නවතම සැම්සුන්ග් Galaxy S8 හා S8 Plus

30 මාර්තු 2017 (විමසුම) – මෙම නවතම සැම්සුන්ග්  දුරකථන මාදිලි දෙක ඉතා විශිෂ්ට වීදුරු හා ලෝහ නිමාවකින් යුක්ත වන අතර ඉතා විශාල තිරයකින් ද යුක්ත වේ. මෙහිදී පරණ මාදිලි වලට වඩා සැලකියයුතු වෙනස් කම් ලෙස සැම්සුන්ග් සම්ප්‍රදායික දෘඩාංග බොත්තම නොමැති වීමත් එය වෙනුවට අනෙක් Android දුරකථන වල යොදාගන්නා මෘදුකාංග බොත්තම් භාවිතා කිරීමත් විශේෂ වේ.

මෙහිදී ඔවුන් දුරකථන මාදිලි දෙකක් ඉදිරිපත් කල අතර සාමාන්‍ය S8 මාදිලිය අගල් 5.8කින් යුත් තිරයකින් ද S8 Plus මාදිලිය අගල් 6.2කින් යුත් තිරයකින් ද සමන්විත වේ. දුරකතනයේ ප්‍රොසෙසරය Octa-core (2.3GHz Quad + 1.7GHz Quad), 64 bit, 10nm හෝ Octa-core (2.35GHz Quad + 1.9GHz Quad), 64 bit, 10nm processor වන අතර තාවකාලික මතකය 4GB වේ.

S8 මාදිලියේ 3,000mAh බැටරියකුත් S8 Plus 3,500mAh බැටරියක් යොදාගනී. ඉදිරිපස කැමරාව මෙගාපික්සල් 12ක් සමග OIS සංවේදකයකින් සමන්විත් වන අතර පසුපස කැමරාව මෙගාපික්සල් 8කින් සමන්විත වේ. තවද Bixby නමින් නව අථත්ය සහකාරයෙකු (virtual assistant) මෙහිදී හදුන්වා දෙන ලදී.

USB-C හා 3.5mm headphone jack යන දෙකම දුරකතනයේ පහළ කොටසේ පිහිටා ඇත. මීට අමතරව ඇන්ඩ්රොයිඩ් 7.0 Nougat, රැහැන් රහිතව දුරකථනය ආරෝපණය කර ගැනීමේ හැකියාව (Wireless charging), IP68 ජලය හා දූවිලි ප්‍රතිරෝදී හැකියාව, බ්ලූටූත් 5.0, වයි ෆයි a/b/g/n/ac පහසුකම් ද මෙයට අන්තර්ගත කොට ඇත.

වැඩි විස්තර සදහා http://www.samsung.com/global/galaxy/galaxy-s8/specs/

scroll to top