පසුගියදා ඇතිවු ආපදාව ගැන විපක්ෂයේ අය කියන කථා ඇහුවම හිනා යනවා. – අමාත්‍ය කබීර් හෂිම්

අවුරුදු 20 ක් බලයේ ඉදලා අද විපක්ෂයට ගිහිං ස්වාභාවික ආපාදාවකදී එය කළමණාකරණය කරන්න රජයට ශක්තියක් නෑ කීම විහිළුවක් බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂිම් මහතා පවසනවා. ඊයේ මාවනැල්ල ප්‍රාදේශිය ලේකම් කාර්යයාලයේ පැවති ප්‍රාදේශිය සම්බන්ධිකරණ කමිටු රැස්වීම අවසානයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

රටේ දැවෙන ප්‍රශ්ණ අවුරුදු ගනනාවක්  නියපොත්තෙන් කඩන්නට තිබු දේ පොරොවෙන් කපන්නට සිද්ධ වනතුරු බලා සිටි අය අද විවිධ පුරසාරම් දෙසමින් සිටින නමුත් වත්මන් යහපාලන රජය මේ රටේ සෑම දැවෙන ප්‍රශ්ණයකටම ස්ථිරසාර විසදුම් ලබා දීමට කටයුතු කරන බව පැවසීය.

ඒ අනුව පසුගිය ගං වතුරෙන් හානියට පත් නිවාස, දේපල,  මං මාවත් නිසි සැලසුමක් යටතේ නැවත ගොඩනැගීමට රජයෙන් රැපියල් මිලියන 2000 ක් වෙන් කර ඇති බවත් මේ වන විට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ නායකත්වය දරන වත්මන් රජයට ලෝකයේ රටවල් වලින් ලබාදුන් විශාල ආධාර ප්‍රමාණය ද උපයෝගී කරගෙන එම ප්‍රදේශ නැවත යථාතත්වයට පත් කරන බවද පැවසීය.

scroll to top