නව ව්‍යවස්ථාවේ බුදු දහමට ඇති තැන කුමක්ද?

පසුගිය සතිය හරිම ඓතිහාසික සතියක් අපේ නිදහස් ශ්‍රිලංකාවේ ත්‍රියිනිකියික මහ නායන ස්වාමින් වහන්සේලා ඒකාබද්ධව ඉදිරිපත් කල ප්‍රබලම ප්‍රකාශය රටට නිකුත් වුණේ ගිය සතියේ. මිට කලින් ජේ ආර් ජයවර්ධන ජනාධිපතිතුමාගේ කාලෙත් ඒවගේම චන්ද්‍රිකා කුමාරනතුංග මැතිනියගේ කාලයෙත් ත්‍රියිනිකායික මහ නායන ස්වාමින් වහන්සේලා ඒකාබද්ධව ප්‍රකාශයන් කරනු ලැබුවා. නමුත් එහි ස්වරය ඉතාමත් මෘදුයි. මේවර ඉතාමත් දැඩි ප්‍රකාශයක් මහා නායක ස්වාමින් වහන්සේලා කලා. අලුත් ව්‍යවස්ථාව හකුලා ගන්න මේ රටට මේ මොහොතේ අලුත් ව්‍යවස්ථා අවශ්‍ය නෑ. බලහත්කාරයෙන් අතුරුදහන් කිරිම වැළැක්විමේ පක්ඥප්ති පනත අකුල ගන්න. රණවිරුවන්ට කළ ගුණ දක්වන්න ඔන ජාතියක් අපි ඒ විතරක් නෙවෙයි කුණු වේවි වේවි තියෙන සයිටම් ප්‍රශ්නයට වහාව විසදුමක් දෙන්න යන ආදි වශයෙන් වැඩ බැරි ආණ්ඩුවේ ප්‍රගති වාර්තාව බලලා මහා නායක ස්වාමින් වහන්සේලා ලකුනු බින්දුවක් දලා තියෙනවා. මහනුවරින් ඇසුණු ඒ සිංහ නාදයට පස්සේ ආණ්ඩුවේ නායනයින් හැසිරුනේ හරියට උඩු බුරලා බුරලා ඉවරවෙලා සිංහ නාදය ඇසුනු ගමන් බල්ලා වල්ගය කකුල් දෙක අස්සේ ගහගෙන දුවන තාලය තමයි ආණ්ඩුවේ නායයන්ගෙන් හැසිරීම දැක්කේ. ජනාධිපතිතුමා මහනුවරට දිව්වා අගමැතිතුමා පාර්ලිමේන්තුවට දිව්වා ඇවිල්ලා තැන් දෙකේ ඉදන් ප්‍රකාශ කරනවා අනේ අපේ හාමුදුරුවනේ අපි නම් බුද්ධාගමට අතතියන්න ලැස්ති වුනේ නෑ. එහෙනම් අපි වෙන්න ඇති කරන්න හැදුවේ. ජනාධිපතිතුමා මහා නායක ස්වාමින් වහන්සේලාට ප්‍රකාශ කරනවා අපි අලුත් ව්‍යවස්ථාවකට කෙටුම් පතක්වත් හදලා නෑ කවුරුහරි ඔබවහන්සේලා නොමග යවලා කියලා. ජනාධිපතිතුමා ඇමති මණ්ඩලයේ වෙනදේවල් දැන ගන්නේ ඉස්සර නම් පත්තරෙන් දැන් නම් රුපවාහිණියෙන්. අවසනාවකට වැදගත් දවස් වල පත්තරය සහ රුපවාහිණිය බලන්න බැරිවෙලා. එතුමගේ දියුනුවක් තියෙනවා පත්තරේ බැලුවාම සිද්ධිය වේවදාට පහුවදා තමයි දැන ගත්තේ දැන් රුපවාහිණිය බලන නිසා එදා දවසේම රෑවෙනනොට තත්වය දැන ගන්නවා. හැබැයි ජනාධිපතිතුමා නොදන්න දේ තමයි 2015 මැයි මාසයේ ලාල් විජේනායක මහජන අදහස් දැන ගැනීමේ කමිටුව ඉදිරිපත් කරපු වාර්තාවේ ඉතාම පැහැදිලිව කියලා තියෙනවා ඒ කමිටුවේ හිටියා සමාජිකයන් 19දෙනෙක්. මේ 19 දෙනාගෙන් බුද්ධිගමට ප්‍රමුඛස්ථානය දෙන නව වන වගන්තිය ඒ අයුරින්ම පවත්වා ගතයුතුයි කියලා නිර්දේශ කළේ 19 දෙනාගෙන් දෙදෙනෙක් පමණයි. ඒවගේම ශ්‍රිලංකාව ඒකීය රාජ්‍යයක් වන්නේය කියන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දෙවැනි වගන්තිය ඒ අයුරින්ම පවත්වා ගත යුුතුයි කියලා ඔය 19 දෙනාගෙන් කිව්වේ එකම එක්නෙක් විතරයි. ඒ ලේකන මහ නායක ස්වාමින්වහන්සේලා දැකලා තියෙනවා.

ඊළගට 2016 ආගොස්තු මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කලා අනුකමිටු වාර්තා 6ක්. මේ අනුකමිටු වාර්තා 6න්ම යෝජනා කරලා තියෙන්නේ ශ්‍රිලංකාව ෆෙඩරල් කරන්න. ජනාධිපතිතුමා නොදැන හිටියට අපේ මහ නායක ස්වාමින් වහන්සේලා අනුකමිටු වාර්තාත් දැකලා තියෙනවා. ඒ වගේම 2016 දෙසැම්බර් මාසයේ පාර්ලිමේන්තුවට ගිහිල්ලා බුද්ධාගමට අතනොතබමි කියලා ප්‍රතිඥ දුන්න අගමැති රනිල් එතුමාම දෙනවා මිත්‍රවරුනේ ව්‍යවස්ථා සම්පාදන මෙහෙයුම් කමිටුවට යෝජනා වලියක් ඒ යෝජනා වලියේ බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබා දෙන යෝජනාව වෙනුවට විකල්ප යෝජනා 5ක් යෝජනා කරලා තියෙනවා. අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ යෝජනා වලියේ ශ්‍රිලංකාව ඒකීය රාජ්‍යයක් වන්නේය කියන වාක්‍යය වෙනුවට විකල්ප වගන්ති 6ක් යෝජනා කරලා තියෙනවා. අගමැතිතුමාට මට පේන විදිහට මිත්‍රවරුනේ ඉතාම භායානක රෝගයක් වැළදීලා තියෙනවා. ඒකට කියන්නේ අවසියා මතකාබාධා අවාසි දේවල් අමතක වෙනවා. ඒතුමා මෙහෙයුම් කමිටුවට ඉදිරිපත් කරපු එක එතුමට දැන් මතක නෑ. පාර්ලිමේන්තුවට ඇවිත් කියනවා අපි එහෙම යෝජනාවක් ඉදිරිපත් කරලත් නෑ. තාම යෝජනා වලියක් හදලත් නෑ. මේක මේ හුබස් බියක් ඇති කරනවා කියලා. ජනාතා විමුක්ති පෙරමුණේ බිමල් රත්නායක මනිත්‍රිතුමාත් මාධ්‍ය ඉස්සරහට එනවා දැන් මේ ක්‍රෝන්ත්‍රත් එක බාර ගත්ත සියළුම දෙනා කැලබුණා. හනෙන්වත් බලාපොරොත්තු වුණේ නෑ මහ නායක ස්වාමින් වහන්සේලා මෙච්චර තද ප්‍රකාශයක් කරයි කියලා. බිමල් රත්නායක මන්ත්‍රිතුමා කියනවා මහනායක ස්වාමින් වහන්සේලා හරි වැරදියි අලුත් ව්‍යවස්ථාවේ අන්තර්ගතය දැන කිසිම අදහසක් නැතුව මෙවැනි ප්‍රකාශ කරන එක වැරදි කියලා පාර්ලිමේන්තුවේ අලුත් ව්‍යවස්ථාව හදන මෙහෙයුහ් කමිටුවේ ඉන්න බිමල් රත්නායක මන්ත්‍රිතුමා මේ ලේකන දැකලා නැති වුණාට අපේ ත්‍රියිනිකායික මහ නායක ස්වාමින් වහන්සේලා ඒ ලේකන දැක්කා විතරක් නෙවෙයි ඒ පිළිබද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විශාරද නීතිඥ මහතුන්ගෙන් දේශපාලන විද්‍යාව පිලිබද ආචාර්ය උපාධිධාරි විද්වතුන්ගෙන් හොද විවරණයක් අරගෙන දැනමුතුකම් අරගෙන තමන්ගේ හිතේ තිබුනු කුකුසන් විසදාගෙන තමයි ත්‍රියිනිකායික මහ නායක ස්වාමින් වහන්සේලා මේ ප්‍රකාශය කළේ. මහ නායක ස්වාමින් වහන්සේලා හොද අවබෝධයෙන් කරපු ප්‍රකාශයක් තමයි මේ අය අද රට නොමග යවන්න හදන්නේ.

57 පටන් ආ ෆෙඩරල් කුමන්ත්‍රණ පරාජය කළ ජාතියේ මුර දේවතාවෝ

රවුෆ් හකීම් ඇමතිතුමා කියනවා මහ නායක ස්වාමින්වහන්සේලාට කලබල වෙන්න දෙයක් නෑ බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබා දීලා තියෙන වගන්තියට හැමෝම එකගයි. පාර්ලිමේන්තුවේ කවුරුවත්ම මේකට විරුද්ධ නෑ. පට්ටපල් බොරු මිට කලිනුත් මේ වගන්තියට අත තියන්නේ නෑ කියලා ජනාධිපතිවරයා ප්‍රකාශ කලාම එම් ඒ සුමන්දිරම් මන්ත්‍රිතුමා පාර්ලිමේන්තුව ඇතුලේ ප්‍රකාශයක් කලා ජනාධිපතිතුමාගේ ප්‍රකාශය වැරදියි අපි ඒ වයගන්තියට එකගවෙන්න සූදානම් නෑ කියලා හැන්සාඩ් වාර්තාවේ සටහන් වෙලා තියෙනවා. ඒ නිසා අද වැඩේ වැරදුණු නිසා අද තරගෙට බොරු කියන්න පටන් අරගෙන තියෙනවා. ජනාධිපතිතුමාට අගමැතිතුමාට මහනායක ස්වාමින් වහන්සේලාට සෘජුවම පහර දීම සියදිවි හානිකර ගැනීමක් නිසා අද ඩොලර් කාක්කන් ලවා පහර දෙනවා. NGO කුක්කන් ලවා උඩු බුරලනව මහ නායක ස්වාමින් වහන්සේලාට උන්වහන්සේලා බය වෙයි. අහනවා මහ නායක ස්වාමින්වහන්සේලාට මේ රටේ ව්‍යවස්ථාව හදන එක තිරණය කරන්න තියෙන බලය මොකක්ද කියලා. අනේ NGO කුක්කන් නොදැන සිටියට ඩොලර් කාක්කන් නොදැන සිටියට 1957 ඉදන් මේ රට ෆෙඩරල් කරන්න හදපු සෑම වේලාවකම ඩොලර් කාක්කන් එකග වුණා මහානායක ස්වාමින් වහන්සේලා විරුද්ධ වුණ නිසා තමයි කර ගන්න බැරි වුණේ. 58 වැඩේ වැරදුනෙත් මහානායක ස්වාමින් වහන්සේලා නිසා 65 වැඩේ වැරදුනෙත් මහානායක ස්වාමින් වහන්සේලා නිසා 87 වැඩේ වැරදුනෙත් මහානායක ස්වාමින් වහන්සේලා නිසා 2000 වැඩේ වැරදුනෙත් මහානායක ස්වාමින් වහන්සේලා නිසා 2002 කරගන්න බැරි වුණෙත් මහානායක ස්වාමින් වහන්සේලා නිසා. මහා සංඝ රත්නය ජාතියේ මුරදේවතාවන් විදිහට ඉන්න නිසා තමයි මේ රට කෑලි කෑලි වලට කඩන ව්‍යවස්ථා ගෙන්න බැරි වුණේ. ඒ නිසා NGO කුක්කන්ට කරන්න බැරි දේ ඉතිහාසය පුරා කළේ මහා සංඝ රත්නයයි. ඩොලර් කාක්කන් ඒක නොදැන සිටියට මහා සංඝරත්නයට මේ රටේ තියෙන බලය ගැන රට කරවන නායකයිනට නම් හොද දැනුමක් තියෙනවා. ඒ නිසා තමයි මිත්‍රවරුනේ මේ ආණ්ඩුව ආපු ගමන් මේ අය උත්සාහා කලා තේරවාදී කතිකාවත් පනත කියලා පනතක් ගෙනැල්ලා හාමුදුරුවන් බණ කියන එක පවා පාලනය කරන්න. හාමුදුරැවන්ගේ බණට වචනයක් වැරදුනොත් අල්ලගෙන ගිහිල්ලා හිරේ දාන්න පුළුවන් නීතියක් ගෙනාවා. අපි ඒක ශේෂ්ඨාධිකරනයට ගිහිල්ලා නතර කර ගත්තා. ඊළගට ගෙනාවා විහාර දේවාල ගම් අඥා පනතට සංශෝදනයක්. ඒ සංශෝදනයේ හැටියට පන්සලක ආදායම බලලා ඒකෙන් ප්‍රතිශතයක් ආණ්ඩුවේ භාණ්ඩාගාරයට මාරු කර ගන්න ආණ්ඩුවට බලය ලැබෙනවා. අපි ඒකත් නතර කලා. ඇයි මේ නීති ගෙන්නේ එතකොට තමයි හාමුදුරුවන්ට තර්ජනය කරන්න පුළුවන් ආණ්ඩුවට ඔන විදිහට අනුසාසනා නෙකලොත් ආණ්ඩුවට එරෙහිව අදහස් ප්‍රකාශක කලොත් හාමුදුරුවන්ව හිරේ දාන්න නීතිමය බලය ලැබෙනවා. පන්සලේ ආදායම ආණ්ඩුවේ කර ගන්න නීතිමය බලය ලැබෙනවා. මේ දෙකම අසාර්ථක වුනාම සුද්ධගේ කාලේ හදපු විහාර දේවාලගම් පනත පාවිච්චි කරලා පින් කැටේට සිල් තිබ්බා. ඊට පස්සේ බුද්ධශාසන කොමසාරිස් හිරිකිතයක් නැතුව මාධ්‍ය ඉස්සරහට ඇවිත් කියනවා අපිට එහෙම කරන්න නීතිමය බලය තියෙනවා. කෝවිලට එන ආදායම හොයන්න බැරි ආණ්ඩුව පල්ලියට එන ආදායම හොයන්න බැරි ආණ්ඩුව කොහොමද පන්සලේ ආදායම ගැන විතරක් හොයන්න නීතිමය බලයක් ලැබුනේ. මේක සුද්දා හදපු යල්පැන ගිය නීතියක්. සුද්දා මේ නීතිය හදා ගත්තේ මොකටද 1818 අපේ නිදහස් අරගලයේ දී නායකත්වය දුන්නේ වාරියපොළ සුමංගල හාමුදුරුවන් ඇතුළු මහා සංඝරත්නය. 1848 අපේ නිදහස් අරගලයට නායකත්වය දුන්නේ මහා සංඝරත්නය. ඒ නිසා මහා සංඝරත්නය පාලනය කරන්න ගෙනාපු සුද්දාගේ නීතිය පාවිච්චි කරලා තමයි මේ ආණ්ඩුව පින් කැටේට සිල් තිබ්බේ. මේ අයට ඔනැ කරන්නේ මිත්‍රවරුනේ අපේ රටේ ස්වාමින්වහන්සේලා දේශපාලන කටයුතු වලින් ඇත් කරලා තියන්න.

බෙලහීන භික්ෂු පරපුරක් ඇතිකරීමේ ආණ්ඩුවේ උත්සාහය

ආණ්ඩුවේ ඇමතිවරු කියනවා පාර්ලිමේන්තුවේ දී තායිලන්තය හරි ශෝක් රටලු 95% බෞද්ධයෝලු ඉන්නේ හාමුදුරුවන් හරිම සිල්වත්ලු. දේශපාලනකටයුතු වලට නම් මැදිහත් වෙන්නේම නෑලු. තායිලන්තයේ 95% බෞද්ධවන් සිටියත් හාමුදුරුවන්ට දේශපාලනයට මැදිහත්වෙන්න බැරි නිසා තමයි මේ මහා බෞද්ධ රටක් ආසියාවේ ගණිකා මඩම බවට පත්වෙලා තියෙන්නේ ආසියාවේ මහා තැබෑරුම බවට පත්වෙලා තියෙන්නේ බෞද්ධ භික්ෂුන් වහන්සේලාට තායිලන්තයේ දේශපාලණයට මැදිහත්වීමට නොහැකි වීම නිසයි. මම ගිය මාසයේ ලාඕසයේ සංචාරයක නියැළුනා. ලාඕසයේ භික්ෂුන් වහන්සේලා කොච්චර දුරුවලද කියනවනම් පෝයට පන්සලේ තියෙන කටින පිංකම දවසට පන්සල ඇතුලේ වාහන වලින් ඇවිත් බියර් විකුණනවා. ස්වාමීන් වහන්සේලාට මුකුත් කරන්න බෑ. නමුත් ලංකාවේ පන්සල ආසන්නයේවත් බියර් විකුනන්න ආවොත් ස්වාමීන් වහන්සේලාි මොනතරම් උද්ඝෝෂනයක් කරනවාද? නමුත් ලා ඕසයේ එහෙම බෑ. තායිලන්තයේ එහෙම බෑත අන්න එහෙම බෙලහීන භික්ෂු පරපුරක් හදාගන්නයි මේ ආණ්ඩුව උත්සහ දරන්නේ.

හැබැයි ශ්‍රී ලංකාවේ තියෙන්නේ රණ කාමී බුද්ධාගමක්. ථේරපුත්තාභය හාමුදුරුවන්ගෙන් පටන් ගත්තම ඉතිහාසය පුරා සිටි අපේ යතිවරු මව්බිමට ජාතියට ආගමට අනතුරුක් අවම සිවුරු පැත්තකින් තියල කඩුව අරගෙන යුද්ධයට ගියා. පාරසතුරන්ට එරෙහිව ආයුධ ගනින් කියල ජනතාවට කියන්නේ මහා සංඝරත්නය. ආයුධ ටික එකතු කරල හංගල තියන්නේ ගමේ පන්සලේ. අනන් ඒ රණකාමී බුදු දහම නිසා තමයි ඉන්දුනීසියාවේ මැලේසියාවේ බංගලිදේශයේ ඇෆ්ගනිස්ථානයේ ඉරානයේ වගේ බෞද්ධ රටවල බුදු දහම අතුරුදහන් වෙද්දි මේ පුංචි දූපතේ පමණක් පිරිසිදු බුදු දහම ඉතිරිවෙලා තියෙන්නේ. අන්න ඒක නැති කරන්නයි මේ මහා සංඝ රත්නයට අත තියන්න උත්සහ කරන්නේ.

සිංහයා අවදිවී ඇත

ඒ වගේම අද මේ ආණ්ඩුව බලහත්කාරයෙන් අතුරුදන් කරවූවන් ආරක්‍ෂා කිරීම සඳහා වූ පනත් කෙටුම්පත ගෙන ආවා. මොකටද මේ . අපේ රණවිරුවන්ට දඩුවම් කරන්න. මේ අපුරු පනතේ හැටියට තමන්ගේ නම හෙළි නොකරන පුද්ගලයෙක් දෙන සාක්සියක් මත අපේ රණවිරුවන්ට දඩුවම් කරන්න පුළුවන්. ඒ වගේම පිටරට විමසන නඩුවකට අපේ රණවිරුවෙක් අවශ්‍යයි කිව්වොත් ආණ්ඩුව බැදිල ඉන්නවා මහින්ද රාජපක්ෂ ජනපතිතුමන් ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්තුමන් ඇතළු යුද්ධයට සම්බන්ද අය පිටරට පටවන්න. මේ තරම් පාවාදීමක් ලෝකේ කිසිම රටක් රණ විරුවන්ට කර නැහැ. මේ ප්‍රඥප්තිය මෙතරම් හොදයිනම් මේක කරන්න කියලා අපිට අපදෙස් දෙන අපිට බල කරන ඇමරිකාව එංගලන්තය ඔස්ට්‍රේලියාව කැනඩාව මේක නොකලේ ඇයි. අපි රහෙම අහද්දි ආණ්ඩුවට උත්තර නෑ. අපි ආණ්ඩුවට එක දෙයක් කියනවා.

අපි දන්නවා සිංහය කියන්නේ මහා කම්මැලි සතෙක්. සතියටම දවසක් නැත්නම් දෙකයි සිංහය දඩයමක් කරගන්නේ. නැතිනම් සිංහයා දවස පුරා ඔහේ වැතිරිලා ඉන්නව. නමුත් සිංහයා නිදාගෙන ඉදල ඉදල නැගිටල සිංහය එක් ඝර්ජනාවක් කරපු ගමන් කොටිය හෙමිහිට කැළය මාරු කරනවා. වලසා හෙමිහිට ගුයහාවට රිංග ගන්නවා. මුළු කැලයම කම්පනයට පත්වෙනවා. ගිය සතියේ අස්ගිරියෙන් ඇහුනේ ගිය සතියේ මහ නුවරින් ඇහුනේ ඒ සිංහ ගර්ජනයයි. නිදා සිටි සිංහා අවදිව ඇති බවයි ඉන් කිය‍‍ෙවන්නේ. කොටියට ඕන විදිහට නටපු කාලෙ දැන් ඉවරයි. නරියට ඔන විදහට නටපු කාලෙ දැන් ඉවරයි. ඒ නැගුණු සිංහ නාදය ජාතියේ හඩ බවට පත්කරන්නට මොරටු පුරයට දැන් වීර පුරන් අප්පුලා සිය ගණනින් දහස් ගනනින් අවශ්‍ය කාලයයි මේ ඇවිත් තියෙන්නේ.

ආණ්ඩුව දෙන්නැත්නම් අපි බලෙන් ගන්නවා

ජනපතිවරණය 2019 නේ කියල අද අපි නිහඩව බලා සිටියොත් රටට හෙටක්වත් අපට රටක්වත් ඉතිරිවෙන්නේ නෑ. මෙතෙක් කල් ඡන්දයට දින දුන්නේ ආණ්ඩුවෙන්. පුංචි ඡන්දයට අවුරුදු දෙකක් තිසිසේ දින දුන්නා. දැන් ආණ්ඩුව දින දුන්න කාළය ඉවරයි අපි දැන් ආණ්ඩුවට දින දෙනවා. අපි ආණ්ඩුවට ඉතාම පැහැදිලිව කියනවා ඔත්තෝම්බර් මාසයේ පළාත් පාලන මැතිවරණය ප්‍රකාෂයට පත්කරන්න ආණ්ඩුව අසමත් උනොත් අපි ජනතාවත් එක්ක වීදි බැහැල මේ ආණ්ඩුවෙන් මැතිවරණය බලෙන් හෝ ගන්නවා. ඒ නිසා මැතිවරණය නොදුන්නොත් ආණ්ඩුවට එරෙහි ජන අරගලයතට මුහුන දෙන්න සුදානම් වෙන්න කියල අපි මේ ආණ්ඩුවට අනතුරු අගවනවා.

scroll to top