නිර්මාංශික සමාජයක් බිහි කිරීම උදෙසා දෙවන ආසියානු සත්ව අයිතිවාසිකම් පිලිබඳ බෞද්ධ සම්මේලනය

ඉහළයන ආදායම් සහිත නැගී එන ආර්ථිකයන් තුල පාරිභෝගික රුචිකත්වයන් වෙනස් වීම සහ මස් නිශ්පාදන වියදම් සහ මස් මිල ගණන් පහල යාම ආදී සාධක හේතුවෙන් ලොව අන් සියළු කෘෂිකාර්මික වෙළඳ භාණ්ඩ පරයා ගෝලීය මස් පරිභෝජනය ඉතාමත් වේගයෙන් වර්ධනය වෙමින් තිබේ. පසුගිය දශකය තුල ශ්‍රී ලංකාවේ මස් පරිභෝජනය සහ මස් නිශ්පාදන ඉහළ ගොස් ඇති අතර, ඉදිරියේ දී එය තවත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. ශ්‍රී ලංකාවේ මස් පරිභෝජකයන් විසින් වැඩිපුරම අනුභව කරන සත්ව ප්‍රෝටීන් මූලාශ්‍රය කුකුල් මස් වන අතර, ඌරු මස්, එළු මස් සහ හරක් මස් සඳහා ද ඉහළ රුචිකත්යක් පවතී. සිල්ලර කඩවල සිට සුපිරි වෙළඳසල් ජාලයන් දක්වා රටේ සෑම තැනකම මෙම මස් වර්ග විකිණීමට ඇති නමුත්, බහු වාර්ගික සහ බහු සංස්කෘතික රටක් වීම හේතුවෙන් මෙම මස් වර්ග අනුභවය ප්‍රවර්ධනයට ඇතැම් ආගමික සහ සංස්කෘතික මතයන් හරස් වී ඇත.

2003-2015 කාල සීමාව තුල ශ්‍රී ලංකාව තුල ඝාතනය කොට ඇති ගවයින් සංඛ්‍යාව 200,000 සිට 170,000 දක්වා පහළ බැස ඇත. කෙසේ වෙතත් මෙම සංඛ්‍යාව ලියාපදිංචි ඝාතකාගාර තුල ඝාතනය කොට ඇති ගවයින්ගේ සංඛ්‍යාව පමණි. මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික් දෙක ඇතුලත් වන නැගෙනහිර පළාත ශ්‍රී ලංකාවේ වැඩිපුරම ගවයින් සංඛ්‍යාවක් ඝාතනය කරනු ලබන පළාත වේ.

මාංශ අනුභවය කෙරෙහි බලපෑම් ඇති කරගන්නා වූ ආගමික සහ සමාජ සංස්කෘතික අදහස්වලට අමතරව, මාංශ අනුභවය අඩු කිරීමට ඉතා බලවත් සෞඛ්‍ය හේතුවක් ද තිබේ. 2015 වසරේ දී, සිද්ධි අධ්‍යයන 800 කට වඩා ඇගයීමෙන් පසුව, රතු සහ පිරිසකසන ලද මස්වල පිළිකා අවදානම පිළිබදව ලෝක සෞඛ්‍ය සංවිධානය සිය තීන්දුව ප්‍රකාශ කරන ලදී. සොසේජ් සහ හැම් වැනි පිරිසකසන ලද මස් වර්ග “නිසැකවම“ පිලිකා සදහා හේතුවක් ලෙස මේ වන විට හේතුවක් ලෙස මේ වන විට වර්ගීකරණය කර ඇති බව සදහන් කිරීම තැති ගන්වන සුළු අතර, රතු මස් ද පිලිකා සදහා හේතුවක් විය හැකි බව හදුනා ගෙන තිබේ. මෙහි බරපතල බව හදුනා ගත යුතු අතර. ඒ පිලිබදව සාමාන්‍යය මහජනයා දැනුවත් කිරීම සදහා යෝග්‍ය ක්‍රියාමාර්ග ගත යුතුය. විශේෂයෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානයේ පිලිකා කාරක ද්‍රව්‍ය ශ්‍රේණිගත කිරීමට අනුව රතු මස් සහ ග්ලයිෆොසේට් යන දෙකම එකම කාණ්ඩයකට අයත් වේ. (ග්ලයිෆොසේට් යනු දැනට ශ්‍රී ලංකා රජය මගින් තහනම් කර ඇති වල් පැල නාශකයකි.)

ඇමෙරිකා එක්සත් ජනපදයේ, කැලිෆෝනියා හි, සැන් ඩියගෝ මූලස්ථානය කර ගත් ලාභ අරමුණු කර නොගත් නොවන සංවිධානයක් වන ‘ධර්ම වොයිසස් ෆෝ ඇනිමල්ස්‘ සංවිධානය 2011 වසරේදී හිටපු මානව හිමිකම් නීතිඥයකු වන බොබ් අයිසැක්සන් මහතා විසින් ස්ථාපිත කරනු ලැබු අතර එක්සත් ජනපදයේ වාසය කරන ශ්‍රී ලාංකික භික්ෂුවක වන පූජ්‍ය භාන්තේ සති ස්වාමීන් වහන්සේ ඇතුළුව හය දෙනෙකුගෙන් යුතු අධ්‍යක්ෂ මණ්ඩලයක් මගින් මෙහෙයවනු ලැබේ. එම සංවිධානයේ මේ වන විට ලොව පුරා රටවල් 58 ක සාමාජිකයන් දහස් ගණනක් සිටින අතර මාහාද්වීප 04ක ශාඛා සංවිධාන 27 ක් තිබේ. කොළඹ සහ මහනුවර පවතින සක්‍රිය ශාඛා සංවිධාන ඇතුළුව ශ්‍රී ලංකාවේ එහි ශාඛා තුනක් තිබේ. කොළඹ ශාඛා සංවිධානය 2015 ඔක්තෝබර් මාසයේදි ස්ථාපනය කරනු ලැබු අතර නීති කොමිසමේ ගරු නීති උපදේශකයකු ලෙස කටයුතු කරමින් සිටියදී, සත්ව සුබසාධන පනත් කෙටුම්පත කෙටුම්පත් කිරීමේ කටයුතු මෙහෙයවීමේ මුලිකත්වය ගෙන කටයුතු කළ නීතිඥ සේනක වීරරත්න එහි ප්‍රධානත්වය දරයි. පශු ශල්‍ය වෛද්‍යවරයකු මෙන්ම 2015 ඔක්තෝබර් මස පිහිටුවන ලද මහනුවර ශාඛා සමිතියේ නායකයා වන වෛද්‍ය චමිත් නානායක්කාර මහතා සුනඛයන් 900,000 ක් ඩිම්බඡේදනය කළ සහ අලිංගික කළ විශාල පශු වෛද්‍ය සංවිධානයක ප්‍රධානියා වන අතර එම සුනඛයන්ට සහ තවත් සතුන් විශාල සංඛ්‍යාවකට නොමිලේ ප්‍රතිකාර ලබා දී ඇත.

අනගාරික ධර්මපාල පරෝපකාර පදනම 47 වසරකට පෙර පිහිටුවන ලද අතර එහි ප්‍රධාන අරමුණ වන්නේ රට තුළ බුදු දහම ආරක්ෂා කිරීම සහ ළමුන් හා යොවුන් පිරිස් කෙරෙහි විශේෂ අවධාරණය සහිතව සමාජය වෙනුවෙන් වටිනාකම් පාදක අධ්‍යාපනය හා ජීවන රටාව වෙනස් කිරීම ප්‍රවර්ධනය කිරීම ඇතුළුව අනගාරික ධර්මපාල චින්තනය සහ අදහස් ප්‍රවර්ධනය කිරීමයි. වර්තමාන සභාපතිවරුන් වන්නේ ගරු නවීන් දිසානායක මහතා (වැවිලි කර්මාන්ත අමාත්‍ය ) සහ සංවිධානයේ ආදි කර්තෘ ජයන්ත සුමනසේකර මහතාය. සත්ත්ව සුබසාධනය සහ විශේෂයෙන්ම මස් ආහාරයට ගැනීම නැවැත්වීම මගින් ශාඛමය ආහාර ප්‍රවර්ධනය කිරීම ආමන්ත්‍රණය කරන “ අභයදාන කමිටුව” නම් කමිටුවක් ඇතුළුව විවිධ ගැටළු සහ වැදගත් කරුණු ආමන්ත්‍රණය කරන ජාතික මට්ටමේ කමිටු 17 ක් ඇත. සියළුම පළාත් සහ දිස්ත්‍රික්කවල පිහිටුවනු ලබන පළාත් හා දිස්ත්‍රික් මට්ටමේ කමිටුද තිබේ. බෞද්ධ නිකාය හතරේම නියෝජිත භික්ෂූන් වහන්සේලා මෙම සංවිධානයයට එක්ව සිටියි.

ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානයක් වන Dharma Voices for Animals (සතුන් වෙනුවෙන් දහම් හඬ) අනගාරික ධර්මපාල පරෝපකාර පදනම සමඟ එක්ව 2017 ඔක්තෝබර් 26 වැනි බ්‍රහස්පතින්දා දින කොළඹ 05, ශ්‍රී සම්බුද්ධ ජයන්ති මාවතේ අංක 32 දරන ස්ථානයේ පිහිටි ශ්‍රී සම්බුද්ධ ජයන්ති මන්දිර ශ්‍රවනාගාරයේදී දෙවැනි ආසියානු බෞද්ධ සත්ත්ව අයිතිවාසිකම් සමුළුව පැවැත්වීමට ඒකාබද්ධ අනුග්‍රාහකත්වය සපයනු ඇත. එය ශ්‍රී ලංකාවෙන් මෙන්ම විදේශීය රටවලින්ද කීර්තිමත් කථිකයන් ගණනාවක් සහභාගි වන එක් දින සමුළුවක් වන අතර 400ට අධික දෙස් විදෙස් නියෝජිතයන් සංඛ්‍යාවක් ඊට එක්වනු ඇත. බෞද්ධ චර්යා ධර්ම සහ වටිනාකම් මත පදනම්ව හුදෙක් ශාඛමය ආහාර පමණක් ගැනීම/මස් මාංශ ආහාරයට නොගැනීම ප්‍රවර්ධනය කිරීම සඳහා පමණක් කැපවූ මෙවැනි ජාත්‍යන්තර සමුළුවක් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ප්‍රථම අවස්ථාව මෙය වනු ඇත.

සම්මේලනයේ ප්‍රධාන අරමුණු පහත දැක්වේ.

01. සත්ව හිංසනයෙන් වළකින ලෙසට සහ ශාක ආහාර පමණක් අනුභව කරන ලෙසට සියළුම බෞද්ධයන් වෙතින් ඉල්ලා සිටිනු ලබන DVA ශ්‍රී ලංකා ව්‍යාපෘතිය ප්‍රවර්ධනය කිරීම

02. සතියකට අවම වශයෙන් එක් දිනක් ශාක ආහාර අනුභව කරන ලෙසට සහ වෙසක් උත්සවය සමරන මාසය තුළ මාංශ ආහාර ගැනීමෙන් වළකින ලෙසට සියළුම බෞද්ධයන්ට ඉල්ලා සිටීම.

03. තමන් වහන්සේලාට දානය ලෙස ශාක ආහාර පමණක් පිළිගන්වන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින ලෙස සහ ශාක ආහාර පමණක් දානය ලෙස අනුභව කරන ලෙස බෞද්ධ භික්ෂූන් වහන්සේලාට ආයචනා කිරීම.

04. ගව ඝාතනය තහනම් කරල ලෙස ඉල්ලා සිටීම සහ

05. තව දුරටත් ප්‍රමාද කිරීමකින් තොරව සත්ව ශුභසාධක පනත් කෙටුම්පත සම්මත කරන ලෙස ඉල්ලා සිටීම.

ශ්‍රී ලාංකිය ජාතිය වඩාත් නිරෝගී ජාතියක් බවට පත් කිරීම සඳහා අවශ්‍ය ජවය එක් රැස් කරනා අනිකුත් බොහෝ වැඩ සටහන් සහ ජයග්‍රහණයන් සඳහා පිය මං සකසන නව මාවතක් විවර කිරීම සහ සියළුම සත්වයන් වෙත විහිද යන වඩාත් මානුශීය හා පරිපූර්ණ ගුණදම් වැඩි දියුණු කිරීම මෙම සම්මේලනයේ අරමුණයි.

DVA ශ්‍රී ලංකා ව්‍යාපෘතිය ආරම්භ කිරීමට අමතරව “ නිර්මාංශ සඳුදා දිනය” යන වැඩසටහන ද මෙම සම්මේලනයට සමගාමීව ප්‍රචලිත කරනු ලබනවා ඇත.

scroll to top