දේශපාලන බලය යොදා නොමිලේ විශේෂ දුම්රියක් වෙන්කරගෙන

Train-3.jpg

එක්සත් ජාතික පක්‍ෂයේ ගම්පහ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා 2016.02.01 දින මගීන් 1,000 ක් වෙනුවෙන් මැදිරි 11 කින් සමන්විත දුම්රියක් ජා-ඇල සිට මඩු දක්වාත්, 2016.02.02 දින මඩු සිට ජා-ඇල දක්වාත් ආණ්ඩුවේ දේශපාලන බලය යොදවා කිසිදු මුදල් ගෙවීමකින් තොරව තම දේශපාලන හිතවතුන් පිරිසක් ප‍්‍රවාහනය කර ඇති බවට සමස්ත ලංකා දුම්රිය සේවකයින්ගේ පොදු සේවක සංගමය චෝදනා කරයි.

මෙම විශේෂ දුම්රිය ධාවනය වෙනුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් 1,111,110/=ක මුදලක් හා ඇප මුදල් වශයෙන් රුපියල් 10,000/= ක මුදලක් ගෙවිය යුතු වුවත්, කිසිදු මුදලක් නොගෙවීම නිසා දුම්රිය දෙපාර්තමේන්තුවට බරපතල මූල්‍යමය හානියක් සිදුකොට ඇති බව අදාල වෘත්තීය සමිතිය අවධාරණය කරයි.

විශේෂ දුම්රියක් වෙන්කිරීමේදී අනුගමනය කළයුතු දෙපාර්තමේන්තු ක‍්‍රමවේදයට සම්පූර්ණයෙන්ම පටහැනිව ඉහල දුම්රිය බලධාරීන් කටයුතු කර ඇති බව සමස්ත ලංකා දුම්රිය සේවකයින්ගේ පොදු සේවක සංගමය වැඩිදුරටත් පවසයි.

කෙසේ වෙතත් මෙම චෝදනාව ප්‍රතික්ෂේප කරන වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා මේ පිළිබද සැබෑ තත්ත්වය හෙළිදරව් කිරීමේ අරමුණින් හෙට දිනයේ විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් ද කැදවා ඇත.

scroll to top