද කියලා බලන්න. අපිට සමහර කාන්තාවෝ කියනවා ගෙදරට මුදල් අරිනවා කිසිම දෙයක් වෙන්නේ නෑ. ගෙදරවත් හදාගන්නේ නෑ කියලා. අම්මා නෑ ඒක නිසා පාසල් යන්න අපි කැමති නෑ කියලා ළමයි පාසල් යන එක අත ඇරලා තියෙනවා. මේවා තමයි අපි මේ ශ්‍රමික සුරැකුම වැඩසටහන මගින් කි්‍රයාත්මක කරන්නේ. වරප්‍රසාදයක් හැටියට ජනාධිපතිතුමාගේ පොරොන්දුවකට අනුව මේ වසර අවසානයේ විගමණික ශ්‍රමිකයින්ගේ විශ්‍රාම වැටුප කි්‍රයාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. එහි හිමිකම් ලැඛෙන්නේ මේකේ ලියාපදිංචි වෙන අයට පමණයි. අපේ මුදල් ඇමතිතුමා අපිට යෝජනා කරලා තියෙනවා තීරු බදු සම්බන්ධයෙන්. තාම මේවා පොරොන්දු එහෙම නෙවෙයි. නැත්නම් කියයි මැතිවරණයක් ළ`ග තියාගෙන තීරු බදු අඩුකරනවා කියලා. මේක එහෙම දෙයක් නෙවෙයි. පිටරටවල සේවය කරලා එන අය රැගෙන එන බඩුවලට මෙහේ බදුවල යම් කිසි වෙනසක් ඇතිකරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ වෙනකොට පාර්ලිමේන්තුවේ කාරක සභාවක් කටයුතු කරගෙන යනවා පිටරටවල ශ්‍රමිකයින්ට ඡන්ද අයිතිය ලබාදෙන්න. මේ කොයි දේ කෙරෙන්නෙත් මේ ශ්‍රමික සුරැකුම වැඩසටහනේ ලියාපදිංචි වුණොත් විතරයි. එහෙම නැතිවුනොත් කාටහරි කරදරයක් වුණොත් කෙලින්ම පත්තරේට කියන්නේ. පහුගිය දවස්වල පත්තරේට එකක් කියලා තිබ්බා මිනියක් එවලා තියෙනවා ඇතුළේ අවයව නැතුව කියලා. අපි දන්නේ නෑ අවයව නැති එක කොහොම හොයාගත්තද කියලා. විදේශ සේවා නියුක්ති කාර්යාංශය ශ්‍රමිකයින් පිළිබඳ වගකීමෙන් කටයුතු කරනකොට අනුරාධපුර පැත්තේ එක්කෙනෙක් මාධ්‍ය හමුවක් තියලා කියනවා වකුගඩුවක් ගන්න යනවා කියලා.

මගෙන් ඊයෙත් කෙනෙක් ඇහුවා විදෙස්ගත වෙන අය ගැන දැන් විතරක් ලොකු ප්‍රසිද්ධියක් ලැඛෙන්නේ ඇයි කියලා. අර කතාවක් තියෙනවනේ ඵල ඇති රුකටයි ගල් ගහන්නේ කියලා. මේකේ වැඩක් කෙරෙනවා දැන්. එහෙම වෙනකොට කොහේහරි පොඩි අඩු පාඩුවක් හොයන්න හදනවා. අර කියන කතා ඔක්කොම සාවද්‍ය දේවල්. කෝ දැන් ඇණ ගිලලා ආපු උදවිය. මම මේ අමාත්‍යංශය භාර ගත්තට පස්සේ ඇණ ගිලලා ආවේ එක්කෙනයි. අපි එයා ගැන ඔක්කොම වාර්තා ගත්තම මේකේ එහෙම සිද්ධියක් නෑ. විදෙස් ගතවෙලා ඉන්න ශ්‍රමිකයින් පිළිබඳව කටයුතු කරන්න රජයක් හැටියට අපිට වගකීමක් තියෙනවා. මේ අය ගැන අපි හොයලා බලලා කටයුතු කරනකොට මාධ්‍ය ම`ගින් අපිටම ගහනවා. අපි මාධ්‍ය ම`ගින් බොහොම ප්‍රසිද්ධියේ ඉල්ලීමක් කරලා තියෙනවා මොකක් හරි ප්‍රවෘත්තියක් පළකරන්න කලින් අපේ අමාත්‍යංශයේ මාධ්‍ය ඒකකයෙන් විමසීමක් කරලා පළකරන්න කියලා. ගල් ගහලා මරන්න කියම වෙච්ච කාන්තාව 2015 දෙසැම්බර් මාසයේ අපි නිදහස් කරගත්තා. මේ අමාත්‍යංශය ගැන හරි අවබෝධයක් නැති කාලේ තමයි 2015 අප්‍රේල් මාසයේ ඒ තත්ත්වයට මුහුණ දුන්නේ. හැබැයි අපිට පුළුවන් වුණා එතුමියට මාධ්‍යයෙන් බේරගන්න. නමයි ගමයි විස්තර කිව්වානම් මෙහේ පත්තරවලින් ගහනවා. එතකොට ඒ මනුස්සයගේ පවුලේ අය මෙහේ ජීවත් වෙනවට හොඳයි මැරිලා යන එක. මේකෙත් පොඩි සදාචාරයක් තියෙන්න ඕනි. අද යහපාලන රජය ම`ගින් නිදහස ලැබුණට කරන කරන හැමදේම විවේචනය කරන්න හොඳ නෑ.˜ යනුවෙන් ප්‍රකාශ කළාය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යතුමිය, —අපි කටයුතු කරන්නේ විදෙස්ගත ශ්‍රමිකයින් පිළිබඳව. ඒ අයට තියෙන ගැටළු. නීත්‍යානුකූල නොවන මාර්ගවලින් විදෙස් ගතවෙන අය ගැනත් අද අපිට අවබෝධයක් තියෙනවා. මෙහෙන් වෙන වෙන නම්වලින් යනවා. එහේ ඛෙල්ල කපන්න ගියාම තමයි මෙහේ කාර්යාංශය මතක් වෙන්නේ. එහෙම නැත්නම් හිරේ වැටුනම තමයි කාර්යාංශය මතක් වෙන්නේ. අපි ශ්‍රමිකයින් යවන එකම රට නෙවෙයි. රටවල් 15ක් 16ක් ඉන්නවා. ඒ හැම එකකම විධිමත් ක්‍රමවේද තියෙනවා. අපේ තමයි බොරු සහතික හදනවා. වංචනික විදිහට උප්පැන්න හදනවා. පාස්පෝට් එක හදනවා. මේ අවුරුද්ද මුලදි ඛෙල්ල කපන්න නියම වෙලා හිටිය කාන්තාවක් අපි බේරගත්තා. එතුමිය මහත්තයයි අවුරුදු 12ක දරුවයි අම්පාර ප්‍රදේශයේ ජීවත් වෙනවා කිව්වා මම බලන්න ගියාම. අඩුම ගානේ දරුවා බලන්න ගියෙත් නෑ. හොර පාස්පෝට් එකක් හදාගෙන දෙවෙනි පාර ගන්න හදනකොට ගුවන්තොටුපොලේදී අපේ නිළධාරීන් ඇල්ලූවා. මේක කරගන්නේ අපි විහින්මයි. මේ තත්ත්වයට පත්වෙලා නීත්‍යානුකූලව නොවන විදිහට ගියාම පත්තරේ දානවා අරම වුණා මෙහෙම වුණා කියලා. අපි මේවා අවම කරගන්න ඕනි.

අපි ජනපි්‍රය වෙන්න හදන ආණ්ඩුවක් නෙවෙයි. අපිට බනිනවනේ හරියට. සයිටම් කියලා එකක් පටන් ගත්තා වෙන කවුරුත්. ඒක නතර කරන්නේ නෑ කියලා ජනාධිපතිතුමාටයි, අගමැතිතුමාටයි බනිනවා මුළු කොළඹම අපහසුතාවයට පත්කරමින් උද්ඝෝෂණය කරනවා. අනිත් පැත්තෙන් උමා ඔයක් ගැන කථා කරනවා. දැන් අලූත්ම එක තමයි සමෘද්ධිය. අපි දන්නේ නෑ මොනවා පදනම් කරගනිමින් සමීක්ෂණය කළාද කියලා. තුන්වේල කනවද කියලත් ඒකෙන් අහලා තියෙනවලූ. ලැයිස්තුව ප්‍රදර්ශනය කරන්න දැම්මම ප්‍රාදේශීය ලේකම් කාර්යාල වට කරනවා. රජය ගන්න කි්‍රයාමාර්ග ප්‍රාදේශීය ලේකම් කි්‍රයාත්මක කරනවා මිසක් මේ කාර්යාල වැටලූවා කියලා කරන්න දෙයක් නෑ. බොහොම පැහැදිලිව කියලා තියෙනවා මේ සමීක්ෂණයක් කරන්නේ. සමීක‍ෂණයේ ප්‍රථීපල අනුව ඉදිරියේදී සමෘද්ධිය කි්‍රයාත්මක කරන්නේ කොහොමද කියලා එස්.බී.දිසානායක ඇමතිතුමා තීරණය කරයි.

හම්බන්තොට විකුණනවා කිව්වා. බණ්ඩාරනායක මහත්තයගේ පිළිරුවත් එක්ක චීනේ ෂැංගි්‍රලා හෝටලයට විකුණපු එක කවුරුත් කතා කරන්නේ නෑ. ජනාධිපති කාර්යාලය ඉස්සරහා අක්කර 5ක් විකුණපු එක කවුරුත් කතා කරන්නේ නෑ. අපේ අගමැතිතුමාට පුළුවන් වුණා සින්නක්කරව දුන්න ඒවා බදුබවට හරවලා ආපහු අපිට පවරගන්න. ලෝකේ තියෙනවා වරායවල් පාලනය කරන සමාගම්. ඒඅ ය ඇවිත් මේවා දියුණු කරන්න ඕනි. හැබැයි මේ වරාය ගිහින් චීනේ හයිකරගන්න බෑ. අපිට අවුරුද්දකට මිලියන 9400ක ප්‍රමාණයක් මේ වෙනුවෙන් ගෙවන්න තියෙනවා. මිලියන 46000ක අලාභයක් මේ රට ලබලා තියෙනවා. මේ හැමදේම කරන්නේ මේ රටේ අහිංසක මිනිස්සු ණය කරන්නේ නැතුව වැඩකරන්නේ. බෝඩ් ගහන්න, කරන එක පෙන්වන්න එහෙම නෑ. අද මට එනකොට ගහන්න තිබ්බා ලොකු බෝඩ් එකක් අම්පාර නගරය මැද. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල අද ජංගම සේවය තියෙනවා රට ගිය කෙනෙක් ඉන්නවා නම් එන්න කියලා. මගෙයි ජනාධිපතිතුමාගෙයි, අගමැතිතුමාගෙයි, නියෝජ්‍ය ඇමතිතුමාගෙයි, දයා ගමගේ මැතිතුමාගෙයි නෝනගෙයි දෙන්නගෙම පින්තූර දාලා. ඒ ගහන්නෙත් ආණ්ඩුවේ සල්ලි වලින්. අපි ඒ වගේ වැඩ කරන්නේ නෑ.˜ ලෙස සඳහන් කළාය.

මෙම අවස්ථාවට ඛනිජ තෙල් සම්පත් නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ මහත්මිය, කාර්යාංශයේ කි්‍රයාකාරී අධ්‍යක‍ෂ උපුල් දේශපි්‍රය මහතා ඇතුළු පිරිසක් එක්වී සිටියහ.

scroll to top