නැවත ගොඩනැගීමේ සැළසුමක් සහිතව විදේශ ආධාර කණ්ඩායමක් කැඳවිය යුතුයි

විදේශ රටවලින් බෙහෙත් ආධාර, ආහාර ආධාර ලබාගන්නවා වෙනුවට රජය කළ යුත්තේ දිගු කාලීන පුනරුත්ථාපන වැඩසටහනක් සඳහා කටයුතු කිරීමයි. මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා මෙම අදහස් පළ කළේ දෙස් විදේස්හි දේශපාලන හා සමාජයීය කාරණා විශ්ලේෂණය කරමින් තම ෆේස්බුක් පිටුවට අදහස් එක් කරමිනි.

ආසන්න වශයෙන් ගංවතුරෙන් බලපෑමට ලක් වූ පවුල් සංඛ්‍යව එක් ලක්‍ෂහැට දහසකට අධිකයි. ඒ වගේම රටේම ජනතාවගෙන් හයලක්‍ෂයකට අධික පිරිසක් මෙයට මුහුණ දුන්නා.දැන් අප ඉදිරියේ තිබෙන ගැටළුව, මේ සම්බන්ධයෙන් අපි අනාගතයට පිය මනින්න සූදානම් වෙන්නේ කෙසේ ද යන්නයි. ඇත්තටම කෙටි කාලීන වශයෙන් ශ‍්‍රී ලංකාව මේ ගංවතුර උවදුර නිසා ඇතිවෙච්ච ආර්ථික සමාජ අර්බුදයෙන් ගත යුතු ය. ශ‍්‍රී ලංකාවේ අපි බොහෝ දුරට මේ ඛේදවාචකයන් යොදා ගන්නේ ඒ ඒ පක්ෂවල දේශපාලන වාසිය ලබාගැනීමට. එහෙමත් නැත්නම් පුද්ගලයින් තමන්ගේ දේශපාලන වාසිය සඳහා තමයි මේ කටයුතු යොදා ගන්නේ. ආධාර බෙදාදීම් වෙනත් මැදිහත්වීම් තමන් විසින් සිදු කළාය, එහෙමත් නැත්නම් තමන්ගේ පක්ෂය විසින් සිදු කළාය කියලා පෙන්වන්න දරණ උත්සාහය එක පැත්තක්. අනෙක් පැත්තෙන් මේ ඛේදවාචකයට ආණ්්ඩුව වගකිව යුතුයි කියන ප‍්‍රකාශ නිකුත් කිරීම තවත් පැත්තක්. ඉතාම පටු අත්තනෝමතික ආකාරයට මේ ඛේදවාචකයන් තමන්ගේ දේශපාලන ප‍්‍රතිරූප ඉහළ නංවා ගැනීම සඳහාත් ඒ වගේම තමන්ගේ පක්ෂ සංවිධාන ආදිය ඉහළ නංවා ගැනීම සඳහත් යොදාගන්නා ආකාරය අපට මැනවින් පෙනෙනනවා.

අපි මෙහිදී අවබෝධකර ගත යුතු දෙයක් තිබෙනවා ලංකාවේ විවිධ අවස්ථාවල මෙවැනි අර්බුද අපිරිමිත විදිහට විවිධ ආණ්ඩු යටතේ ඇතිවෙලා තිබෙනවා. මේ මෑත කාලයේ මෙවැනි සිදුවීම් ඇති වූ අවස්ථා තුනක් තමයි 2003, 2010 සහ 2016. මේ අවස්ථා තුනේ දීම බරපතල ගංවතුර උවදුරුවලට මුහුණ දුන්නා. විවිධ ආණ්ඩු ඒ අර්බුදවලට මුහුණ දුන්නා. 2003 දී නම් එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව. ඒ වගේම 2010 දි නම් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආණ්ඩුව. 2016දී මේ යහපාලන ආණ්ඩුව. මේ ආකාරයට බලනකොට විවිධ ආකාරයට මහාපරිමාණ ගංවතුර ප‍්‍රශ්ණවලට රට මුහුණදීලා තිබෙනවා. ඒ වගේම නියං අර්බුධවලටත් මුහුණ දී තිබෙනවා. 2001 දී මහාපරිමාණ නිය`ගයකට මුහුණ දෙන්න එවකට පැවතිච්ච පොදුජන එක්සත් පෙරමුණ ආණ්ඩුවට සිදු උණා. ඒ වගේම 2011 – 12 වකවාණුවේදී එවකට තිබූ මහින්ද රාජපක්ෂ මහත්මයාගේ මූලිකත්වයෙන් පැවති එක්සත් ජනතා නිදහස් සන්ධානයට මුහුණ දෙන්න සිදු උනා. ඒ වගේ විවිධ ආණ්ඩුවලට විවිධ අවස්ථාවල විවිධ ප‍්‍රශ්නවලට මුහුණ දෙන්න සිදුවෙලා තිබෙනවා. ඒ අවස්ථාවල ආර්ථික ප‍්‍රශ්න පැන නගිනවා. මොකද නිෂ්පාදනය කඩා වැටෙනවා. යම් යම් ආකාරයක මිනිසුන්ගේ පරිභෝජනයන් සීමාවෙනවා. ඒ දෙපැත්තෙන්ම දළදේශීය නිෂ්පාදනයට බරපතල බලපෑමක් එල්ල වෙනවා. බරපතල නියං තත්වයක් හමුවේ අපේ ආර්ථිකය ඍණ අතට ගමන් කරපු අවස්ථාත් අපට දැක ගන්න පුළුවන්. ඇත්තටම පසුගිය වසරේ කෘෂිකර්ම ක්‍ෂෙත‍්‍රයේ 11% ක පමණ පසුබෑමක් තිබෙනවා. මේ 11% ක පසුබෑමට එක්තරා දුරකට නියං තත්වයත්, සමාජ තත්වයනුත් බලපෑව බව හැමෝම දන්නවා. මෙය අපේ ආර්ථික වර්ධන වේගය අඩුවීමට ප‍්‍රධාන සාධකයක්.

2001 වසරේදී මෙවැනිම ප‍්‍රශ්නයක් මත විදුලිබල ක්‍ෂෙත‍්‍රයේත්, කෘෂිකර්ම ක්‍ෂෙත‍්‍රයේත් ත‍්‍රස්තවාදීන්ගෙන් එල්ල වූ ගැටළු නිසා පරිභෝජනය හා නිෂ්පාදනයට බාධා පැමිණීමෙන් ආර්ථිකය ඍණ තත්වයක් ඇතිවෙච්ච ආකාරයත් අපි දැක්කා. ඉතින් ඒ නිසා මේ තත්වයන් අපි වාහාම ආර්ථිකයේ බලපෑමෙන් ඔබ්බට ගැනීමට වැඩසටහන් තැනිය යුතුයි. අද මේ තිබෙන ප‍්‍රශ්නය නිසා ඇතිවෙලා තිබෙන තේ වගාවට, එළවළු, පළතුරු වී වගාවන්වලට එල්ලවෙලා තිබෙන අභියෝගය ජන ජීවිතයට එල්ලවෙලා තිබෙන අභියෝගය, විශේෂයෙන්ම ආපදාවට ලක්වෙච්ච පවුල් ලක්ෂ එකහාමාරකට අධික ප‍්‍රමාණයක පරිභෝජනයට එල්ලවෙලා තිබෙන අභියෝගය මේ සියල්ලම නිසා දළ ජාතික නිෂ්පාදනය බරපතල ප‍්‍රශ්නයක් මතුවෙලා. විශේෂයෙන්ම මේ කාරණය නිසාම ඒ ප‍්‍රදේශවල නිෂ්පාදන පරිභෝජන ක‍්‍රියාවලි දෙකටම තියුණු පීඩනයක් එල්ලවීම නිසා එය පැහැදිලිවම රටේ ආර්ථිකයට බලපෑම් ඇති කෙරෙනවා.

අපේ රටේ තිබෙන එක්තරා ආකාරයක හොඳ ගුණයක් තමයි සමාජ සත්කාරය. එය වෙනත් රටවල දකින්න නැති තත්වයක්. මේ අර්බුදයට අපේ ජනතාව මුහුණ දුන් වහාම, අපේ විහාරස්ථාන, ඒ වගේම සමාජසේවා සංවිධාන ඒ වගේම ජනමාධ්‍ය ජාලයන් පුද්ගලයින්, විවිධ සංවිධාන ඇතැම් පරිත්‍යාගශීලි පිරිස් වැඩි ප‍්‍රචාරයකින් තොරව මෙම මැදිහත්වීම්වලට සිදු කරනවා. ඒ මගින් හු`ගාක් දුරට ආණ්ඩුවක් විසින් හා සමාජයක් විසින් දරන්න තියෙන පීඩනය ඉවත් වෙලා යනවා. විශේෂයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ සිදුවෙච්ච ගංවතුර උවදුරු, ඒ වගේම ඉතාලියේ සිදුවෙච්ච භූමි කම්පා මෙවැනි කාලවල්වලදී බටහිර රටවල්වලට පවා මෙවැනි අනාතවීම් දරා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. මොකද ඒ රටවල තිබෙන පුද්ගලාභිවාදනය නිසා. ඒ පුද්ගලාභිවාදනය නිසා මගේ මුදල් ඇයි මම තවත් කෙනෙක් වෙනුවෙන් යොමු කරන්නේ කියන ප‍්‍රශ්නය මතුවෙලා තිබෙනවා. බොහෝ බටහිර රටවල, නිදහස් අධ්‍යාපනය, සෞඛ්‍ය, දුගියන්ට නිවාස තැනීම්වැනි දේවල්වලට එරෙහිව සමාජ මතයක් ඇතිවෙලා තිබෙන්නේ ඒ නිසයි. ඔවුන් අහන ඉතාම සරළ ප‍්‍රශ්නය ඇයි මගේ මුදල් වලින් අනුන්ගේ දරුවන්ට උදව් කරන්නෙ. ඇයි මගේ මුදල්වලින් අනුන්ට බෙහෙත් හේත් අරන් දෙන්නේ කියලා. ඇයි මගේ මුදලින් තවත් අයට නිවාස තනා දෙන්නේ කියන ප‍්‍රශ්නය ඇසීමයි.

මේක කිසියම් ආකාරයට දක්ෂිණාංශික ජනකාන්තවාදීන්ගේ ප‍්‍රවණාතවයක් මුළු බටහිර ලෝකය පුරාම පැතිර පවතින අවස්ථාවක්. නමුත් ලංකාවේ කිසිම කෙනෙක් එවැනි ප‍්‍රශ්න අහන්නේ නැහැ. එවැනි වූ ආත්මාර්ථකාමී විමසුමක් මේ රටතුළ වෙන්නේ නැහැ. ඒ මොකද මේ රටේ පරාර්ථකාමී සංස්කෘතියක් බුදු දහම පදනම් කරගෙන ඇතිවෙච්ච නිසා. ඒක වෙනත් ආගම්වලටත් ද ගලාගෙන ගිහිල්ල වෙනත් ආගමික කණ්ඩායම්ද අද වෙනත් රටවල නැති ආකාරයට සංවිධානය වීමෙන් කටයුතු කරන බව අපට පෙනී යනවා. ඉතින් මේ නිසා මෙය අපට අලූත් අත්දැකීමක්. එ වගේම මෙය ගෝලීය ප‍්‍රශ්නයක්. මේ ප‍්‍රශ්නය අපට ඇතිවුණේ අපේම ගැටළුවක් නිසා නෙමෙයි. අපි කඳු මුදුන්වල තේ වගා කරලා, කඳු මුදුන්කරා යන පාරවල් ඇති කරලා විදුලිය ලබාදීලා, ජලය ලබාදීලා, ජනාවාස ඇති කිරීමෙන් අක‍්‍රමවත් ආකාරයට දේශාපාලන බෝඞ් ලෑලි එල්ලා ගැනීමට මංමාවත් කාපට් කිරීම ආදිය කිරීමෙන්, ඉතාම කලබලයෙන් ජනාවාසකරණයන් කිරීමෙන් අපි ඉතාමත්ම බරපතල ප‍්‍රශ්න ගණනාවක් හදාගෙන තිබෙනවා. රත්නපුර, කළුතර, ගාල්ල, ආදී දිස්ත‍්‍රික්කවල තිබෙන කුඩා තේවතු බොහොමයක මේ අර්බුදය තිබෙනවා. දැනට මහාපරිමාණ තේවතු තිබෙන බදුල්ල, මාතලේ, නුවරඑළිය, මහනුවර වැනි දිස්ත‍්‍රික්කවල අපි තව අර්බුදයක් හදාගෙන තිබෙනවා. ඒ තමයි ජනප‍්‍රියවීම සඳහා වතු කම්කරුවන්ට පර්චස් 5,6 ගානේ බෙදාදීලා තිබෙනවා. ඒවයේ ඒ අය එළවලූ වගා කිරීම් ආදිය සිදු කරනවා. මේ සියළුම ආකාරයේ ජනාවාස ඉතාම බරපතල අනතුරක තිබෙන්නේ. අයගමට, කලවානට වැටුනා වගේ මිලිලීටර් 500 කට අධික වැස්සක් එක දිනක් ඇතුළත මේ ප‍්‍රදේශවලට ඇද වැටුනොත් මේ සියළුම ජනාවාස ගිනිපෙට්ටි ගහගෙන යනවා වගේ, මහජලකඳක ගසාගෙන යනවාට කිසිම සැකයක් නැහැ. ඇත්තටම වතුකරයේ ජනතාවගේ ජීවිත ඉතාම භයානක අනතුරක තිබෙන්නේ ඒ සඳහා විධිමත් සැලසුමක් කි‍්‍රයාත්මක නොකළහොත්.

රජය දැන් කළ යුත්තේ විදේශ රටවලින් බෙහෙත්, ආධාර, ආහාර ලබාගන්නවා වෙනුවට දිගු කාලීන පුනරුත්ථාපන වැඩසටහනක් සඳහා කටයුතු කිරීමයි. දැනටමත් මවිසින් මේ අදහස කැබිනට් මණ්ඩලයටත්, ඒ වගේම අතිගරු ජනාධිපතිතුමාටත් ඉදිරිපත් කර තිබෙනවා. අපි අනිවාර්යයෙන්ම ආධාර කණ්ඩායමක රැුස්වීමක් කැඳවලා අපේ පුනරුත්ථාපන වැඩපිළිවෙල, නැවත ගොඩනැගීමේ වැඩපිළවෙල ඉදිරිපත් කළ යුතුයි. ඒ නැවත ගොඩනැගීමේ වැඩපිළිවෙලට, නිවාස නැවත විධිමත්ව නිර්මාණය කිරීම, ගම්මාන නිර්මාණය කිරීම, මංමාවත් නිර්මාණය කිරීම, නගර නිර්මාණය කිරීම, යටිතල පහසුකම් නිර්මාණය කිරීම වගේම මෙවැනි දේශගුණික විපර්යාසවලට මුහුණ දිය හැකි නිවාස පංති හා ජනාවාස පංති ඇතිකිරීම කළ යුතුයි.

අපේ අනාගත භෞතික සැලසුමේ ජනාවාස සෑම තැනකම ඇතිකිරීම, වගුරුබිම්වල, පරිසර සංරක්‍ෂණ බිම්වල, කඳුයායවල්වල, ඇතිකිරීම වෙනුවට ජනාවාස උචිතව ඇතිකර ගත්තේ කවර ප‍්‍රදේශවල ද කියන එක ගැන අවබෝධයක් ඇතිකරගෙන සියළුම ජනාවාස ඒ දෙසට සංක‍්‍රමණය කළ යුතුයි. ඒ නිසා අනාගත සංවර්ධනයට එකතු කළ යුතු ඉතාම වැදගත් සාධකයක් තමයි දේශගුණ විපර්යාසවලට ඔරොත්තු දෙන විදිහේ පාරිසරික සමාජ තත්වයන් පිළිබඳව සැලකිල්ලට ගත් ජනාවාසකරණය. ශ‍්‍රී ලංකාවේ ජනගහණය දැනටමත් ඉතාම අධික ජනගහන ගණත්වයක් අපට තිබෙන්නේ. ඒ වගේම ඒ ජනගහනය වැඩිවෙමින් තිබෙනවා. එ ජනගහණය විවිධ පරිසර සංවේදී ප‍්‍රදේශවලට සංකේන්ද්‍රණය වෙමින් තිබෙනවා. එම නිසා අපි නැවත වතාවක් මේ ජනගහණය නිෂ්චිත ආකාරයට පදිංචිකරන ආකාරය කෙසේදැයි කියා බැලියි යුතුයි. ඒ සඳහා අපි මහාපරිමාණයෙන් ජාතික වැඩසටහනක් ඉදිරිපත් කළ යුතුයි. අපේ අමාත්‍යාංශය මගින් බලාපොරොත්තු වෙනවා ඉදිරි මාස කිහිපය ඇතුළත ලංකාව පුරාම විධිමත් සමීක්‍ෂණයකින් පසු භෞතිකමය වශයෙන් ජනතාවට ජීවත් විය හැකි කලාප මොනවාද? ඒ කලාපවල යටිතල පහසුකම්, මාර්ග සහ අනෙකුත් පහසුකම් ඇති කරන්නේ කොහොමද කියන එක ගැන විධිමත් සැලසුමක් ඇති කරන්න. විධමත් සැලසුම්ක් රටට යෝජනා කරන්න. ඇත්ත වශයෙන්ම පක්ෂ පාට දේශපාලනයෙන් තොරව, පක්ෂවල වාසිය තකන පටු ආත්මාර්ථකාමී ප‍්‍රකාශ මුග්ධ ප‍්‍රකාශ මෝඩ ප‍්‍රකාශ නොකර අපි රටට විධිමත් වැඩපිළිවෙලක් ඉදිරිපත් කරනවා.

සෑම දේශපාලඥයෙක්ම පස් අවුරුද්දකින් පසසේ ඡුන්දයකට මුහණ දෙන නිසා ජනප‍්‍රිය වැඩ කිරීමට ඔවුන් පෙළඹෙනවා. නමුත් ඔවුන් ඊ ළ`ග ඡුන්දය ගැන හිතනවා මිසක්, අනාගත පරම්පරාව ගැන කල්පනාකරන්නේ නැහැ. එනිසා කඳු යායවල් වේවා, රජයේ ඉඩම් වේවා පර්චස් කිහිපයක් ලබාදීම තමයි සිද්ධ කරන්නේ. දැනටමත් අපට පේනවා සමහර දේශපාලන උසි ගැන්වීම් නිසා මේ අනතුරට පත් වෙච්ච ජනතාව රජයේ ඉඩම්වල පදිංචිවීමේ දර්ශන අපට දැක ගන්නට පුළුවන්. රත්නපුරේ බුලත්සිංහල, ගාල්ල ආදී සෑම තැනකම. එනිසා මේ තත්වය අපි වාහාම නතර කරලා නැවත වතාවක් ඔවුන්ට ස්ථාවර ජීවන තත්වයක් ඇතිවන ආකාරයේ ජීවන මට්ටමක් ඇති කළ යුතුයි. ඒ නිසා විධිමත් ජනාවාස සැලසුමක්, යටිතල පහසුකම් සැලසුමක් හා නාගරික සැලසුමක් සහිත ආධාර කණ්ඩායමකට ඉදිරිපත් කරන නැවත ගොඩනැංවීමේ වැඩපිළිවෙලක් අපි සැලසුමක් සකස් කර ඉදිරිපත් කරලා ඒ වෙනුවෙන් කි‍්‍රයාකළොත් ආර්ථිකයට එල්ලවෙලා තිබෙන මේ බරපතල ඍනාත්මක බලපෑම අපට ධනාත්මක බලපෑමක් බවට පරිවර්ථනය කර ගත හැකියි. රටපුරාම සිටින ධානපතියන්ගේ දායකත්වය වගේම විදේශරටවල ඉන්න අපේ දානපතියන්ගේ දායකත්වයත්, විදේශ රටවල දායකත්වයත් අපට ළඟාකරගත හැකිවෙනවා. මේ අවස්ථාවේ අප විසින් පක්ෂ පාට භේදයෙන් තොරව සිදු කළ යුත්තේ එය යැයි පැවසීය.

  • nisa

    The idea is good to review the settlements. If locals tell no politician or layman will accept. So better to get advice from at least from a foreigner. otherwise local engineers, scientists , geologist and well wisher are ready to help.

scroll to top