නඩු ප්‍රමාදයන් වැළැක්වීමට අධිකරණ අමාත්‍යාංශය මහජන අදහස් ඉල්ලයි

wije.jpg

මෙරට අධිකරණ පද්ධතිය දීර්ඝ කාලයක සිට පැවත එන නඩු කල්ගත වීමේ ප්‍රමාදයන් අවම කර ජනතාව අපේක්ෂා කරන පරිදී නඩු කටයුතු ප්‍රමාදයකින් තොරව සිදු කිරීම සදහා නීතියේ පවතින යම් යම් අඩු පාඩු ඉවත් කර නීති ප්‍රතිපාදන සදහා අවශ්‍ය සංශෝධනයන් ගෙන ඒම සදහා අධිකරණ අමාත්‍යාංශය සිවිල් නඩු විධිවිධාන සංග්‍රහය හා අපරාධ නඩු විධිවිධාන සංග්‍රහය සංශෝධනය කිරීම සදහා ජනාධිපති නීතීඥ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඩබ්.පී.ජී.ඩෙෆ් මහතාගේ ප්‍රධානත්වයෙන් හා අපරාධ නඩු විධිවිධාන සංග්‍රහය සංශෝධනය කිරීම සදහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනාධිපති නීතීඥ බුවනෙක අළුවිහාරේ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක් අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පත් කර ඇති අතර,එම කමිටුව මගින් ලබාදෙන නිර්දේශයන් මත සිවිල් නඩු විධිවිධාන සංග්‍රහය හා අපරාධ නඩු විධිවිධාන සංග්‍රහය සංශෝධනය කිරීමට අධිකරණ අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබේ.

2015 අංක 15 දරණ අපරාධ නඩු විධිවිධාන සංග්‍රහයේ (විශේෂ විධිවිධාන සංග්‍රහය) සදහන් කරුණු මගින් පොලිස් අත්අඩංගුවේ කාල සීමාව වැඩිකිරීම සදහා, ඇතැම් බරපතල අපරාධ සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් සෘජුවම අධිචෝදනා ඉදිරිපත් කිරීම, මුලික පරීක්ෂණ සම්බන්ධයෙන් සංශෝධන කාර්ය පටිපාටිය යනාදී කරුණු පිළිබදව කමිටුව විසින් විශේෂ අවධානයට ලක් කර ඇති අතර, එම කරුණු සම්බන්ධව පොලීසිය, නීතිපති දෙපාර්තමේන්තුව ඇතුළු අදාල අංශ වල මෙන්ම මහජන අදහස් ලබාගැනීමටද අධිකරණ අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබේ.

මහජන අදහස් ලබා ගැනීම ජුනි මස 01 දින සිට 31 වන දින දක්වා සිදු කෙරේ.

මේ සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිවිල් හා අපරාධ නඩු විධිවිධාන සංග්‍රහය සංශෝධනය කිරීම සදහා විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වු අතර, ඒ සදහා අදාල අංශ වල කමිටු සාමාජිකයන් ද සහභාගී වුහ.මෙහිදී අදහස් දැක්වු අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා,

නීතියේ ආධිපත්‍ය බලාත්මක කිරීම සදහා නව රජය පසුගිය කාලපරිච්ඡේදයේදි 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයන් තුලින් ගෙන එනු ලැබු ජනතාවාදී සංශෝධනයන් මගින් මෙරට ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වු අතර, නීතියේ ආධිපත්‍ය බලාත්මක කිරීමේදී සිවිල් හා අපරාධ නඩු සම්බන්ධයෙන් පවතින ප්‍රමාදයන් හේතුවෙන් රටේ සංවර්ධනයට හා ආර්ථික ගමන් මගට සිදුවන හානියන් අවම කර ගැනීම මෙම සංශෝධනයේ අරමුණ බව අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

සිවිල් නඩු සම්බන්ධයෙන් පවතින ඉඩකඩම් ,දේපල, විවාහ හා දික්කසාද ආදී අංශ වල ඇති වී තිබෙන නඩු ප්‍රමාදයන් හේතුවෙන් රටේ ආර්ථිකයට හා සංවර්ධනයට බාධාවක් වන අතර, ඒවා කඩිනමින් නිරවුල් කිරීම ආයෝජන හා වාණිජ ක්ෂේත්‍රවල ප්‍රගමනයට හේතුවන බව මෙහිදී අමාත්‍යවරයා පැවසීය

එමෙන්ම අපරාධ නඩු විධිවිධාන සංග්‍රහයේ පැවති විශමතාවයන් හදුනාගෙන අපරාධ නඩු කඩිනම් කිරීම සදහා අවශ්‍ය පාර්ශවයන් වන සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම හා සාක්ෂිකරුවන් අධිකරණ නඩු වලට සහයදීම සදහා උනන්දු කිරීම වෙනුවෙන් සාක්ෂිකරුවන් හා වින්දිතයන් ආරක්ෂා කිරීමේ පනත ඉදිරිපත් කිරීම හා ඒ සදහා වෙනම අධිකාරියක් පිහිටුවීමට නව රජය පියවර ගෙන ඇති අතර, මේ තුලින් අපරාධ නඩු කඩිනමින් විසදීමට නව ප්‍රවේශයක් ලබා දී ඇතැයි අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.

සිවිල් නීතිය පිළිබදව සොයා බැලිමට පත්කල කමිටුවේ සාමාජික ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා හා අපරාධ නීතිය පිළිබදව සොයා බැලිමට පත්කල කමිටුවේ සමාජික ජේHෂ්ඨ නීතීඥ යු.ආර්.ද සිල්වා යන මහත්වරුන් මෙහිදී අදහස් දැක්වුහ. සිවිල් නීතිය පිළිබදව සොයා බැලිමට පත්කල කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස සහකාර නීතී සම්පාදක උපේඛා සපුකොටන,අතිරේක නීති සම්පාදක රුවිනි හපුආරච්ච්,නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ත ගුණතිලක නීතීඥ ජී.ජී.අරුල් ප්‍රගාශම්, ජේHෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙවිල් උනම්බුව,නීති උපදේශක දිල්හාර අමරසිංහ, අතිරේක ලේකම් නීති පියුමන්ති පීරිස්,ජනාධිපති නීතීඥ ඉක්රම් මොහොමඩ් යන මහත්ම මහත්මීන් කටයුතු කරන බව අධිකරණ අමාත්‍යාංශය පවසයි.

scroll to top