දුම්කොළ, සිගරට් කර්මාන්තය විසින් පතුරුවන සාවද්‍ය මතයන් රටට හෙළිකරමු

Meeting.jpg

සිගරට් බදු වැඩිකරගන්න හැම අවස්ථාවකම සිගරට් කොම්පැණියේ ලාභාංශද වැඩිකරගෙන තිබේ. සිගරට් බදු වැඩිකිරීමෙන් පසු ආණ්ඩුවේ ආදායම මෙන්ම සමාගමේ ආදායමත් වැඩිවී ඇත. සිගරට් එකක් මත වර්තමානයේ පැනවෙන බදු එහි මිල වටිනාකමින් 74% ක් පමණයි. – ආචාර්්‍ය නිෂාන් ඩි මෙල් මහතා, අධ්‍යක්ෂක – වෙරිටේ රිසර්ච්

බීඩි භවිතය වැඩිවෙලා යැයි පෙන්වීමට යොදාගන්නා තෙන්දු කොළ ආනයනය සම්බන්ධ ප‍්‍රස්ථාරයේ කොටසක් පමණක් උපුටා ගෙන පෙන්වීම මගින් මුදල් අමාත්‍යංෂයේ ප‍්‍රතිපත්ති සම්පාදකයන් මෙන්ම ජනමාධ්‍යද නොමග යැවීමට කටයුතු කොට ඇති බව හෙළිවේ.

පසුගිය වසර 03 ක කාලයේ බීඩි නිෂ්පාදනය සඳහා ගෙන්වන තෙන්දු කොළ ප‍්‍රමාණය අඩු වී ඇත.

දුම්කොළ කර්මාන්තය පිළිබඳව නිර්නාමික අයුරින් සිදුකරන හෝ විද්‍යාත්මක සමීක්ෂණ වාර්තා උපුටා ගැනීම් වලින් තොරව සිදුකරන ලද මාධ්‍ය වාර්තා පලකිරීම මාධ්‍ය සදාචාරයට පටහැනියි. – පුබුදු සුමනසේකර මහතා, විධායක අධ්‍යක්ෂ – මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථනය

ලොව ප‍්‍රධානපෙලේ දුම්කොළ සමාගම් මගින් සිදුකරන සිගරට් අපනයනයන්ගෙන් 25% ක් හොර සිගරට් කර්මාන්තයට යෙදෙන බව සාක්ෂි සනාථ කරයි.
දුම්කොළ භාවිතය නිසා සිදුකල හානිය පියවීමට ඇමෙරිකාවේ ආණ්ඩුවට දුම්කොළ සමාගම් මගින් වසරක් පාසා අතිවිශාල වන්දි මුදලක් ලබාදේ. එසේ ලබාදීම සඳහා මුදල් එක් කරගන්නේ අප වැනි රටවලිනි. – වෛද්‍ය සජීව රණවීර

අපේ රට ලෝක සෞඛ්‍ය සංවිධානයේ දුම්කොළ පාලන ප‍්‍රඥප්ති ව්‍යුහය :ත්‍ක්‍ඔක්‍* පිළිගෙන ඇති රටක් ලෙස එය ක‍්‍රියාත්මක කරවීමට බැඳී සිටී, එම ව්‍යූහයේ 5.3 වගන්ති ප‍්‍රකාරව දුම්කොල කර්මාන්තයේ ඕනෑම ආකාරයක මැදිහත්මක් දැනුම්දීම සඳහා දුම්කොළ කර්මාන්ත අධ්‍යන කේන්ද්‍රය නම්න් ලංකාවේ නව ආයතනයක් පිහිටුවා ඇත. – මහාචාර්්‍ය ජෙනිෆර් පෙරේරා

”දුම්කොළ සිගරට් කර්මාන්තය විසින් පතුරුවන සාවද්‍ය මතයන් රටට හෙළිකරමු ” 28.04.2107 දින රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡුාවේදී වර්තමානය වන විට සිගරට් කර්මාන්තය විසින් ප‍්‍රචාරය කොට ඇති බොහෝ සාවද්‍ය ප‍්‍රකාශයන්ට ප‍්‍රතිඋත්තර ලබාදීම සිදුවිය. සිගරට් බදු වැඩිකිරීම සමග බීඩි භාවිතය හා හොර සිගරට් වැඩිවන බව ඇති ප‍්‍රකාශ කිසිදු සත්‍යක් නොමැති බව දත්ත සහිතව සනාථ විය. තවද සිගරට් මගින් රජයට ලැබෙමින් තිබූ ආදායම අඩු වන බව කියවෙන ප‍්‍රකාශයද සාවද්‍ය එකක් බව තහවුරු කෙරුනු අතර රජ්‍ය ආදායම පෙර වසරට වඩා වැඩි වී ඇති අතර සුක්ෂම ලෙස දුම්කොළ සමාගමේ ආදායමද වැඩිකරගෙන ඇති බව මෙහිදී සාක්ෂි සහිතව පෙන්වා දෙන ලදී.

මෙම මාධ්‍ය සාකච්ඡුාවේදී පසුගිය කාලයේ දුම්කොළ කර්මාන්තයට පක්ෂව පලවූ බොහෝ පුවත්පත් වාර්තා පිළිබඳව අවධානය යොමුකල අතර නොයෙක් සාවද්‍ය මත ජනතාව අතරට ගෙනයාමට මාධ්‍යද යොදාගන්නා බැවින් විවිධ මුහුණුවරයන්ගෙන් පැමිණෙන අනුග‍්‍රාහකත්වයන් හෝ අල්ලස් පිළිබඳව රටට හෙළිකිරීම මාධ්‍ය මගින්ම සිදුකල යුතු බව පෙන්වා දෙනු ලැබීය. දුම්කොළ සමාගමේ ඕනෑම ආකාරයක ක‍්‍රියාත්මක වීමක් දුම්කොළ කර්මාන්ත අධ්‍යන කේන්ද්‍රයට වාර්තා කිරීමට මාධ්‍යවේදීන්ට ආරාධනා කෙරුණි.

scroll to top