නීතිවිරෝධීව පවත්වාගෙන ගිය විදේශ රැකියා ඒජන්සියක් කුරුණෑගලදී වටලයි

foreign-workers.jpg

විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ලද තොරතුරක් මත බලපත‍්‍ර රහිතව කුරුණෑගල, කොළඹ පාර, නො.21 දරණ ස්ථානයේ පවත්වාගෙන ගිය වයඹ විදේශ රැකියා ඒජන්සිය නම් රැකියා නියෝජිතායතනයක් විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් පසුගියදා වටලා තිබේ.

මෙහිදී මෙම ස්ථානයේ තිබී ගමන් බලපත‍්‍ර දෙකක්, විදේශ රැුකියා සම්බන්ධයෙන් පළකරන ලද දැන්වීම් පති‍්‍රකා හා තවත් ලේඛන රාශියක් නිළධාරීන් භාරයට ගෙන ඇත.

මෙම ව්‍යාජ රැකියා නියෝජිතායතනය පවත්වාගෙන ගිය දොඩම්ගස්ලන්ද ප‍්‍රදේශයේ පදිංචි අබ්දුල් මොහොමඞ් නසීම් නම් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු කුරුණෑගල මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.

එහිදී අදාල සැකකරු රු.25,000 ක මුදල් ඇප හා රු.250,000 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලද අතර මේ සම්බන්ධයෙන් ඉදිරි පරීක්‍ෂණ කටයුතු කි‍්‍රයාත්මකව පවතී.

 

scroll to top