නාකොලගනේ සුමන ස්වාමීන්වහන්සේට ප්‍රධාන අධිකරණ සංඝනායක ධූරයක්

නාකොලගනේ සුමන ස්වාමීන්වහන්සේ නැගෙනහිර තමන්කඩුව එගොඩපත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක ධූරයට පත් කිරීමේ අක්තපත්‍ර ප්‍රදානය පසුගිය දා (2017-04-10) දෙහිඅත්තකණ්ඩිය මාවනාගම ශ්‍රී බෝධිනන්දාරාමයේ දී කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි. එම අවස්ථාවට කථානායකවරයා සමග ඒ.එච්.එම් ෆවුසි ඇමතිවරයා සහ මන්ත්‍රීනි ශ්‍රියානි විජේවික්‍රම, නැගෙනහිර පළාත් සභාවේ සභාපති චන්ද්‍රදාස ගලප්පත්ති යන මහත්ම මහත්මීහුද එක් වූහ.

scroll to top