නිරුවත්කර පහර දීම මානසික ලෙඩක්ද ?

aid421038-728px-Jump-over-Your-Own-Leg-Leg-Jump-Dance-Move-Step-1.jpg

පේරාදෙණිය විශ්වවිද්‍යාල පලුමු වසරේ සිසුන් අට දෙනකුට දෙවන වසරේ සිසුන් 15 දෙනුකු විසින් අමානුෂික ලෙස නවක වාදය දීම සම්බන්දෙයෙන් එම ජ්‍යෙෂ්ට සිසුන් 15 දෙනා ලබන මාර්තු දෙවනදා තෙක් රිමාන්ඩ් බන්ධනාගර ගත කරන ලෙස මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත
රුපියල් 10000 කට කුලියට ගත නිවසක මෙම නවකවද වදකාගාරය පවත්වාගෙන ගොස් ඇති අතර සිසුන්ට නොයෙක් ආකාරයේ ලිංගික අඩන්තේට්ටම් සිදුවන ආකාරයට මෙම නවක වදය සිදු කර ඇති බව පැවසේ

විශ්ව විද්‍යාලයේ පාලනාධිකාරයත් සමග පොලිසිය අදාල ස්ථනය වටලන අවස්ථාවේදීත් සිසුන් නිරුවතින් සිට ඇති බව පැවසේ .සැකකාර සිසුන් වෙනුවෙන් පෙනීසිටි නීතඥවරු පවසා ඇත්තේ සාමාන්‍ය විශ්වවිද්‍යාල සම්ප්‍රදායට ගැලපෙන ලෙස කොණ්ඩය කොටට කැපීමත් ඇතුළු සාමාන්‍ය සිදුවීම් කීපයක් පමණක් සිදුවී ඇති නිසා ඔව්න්ට ඇප ලබා දෙන ලෙසයි .කෙසේවෙතත් මහේස්ත්‍රාත් අදිකරණයකට මෙවෙනි සිද්දියකදී ඇප ලබා දිය නොහැකි බැවින් සකකාර සිසුන් 15 දෙන බන්ධනාගාර ගත කරන ලෙස දැනුම් දී ඇත .

මෙම සිද්දිය සම්බන්ධයෙන් අප මානසික විශේෂඥ වරයකුගෙන් විමසු අතර ඔහු පවසා සිටියේ මෙය සිසුන් දෙපිරිසටම බලපාන ප්‍රශ්නයක් බවයි .නවක වදයට ලක් වූ සිසුන් පසුකාලීනව විෂාදය, බිය ,සහ පශ්චාත්ව්‍යසන ක්ලමත යනාදී රෝග වලට ගොදුරු වීමේ හැකිය හැකියාව ඇති බවත් නවක වද ලබා දුන් සිසුන්ටත් මින් ඉදිරියට සිදුවන්නනා වූ සහ මුහුණ දීමට සිදුවන ගැටළුකාරී තත්ත්වය නිසා රෝග වලට ගොදුරු වීමේ හැකියාව ඇති බවත්ය.

scroll to top