ධීවරයන්ට වෙඩි තියන යුගය නිමා කළා, ගජ මිතුරු ආර්ථිකයටත් තිත තැබුවා

අයිතීන් ඉල්ලන ධීවරයන්ට වෙඩි තියන යුගය නිමා කල බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා පවසනවා.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ධීවර, ඛනිජ තෙල් සහ විදුලි යන අමාත්‍යංශ වැය ශීර්ෂ විවාදයට අද (05) පාර්ලිමේන්තුවේදී එක් වෙමින්.

අමාත්‍යවරය මෙහිදී වැඩි දුරටත් සඳහන් කලේ පසුගිය රජය සමයේ පැවතී අදුරදර්ශී ක්‍රියා හේතුවෙන් මත්ස්‍ය වෙළඳපොල පවා අපට අහිමි වූ බවයි. නමුත් වත්මන් රජයේ යහපාලන ප්‍රතිපත්ති අනුව ඒ සියල්ල යලි මව්බිමට දිනා දීමට අපට හැකි වී තිබෙනවා. ධිවර ප්‍රජාවගේ අයිතීන් දිනා දීමටද ආණ්ඩුව විධිමත් වැඩපිළිවෙලකට අනුව කටයුතු කරමින් සිටින බව රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා වැඩිදුරටත් සඳහන් කළා. විදුලිබල ක්ෂේත්‍රය තුළද අතීතයේ සිට පැවතී මාෆියා තවදුරටත් ක්‍රියාත්මක වන බවයි අමාත්‍ය වරයා පැවසුවේ. පසුගිය රජය බිහිකළ යක්ෂයන් අරක්ගත් ගජමිතුරු ආර්ථිකයට තිත තබමින් සිටින බවයි රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා වැඩි දුරටත් සඳහන් කළේ.

scroll to top