නඩු කටයුතු ප්‍රමාදයකින් තොරව සිදුකිරීම මගේ වගකීමයි.. ඇමතිනි තලතා අතුකෝරළ

තමන්ට ඇති ලොකුම අභියෝගය නඩු කටයුතු සඳහා ගතවන කාලය අවම කිරීම බවත්, විනිසුරුවරුන්ගේ කටයුතු සඳහා බලපෑම් කළ යුගය අවසන් කරමින්, තමන්ට අවශ්‍ය පරිදි නඩු තීන්දු ලබාදුන් යුගය අවසන් කළ බව අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය නීතීඥ තලතා අතුකෝරළ මහත්මිය ප්‍රකාශ කරයි. අමාත්‍යතුමිය මේ අදහස් පළකළේ, අධිකරණ අමාත්‍ය ධූරයට පත්වීමෙන් අනතුරුව රත්නපුර, කහවත්ත ප්‍රදේශයේ පැවති පිළිගැනීමේ උත්සවයකට ඊයේ දින (2017.09.28) සහභාගි වෙමිනි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යතුමිය, —තවත් කෙනෙක් අපේ කි්‍රයාවක් දිහා බලලා සතුටු වෙනවානම් අපිට ඒක මුදලට ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේ අමාත්‍යංශය ගන්නත් මම කිසිම කෙනෙක්ගේ පස්සෙන් ගිහිල්ලා නෑ. ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පස්සේ මට විදේශ රැකියා අමාත්‍යංශය ලැබුණා. මම හිතුවේ මුලින්ම මට නියෝජ්‍ය අමාත්‍යධූරයක් ලැඛෙයි කියලා දිස්ති්‍රක් නායිකාව නිසා කියලා. ඒ වගේම අහම්ඛෙන් මේ අමාත්‍යකමක් ලැබුණා. ගරු ජනාධිපතිතුමාගේත් අගමැතිතුමාගේත් ආශිර්වාදය ඇතුව මේ කටයුතු කරන්න මට 148000ක ඡන්ද ප්‍රමාණයක් ලබාදුන්නා.

මම මීට පෙරත් කිව්වේ උපරිම විශ්වාසයකින් යුතුව රට යන්න අවස්ථාව සලසනවා කියලා. ඒ වගේම මගේ කාලයේ තමයි ඉතිහාසයේ ප්‍රථමවරට විදේශ සේවා නියුක්ති කාර්යාංශය රුපියල් බිලියන 1.2ක ලාභයක් ඉපයුවේ. දූෂිත කි්‍රයා සම්පූර්ණයෙන්ම නතර කරන්න පුළුවන් වුණා. නමුත් තවමත් ඇතැම් අය අපිට මඩ ගහනවා. ඒකට කිසිම ප්‍රශ්නයක් නෑ. මම හරිදේ කරනවා. කරලා පෙන්වලා තියෙනවා. මේ රටට ප්‍රධාන ආදායම ගෙනෙන තැන තිබුණ දූෂිත කි්‍රයා නතර කරලා මේ අවුරුදු 2 තුළ ලාභ ලබන මට්ටමට ගෙනෙන්න පුළුවන් වුණා.˜ ලෙස සඳහන් කළාය.

අමාත්‍යතුමිය වැඩිදුරටත් අදහස් දක්වමින්, —අධිකරණය මම භාරගන්නකොට ගොඩක් අය හිතුවේ මේක පළිගන්න භාවිතා කරයි කියලා. මේ රටේ අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම ඇමතිවරයා හැටියට මගේ වගකීමයි. 2015 ජනවාරි 8 වෙනිදා මෛති්‍රපාල සිරිසේන මහත්මයා මේ රට භාරගන්නකොට අධිකරණයේ ස්වාධීනත්වය ඇති කිරීමේ වගකීම අපි හැමෝටම භාරදුන්නා. ඒ ස්වාධීනත්වය ආරක්ෂා කරනකොට විනිසුරුවරුන්ගේ කටයුතුවලට බලපෑම් කරන්න, ඉතිහාසයේ වුණ විදිහට නඩු තීන්දු එක එක අයට ඕනි විදිහට වෙනස් කරපු යුගය අපි අවසන් කළා.

මට තියෙන ලොකුම අභියෝගය තමයි නඩුවක් අහන්න ගතකරන කාලය අඩුකිරීම. මම දන්නවා ඔබ නඩුවක් සම්බන්ධයෙන් කී සැරයක් උසාවියට යනවද කියලා. එහෙම නැත්නම් අද පුද්ගලයින් දෙයක් දුටුවත් සාක්ෂි දෙන්න ඉදිරිපත් වෙන්නේ නෑ අපිට ඕවට මැදිහත් වෙන්න බෑ කියලා. පහුගිය දවස්වල හොයලා බලනකොට මිනිමැරුම් නඩුවලට අවුරුදු 17ක් විතර යනවා. මේවා වෙනස් වෙන්න ඕනි. මේවා අපේ කාර්යභාරය. මගේ වගකීම නඩු කටයුතු ප්‍රමාදයකින් තොරව සිදුවෙනවද කියලා හොයලා බලන එක. අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමත් මගේ වගකීමක් ලෙස මම සලකනවා. අපි කිසිම දවසක පුද්ගලයින් නොමග යවන්න, අපේ වාසියට වැඩ කරන්න, ලාභ උපයන්න කටයුතු කරපු පරම්පරාවක් නෙවෙයි. මගේ අයියාගේ ගමන, ඔහුගේ කැපවීම හොඳටම දැක්ක කෙනෙක් තමයි මම.˜ යනුවෙන් ප්‍රකාශ කළාය.

scroll to top