දේශීය හා අන්තර්ජාතික තරඟ වලදී IIT වෙත පිටපිටම ජයග්‍රහණ

IIT.jpg

ජාත්‍යන්තර මෙන්ම දේශීය තොරතුරු තාක්ෂණ තරග වලින් කීර්තියක් අත්කරගෙන ඇති ඉන්ෆොමැටික්ස් අධ්‍යාපන ආයතනය එය තවදුරටත් ඉදිරියට ගෙනයමින් මෙම වසරේ පළමු කාර්තු 2ක වන විටත් ජයග්‍රහණ රාශියක් අත්කරගැනීමට සමත් වී ඇත.

IIT උපාධි අපේක්ෂකයෙකු වන ඉසුරු සම්පත් කාරියවසම්ගේ නවතම හඳුන්වාදීම වන “Orasi 2.0 World” මෘදුකාංගය mBillionth සම්මානය දිනාගැනීමට සමත් විය. එම නිර්මාණය දෘශ්‍යාබාධිත පුද්ගලයින්ට හිතකාමී පරිශීලකත්වයකින් යුතු වන බ්‍රේල් නොවන අන්තර්ගතයන්ට ප්‍රවේශ වීමට ඉඩ ප්‍රස්තාව සලසා දෙයි. ඉසුරු කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයේ ආදී සිසුවෙක් වන අතර එක්සත් රාජධානියේ වෙස්ට්මිනිස්ටර් සරසවියේ මෘදුකාංග ඉංජිනේරු උපාධිය හදාරමින් සිටී.

මෙම වසරේ පළමු කාර්තුවේදී IIT ශිෂ්‍යයින් “Angelhack 2017” හි ශ්‍රී ලාංකීය ජයග්‍රාහකයින් ලෙස තේරී පත් වී ඇත. “Angelhack” යනු ඩයලොග් IdeaMart සහයෝගීත්වයෙන් පවත්වනු ලබන ගෝලීය hackathon තරග මාලාවකි. මෙහෙදී මෘදුකාංග උපාධි අපේක්‍ෂකන් වන, අත්‍යබ් අමීර්, ඇන්ඩෘ ජෝශාන්ත්, කැෂාෂ් කුමරාසන් හා ගනේෂම් යෝගනන්දාසිවම් යන සිසුන් ජයග්‍රාහී IIT කණ්ඩායම නියෝජනය කළේය.

මේ අතර ශ්‍රී ලංකා හොඳම සේවායෝජක හා සන්නාම සම්මාන උළෙලේදී (Sri Lanka Best Employer Brand Awards and Leadership Awards 2017) IIT ආයතනයේ උපාධිධාරියෙකු, ප්‍රධාන ආයතනික පුහුණුකරුවෙකු, ව්‍යාපාර කළමනාකරණ දේශකයකු හා අලෙවිකරණ විශේෂඥයෙකු වන ප්‍රසන්න පද්මනාදන් “වසරේ දක්ෂතම ව්‍යවසාය පුහුණුකරු” සම්මානයෙන් පිදුම් ලැබූ අතර 2017 වර්ෂයේ HRD කොංග්‍රසය විසින් පවත්වන ලද පුහුණු හා සංවර්ධනය පිලිබඳ නායකත්ව සමුළුවෙහිදී ලොව ඉහලම ව්‍යවසාය පුහුණුකරුවන් 100 දෙනා අතරට ද, 2016 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම තරුණයින් 10 දෙනා (TYOP) සහ දකණු ආසියාවේ විශිෂ්ටතම ආයතනික පුහුණුකරු ලෙස ද ඔහු තේරී පත් විය.

මෙම වසරේ දිගු ජයග්‍රහණ ලැයිස්තුවට තවත් දීර්ඝ කරමින් IIT සිසුන් 8 දෙනෙක් ගූගල් සමර් ඔෆ් කෝඩ් 2017 (Google Summer of Code 2017) සඳහා ද තේරී පත්වූහ. මේ සඳහා සවින්දු ඩයස්, තිලොෂන් නාගරාජා, රවිඳු පෙරේරා, චානක ද සිල්වා, සුපුන් ප්‍රමෝද වන්නිආරච්චි, කුමරනාත් ප්‍රනාන්දු, අචින්ත්‍ය විජේසේකර සහ කවින්දි ඇල්විටිගල යන සිසුන් තේරී පත් වූහ.

මේ වන විට IIT ආයතනය දේශීය හා අන්තර්ජාතික මට්ටමෙන් බොහෝ සම්මාන දිනා ඇති අතර මයික්‍රොසොෆ්ට් ඉමැජින් කප් (Microsoft Imagine Cup) , නැෂනල් බෙස්ට් කොලිටි සොෆ්ට්වෙයා අවොර්ඩ්ස් (National Best Quality Software Awards (NBQSA)), APICTA, British Council-HSBC Youth Enterprise Award and e-Swabhimani යන සම්මාන ඉන් කිහිපයකි.

IIT විසින් විශිෂ්ට අධ්‍යාපනික සංස්කෘතියක් නිර්මාණය කර ඇති අතර එහි අධ්‍යයන වැඩසටහන් තුලින් නිර්මාණශීලිත්වය හා නවෝත්පාදනය වර්ධනය කරගැනීමට සිසුන්ට ඉඩ සලසා දෙනු ලබයි. මෙවැනි හේතු නිසා IIT ආයතනය සම්මානලාභී සරවියක් බවට පත් වී ඇති බව IIT ආයතනයේ පීඨාධිපති නයෝමි ක්‍රිෂ්ණරාජා අදහස් දැක්විය.

IIT ආයතනය එක්සත් රාජධානියේ වෙස්ට්මිනිස්ටර් විශ්වවිද්‍යාලය, රොබට් ගෝඩන් විශ්වවිද්‍යාලය, සහ කැන්ටබරි විශ්වවිද්‍යාලය යන විශ්වවිද්‍යාල වලින් අභන්තර උපාධි සහ පශ්චාත් උපාධි පිරිනමන අතර වෙස්ට්මිනිස්ටර් විශ්වවිද්‍යාලයෙන් මෘදුකාංග ඉංජිනේරු, ව්‍යාපාර තොරතුරු පද්ධතිය, ව්‍යාපාර කළමනාකරණය සහ පරිගණක විද්‍යාව, පරිගණක ක්‍රීඩා හා ග්‍රැෆික්, ජංගම සහ වෙබ් පරිගණක බහුමාධ්‍යය පරිගණනය යන විෂයන් සඳහා උපාධි පිරිනමයි.

scroll to top