දේශපාලන සිරකරැවන් මේ රටේ නෑ – ඇමතිනි තලතා අතුකෝරළ

Thalatha-3.jpg

විගමණික විශ්‍රාම වැටුප් ක්‍රමය ළගදීම කි්‍රයාත්මක කරනවා…

විගමණික ශ්‍රමිකයින් සඳහා විශ්‍රාම වැටුප් ක්‍රමය නුදුරේම කි්‍රයාත්මක කරන බවත් ඒ සඳහා අවශ්‍ය කටයුතු සියල්ල මේ වන විට සූදානම් කර අවසන් බවත් අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය නීතීඥ තලතා අතුකෝරළ මහත්මිය ප්‍රකාශ කළාය. අමාත්‍යතුමිය මේ අදහස් පළකළේ, විදේශ රැකියා අමාත්‍යංශයේ නව ලේකම්වරයා වශයෙන් ගාමිණි සෙනෙවිරත්න මහතා වැඩභාරගැනීමේ අවස්ථාවට අද දින (2017.10.10) විදේශ රැකියා අමාත්‍යංශයේදී එක්වෙමිනි.
එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදුන් අමාත්‍යතුමිය,

1. ඇමතිතුමියනි, විදේශ ගත ශ්‍රමිකයින්ට විශ්‍රාම වැටුපක් ලබාදෙනවා කියලා කතාවක් තිබුණා?
– ඒ වෙනුවෙන් සියළු කටයුතු මේ වන විට අවසන් කරලා තියෙන්නේ. මේ වන විට නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට අවශ්‍ය පනත් කෙටුම්පත් කරන්න යොමුකරලා තියෙන්නේ. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා ඒ සඳහා අවශ්‍ය අනුමැතිය ලබාගත යුතුයි.
2. දේශපාලන සිරකරුවන් සම්බන්ධයෙන් තත්ත්වය කුමක්ද?
– අධිකරණ අමාත්‍යංශය මේ වන විට රටවල් ගණනාවක් සම`ග ගිවිසුම් ඇතිකරගෙන තියෙනවා සහ අපි ඉක්මණින් තවත් රටවල් සම`ග සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා. දේශපාලන සිරකරුවන් කියලා නෑ. සාමාන්‍ය සිරකරුවන් සම්බන්ධයෙන් ඒ රටවල්වල මෙහේ ඉන්න අයත්,

අපේ රටේ විදේශ රටවල ඉන්න සිරකරුවනුත් හුවමාරු කරන්න තමයි යන්නේ. දේශපාලන සිරකරුවන් කියලා කොහෙවත්ම නෑ.
මෙහිදී අදහස් දැක්වූ විදේශ රැකියා අමාත්‍යංශයේ ලේකම් ගාමිණි සෙනෙවිරත්න මහතා, —අද දින විදේශ රැකියා අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස වැඩභාර ගැනීමේ අවස්ථාව හිමිවුණා. මේ අමාත්‍යංශය රටට විශාල ආදායමක් ගෙන එන, ඒ වගේම විශාල සේවාවක් කරන්න පුළුවන් අමාත්‍යංශයක්. ගරු අමාත්‍යතුමියගේ සහයෝගය හා ආශීර්වාදය යටතේ විගමණික ශ්‍රමිකයින්ට හා අමාත්‍යංශයේ සියළු අංශ සම්බන්ධයෙන් මානව හිතවාදීව කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා.˜ යනුවෙන් සඳහන් කළේය.

scroll to top