නව රජයේ අරමුණ පුහුණු ශ්‍රමිකයින් වැඩියෙන් විදේශ ගත කිරීමයි…

නව රජයේ අරමුණ වූයේ ගෘහ සේවිකාවන් ලෙස විදෙස් ගතවන ශ්‍රමිකයින් ප්‍රමාණයට වඩා පුහුණු ශ්‍රමිකයින් විදෙස් ගතකිරීම බවත්, එය මේ වන විට සාර්ථක වෙමින් පවතින බවත්, අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය නීතීඥ තලතා අතුකෝරළ මහත්මිය සඳහන් කළාය.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඇති සංඛ්‍යා දත්ත අනුව 2017 වර්ෂයේ ජනවාරි සිට අගෝස්තු දක්වා ගතවූ මාස 8ක කාලය තුළ පිරිමි ශ්‍රමිකයින්ට සාපේක්ෂව කාන්තාවන් විදේශ ගතවීම 34.1%කි. මෙතුළින් ගම්‍ය වන්නේ විගමණික රැකියා වෙළඳපොල තුළ පුහුණු ශ්‍රමිකයින්ට වැඩි අවස්ථාවක් ලැබී තිඛෙන බවයි. නව රජය පත්වීමෙන් අනතුරුව දින 21ක්ව පැවති ගෘහ සේවිකා පුහුණුව දින 40 දක්වා වැඩි කරන ලද්දේ ශ්‍රම වෙළඳපොලට අවශ්‍ය කරන පුහුණු ශ්‍රමය වර්ධනය කිරීමේ අරමුණෙනි. පුහුණු ශ්‍රමිකයින් විදේශ ගතවීම හරහා මෙරටට ලැඛෙන විදේශ විනිමය වැඩිකර ගැනීමටද අවස්ථාව උදාවී තිබේ.
ඒ අනුව 2017 වසරේ මුල් මාස 8 තුළ ලාංකික ශ්‍රමිකයින් 141,725 දෙනෙකු විදේශ ගතවී ඇති අතර, ඉන් කාන්තාවන් 48,374 ක් වන අතර, පිරිමි ශ්‍රමිකයින් ප්‍රමාණය 93,351කි. මින් වැඩිම ශ්‍රමිකයින් පිරිසක් විදේශ ගතවී ඇත්තේ බස්නාහිර පළාතෙනි. එම ප්‍රමාණය 42389කි. අඩුම ශ්‍රමිකයින් ප්‍රමාණයක් විදේශ ගතවී ඇත්තේ ඌව පළාතෙන් වන අතර, එම ප්‍රමාණය 3,994කි. මෙම කාලය තුළ වැඩිම ශ්‍රමිකයින් පිරිසක් විදේශ ගතවී ඇත්තේ කටාර් රාජ්‍යටයි. මෙම කාලසීමාව තුළ ගෘහ සේවිකාවන් 37,002 ක් විදේශ ගතවී තිබේ.

2016 වර්ෂයේදී විදේශ ගතවූ මුළු ශ්‍රමිකයින් ප්‍රමාණය 242,838 වන අතර, ඉන් පිරිමි ශ්‍රමිකයින් ප්‍රමාණය 160,320කි. ඉන් කාන්තා ශ්‍රමිකයින් ප්‍රමාණය 82518කි. ඒ අනුව, පිරිමි ශ්‍රමිකයින්ට සාපේක්ෂව කාන්තා ශ්‍රමිකයින් විදේශ ගතවීම 33.9%කි. එම වර්ෂයේදීත් වැඩිම කාන්තා හා පිරිමි ශ්‍රමිකයින් ප්‍රමාණයක් විදේශ ගතවී ඇත්තේ බස්නාහිර පළාතෙනි. එම ප්‍රමාණය 64,901කි. 7,305ක් වන අඩුම ශ්‍රමිකයින් පිරිසක් විදේශ ගතවී ඇත්තේ ඌව පළාතෙනි. වැඩිම ශ්‍රමිකයින් ප්‍රමාණයක් රැකියා සඳහා යොමුවී ඇත්තේ සෞදි අරාබියටයි. එම ප්‍රමාණය 63,307කි.

2015 වර්ෂයේ ගෘහ සේවිකාවන් 73,226 දෙනෙකු විදේශ ගතවී ඇති අතර, 2016 වර්ෂයේ එම ප්‍රමාණය 65,023 කි. එසේම අනෙකුත් වෘත්තිමය රැකියා සඳහා විදේශ ගතවන කාන්තාවන් ප්‍රමාණයද වැඩිවී තිබේ. ඒ අනුව 2015 වර්ෂයේ වෘත්තිමය රැකියා සඳහා කාන්තාවන් 17,429ක් විදේශ ගතවී ඇති අතර, 2016 වර්ෂයේදී 17,495ක් වෘත්තිමය රැකියා සඳහා යොමුවී තිබේ.

මෙසේ විදෙස් ගතවන සියළු දෙනා කාර්යාංශයේ ලියාපදිංචි වී විදෙස් ගතවීම තුළින් රජය ම`ගින්ය ඔවුන්ට ලැඛෙන වරප්‍රසාද භුක්ති විඳිය හැකි බව අමාත්‍යතුමිය සඳහන් කළාය. තවද, විදෙස් රැකියාව අතරතුරදී ඇතිවන ඕනෑම ගැටළුවකදී එරට තානාපති කාර්යාලයට සෘජුව මැදිහත් විය හැකි අතර, නව රජය අරඹා ඇති ශ්‍රමික සුරැකුම වැඩසටහන හරහා ශ්‍රමිකයින්ට හා ඔවුනAගේ පවුල්වලට ප්‍රතිලාභ රැසක් හිමිවන බවද අමාත්‍යතුමිය වැඩිදුරටත් සඳහන් කළාය. විදෙස් ගතවන ශ්‍රමිකයින්ගේ දූ දරුවන් සඳහා කාර්යාංශය ම`ගින් වාර්ෂිකව ශිෂ්‍යත්ව පිරිනමන අතර, ලියාපදිංචි වන අවස්ථාවේ නොමිලේ ජීවිත රක්ෂණාවරණයක්ද ලබාදෙයි. එසේම මැදපෙරදිග රටවල් සඳහාද විශේෂ රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දී තිබේ.

scroll to top