නීතිය ක්‍රියාත්මක කරනු ලබන ආයතනවලට ස්වාධීනව සිය වැඩකටයුතු කරගෙන යාමට අවස්ථාව

Sagala.jpg

අමාත්‍ය සාගල රත්නායක මහතා අරලියගහ මන්දිර මාධ්‍ය හමුවේදී සිදුකරන ලද අදහස් දැක්වීම

ලබන ජූලි 11 වනදා සිට 13 වනදා දක්වා කොළඹදී පැවැත්වෙන සාර්ක් රටවල නීතිය හා සාමය (අභ්‍යන්තර කටයුතු/ ස්වදේශ කටයුතු) පිළිබද අමාත්‍යවරුන්ගේ රැස්වීම පිළිබද දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අද (06) සවස අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානී, නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. එම මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් ආමාත්‍යවරයාගෙන් විමසා සිටියේ පසුගියදා කැබිනට් රැස්වීමේදී රටේ නීතිය ක්‍රියාත්මක කිරීම පිලිබදව ගැටළු පවතින බවට ජනාධිපතිවරයා චෝදනා කර ඇති බවයි. ඒ පිළිබද පිළිතුරු ලබාදුන් අමාත්‍යවරයා මෙසේ අදහස් දක්වනු ලැබිණි.

කැබිනට් මණ්ඩලයේ කතාකරන කරුණු මාධ්‍ය සමග කතා කිරීමට කැබිනට් ප්‍රකාශකවරුන් තිදෙනෙකු පත්කර ඇති බවත් ඒ පිළිබද කතා කිරීමට ඔවුන්ට බාරකරන බවද අමාත්‍යවරයා පවසා සිටියේය. මාධ්‍යවේදීන් වැඩිදුරටත් අසන ලද ප්‍රශ්න හමුවේ අමාත්‍යවරයා කියා සිටියේ තමන් නීතියට අනුව හැඳුනු වැදුණු අයෙකු බවත් නීතිය කඩකිරීමට අකමැති බවත්ය. නීතිය ක්‍රියාත්මක කරනු ලබන ආයතනවලට ස්වාධීනව සිය වැඩකටයුතු කරගෙන යාමට අවස්ථාව ලබාදී ඇති බවත් තමන් ඒ සඳහා කිසිදු විටක බලපෑම් නොකරන බවද අමාත්‍යවරයා ප්‍රකාශකර සිටියේය.එසේ ස්වාධීනව කටයුතු කිරීම රජය එම ආයතනවලින් බලාපොරොත්තු වී ඇති කාරණයක් බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.එසේ සිදුවන කටයුතු පසුවිපරම් කිරීමට මීට වඩා ක්‍රමවේදයක් අවශ්‍ය නම් ඊටද වැඩපිළිවෙලක් සකස් කරන බවද අමාත්‍යවරයා පවසා සිටියේය.

එහිදී වැඩිදුරටත් මාධ්‍යවේදීන් ප්‍රශ්නකර සිටියේ වැරදි කරන පුද්ගලයින් ඇල්ලීම පිළිබද අමාත්‍යවරයාගේ අදහස කෙබඳුද යන්නය. එහිදී කරුණු පැහැදිලි කල අමාත්‍යවරයා කියා සිටියේ මේ රටේ අමාත්‍යවරුන් පත්කරනුයේ ජනපති හා අගමැතිවරයාගේ එකඟතාවයෙන් ජනපති බවත් තමන් ජනාධිපතිවරයා ඉදිරියේ දිව්රුම්දුන් අයෙකු බවත් අමාත්‍යධුරයක් ලැබීම තමන්ගේ අයිතිවාසිකමක් නොවන අතර පාර්ලිමේන්තුවට ජනතා ජන්දයෙන් පත්වීම මත පාර්ලිමේන්තු මන්ත්රිධූරය තමන්ගේ අයිතිවාසිකමක් වන බවද කියා සිටියේය. නමුත් තමන්ට අදාල අමාත්යංශය ලබාදීමෙන් පවරන ලද වගකීම සියයට සියයක් එහා ඉටුකර ඇති බවත් එම තමන්ගේ වගකීම බවත්ය.එසේ උවද එම වගකීම වෙනස්කර වෙනස්කර වෙනත් වගකීමක් පවරනු ලැබුවද එයද සියයට සියකින් ඉටුකරන බවද අමාත්‍යවරයා කියා සිටියේය.

මාධ්‍යවේදීන් පසුගිය කැබිනට් රැස්වීමේ කතාවූ කරුණු පිළිබද දිගින් දිගටම අමාත්‍යවරයාගෙන් විමසීමේදී කියා සිටියේ ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ අවසරයක් ඇතිව වෙනත් මාධ්‍ය සාකච්ජාවක් කැඳවා එම කරුණු සඳහා පිළිතුරු ලබාදිය හැකි බවයි. තමන්ට සැඟවීමට කිසිවක් නොමැති බවත් තමන්ගේ ආත්ම ගරුත්වය සියල්ලටම වඩා වටිනා බවද අමාත්‍යවරයා අවධාරණයකර සිටියේය

scroll to top