නීති විරෝධීව විදේශයන් හී රැදී සිටින ශ්‍රී ලාංකීක ශ්‍රමිකයින්ට රජයේ කිසිදු වගකීමක් නැත

ශ්‍රී ලාංකීක ශ්‍රමිකයින් මැදපෙරදිග ඇතුලූ වෙනත් රටවල්වල ලක‍ෂ 15ක පමණ ප්‍රමාණයක් සේවය කරන බවට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඇස්තමේන්තු කර ඇත. මේ අතුරින් වැඩි ප්‍රමාණයක් මැදපෙරදිග ආශි්‍රත රටවල විවිධ ක‍ෂ්ත්‍රයන් හි රැකියා කරන අතර දකුණු කොරියාව, ඊශ්‍රායලය, සයිප්‍රසය, මැලේසියාව, හොන්කොන් සහ ජපානය වැනි වෙනත් කලාපීය රටවල සේවයේ නියුතු බව කාර්යාංශ දත්ත පෙන්නා දෙයි.

විදේශ රැකියා අමාත්‍යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය හා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට මෙම ශ්‍රමිකයින් පිළිබදව ලැඛෙන පැමිණිලි සලකා බැලීමේ දී සැලකිය යුතු ශ්‍රී ලාංකීක ශ්‍රමිකයින් පිරිසක් තම වලංගු විසා කාල සීමාව ඉකුත්වීමෙන් හෝ තම නීත්‍යානුකූල සේවා ස්ථානයෙන් පැන ගොස් නීති විරෝධි ලෙස සේවය කරන බවට කරුණු වාර්තා වී ඇත.

මේ අතරින් වැඩි පිරිසක් දකුණු කොරියාව, ඊශ්‍රායලය, සයිප්‍රසය ඇතුලූව මැදපෙරදිග රටවල නීත්‍යානුකූල නොවන අයුරින් රැකියාවන්හි නියුක්තව සිටින බවට තොරතුරු හෙලිවී ඇත. මෙසේ නීත්‍යානුකූල නොවන අයුරින් සේවයේ යෙදී සිටීම අදාල රටවල නීති රීති උල්ලංඝනය කිරීමක් වන අතර එය දඩ මුදල් ගෙවීම සහ සිරගත කිරීමට හේතුවන වරදක් වේ.

කරුණු එසේ හෙයින් මේ වන විට රටවල් ගණනාවක එනම් දකුණු කොරියාව, ඊශ්‍රායලය, සයිප්‍රසය යනාදී රටවල මෙසේ නීතිවිරෝධිව රැදී සිටින ශ්‍රමිකයින් විවිධ නීතිවිරෝධි කි්‍රයාවල යෙදී සිටීම හා විශේෂයෙන්ම විවිධ අනතුරුවලට භාජනය වීම නිසා රෝහල් ගත කල අවස්ථා ගණනාවක් කාර්යාංශයට වාර්ථා වී ඇත.

මෙයට උදාහරණයක් ලෙස දකුණු කොරියාවේ නීතිවිරෝධිව රැදී සිට සේවය කරන ලද පුද්ගලයෙකු හදිසි අසනීපයක් මත රෝහල් ගතකීරීමෙන් අනතුරුව මියගොස් ඇති අතර ඔහුගේ දේහය ලංකාවට ගෙන ඒම සදහා ශ්‍රී ලංකා මුදලින් රු. ලක‍ෂ 120කට අධික මුදලක් අදාල රෝහලට ගෙවීමට සිදු වී ඇත. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් මෙවැනි නීතිවිරෝධිව සේවය කරමින් සිට සිරගතවීමක දී, රෝහල් ගතවීමකදී හෝ මියගොස් ඇති විටකදී දැරීමට සිදුවන වියදම් පිළිබද වගකීමක් භාර නොගන්නා බවට විවිධ අවස්ථාවලදී ජනමාධ්‍ය මගින් දැනුවත් කර ඇත.

මේ සම්බන්ධයෙන් කාර්යාංශය නැවතත් ඉල්ලා සිටින්නේ තම ඥාතීයෙකු හෝ හිතවතෙකු මෙසේ විදේශගත වී නීති විරෝධිව සේවය කරන්නේ නම් ඔහු හෝ ඇය මේ සම්බන්ධව දැනුවත් කරන ලෙස යි. තම වලංගු වීසා කාලය අවසන් වීමෙන් පසුව තවදුරටත් සේවය කිරීමට අවශ්‍ය නම් එය නීත්‍යානුකූලව සිදු කරගන්නා ලෙසට ඔවුන් දැනුවත් කරන මෙන් ද කාර්යාංශය ඉල්ලා සිටි.

තවද තානාපති කාර්යාලය මගින් ලැඛෙන වාර්ථාවලට අනුව සැලකිය යුතු ශ්‍රී ලාංකීකයින් පිරිසක් කාර්යාංශයේ පූර්ව ලියාපදිංචියකින් තොරව විදෙස්ගතව සේවය කරන බවට කරුණු හෙලි වී ඇත. මෙසේ කාර්යාංශයේ වලංගු ලියාපදිංචියක් නොමැති ශ්‍රමිකයින් හට කාර්යාංශය මගින් කිසිදු සුබසාධන සහනයක් හිමි නොවේ. තවද තම කොන්ත්‍රාත් කාලය අවසන්වීමට පෙර අදාල රටේ ශ්‍රී ලාංකීක තානාපති කාර්යාලය මගින් කාර්යාංශයේ ලියාපදිංචිය අළුත් කරගත හැකි අතර, ඒසේ ලියාපදිංචි නොවී විදෙස්ගතව, සේවා ස්ථානවලින් පැන සේවය කරන්නන් පිළිබදව ඉදිරියේ දී කිසිදු මැදිහත්වීමක් කාර්යාංශයෙන් සිදු නොකරන බවට අවධාරණය කර සිටි.

මෙසේ නීතිවිරෝධිව සේවය කරන ශ්‍රමිකයින් නිසා ශ්‍රී ලංකාවේ විදේශ රැකියා සදහා සුදුසුකම් ලබා ඇති විශාල තරුණ තරුණියන් පිරිසකට මෙමගින් වටිනා රැකියා අවස්ථා නැති වී යන අතර එය ඔවුන් විසින් එම විදේශ රැකියා අපේක්ෂකයින්ට කරනු ලබන බරපතල ද්‍රෝහිකමක් ලෙස සදහන් කල හැකි අතර එය රටවල් සමග ශ්‍රී ලංකාව පවත්වාගෙන යන සමීප සබදතා පලූදුවීමට ද ඉවහල් වන බව තානාපති කාර්යාලවලින් ලැඛෙන වාර්තා පෙන්වා දී ඇත.

scroll to top