දියවන්නා වෙසක් කලාපය ජනපති සුරතින් විවෘත කෙරේ

Presedent.jpg

දියවන්නා ජාත්‍යන්තර වෙසක් කලාපයේ තුන්වන වන දිනය වන අද(12) දින ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් විවෘත කෙරුණි. එම අවස්ථාවට ගරු කථානායක කරූ ජයසූරිය මැතිතුමාබස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමාබුද්ධ ශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මැතිතුමාවිදේශීය තානාපතිවරු ඇතුළු විදෙස් නියෝජිතයින් 800 ක් ද සහභාගී වූහ. අද දින විදේශ නියෝජිතයින් දියවන්නා වෙසක් කලාපය නැරඹු අතර ඔවුන් සඳහන් කළේ දියවන්නා වෙසක් කලාපයේ සංවිධාන කටයුතු විධිමත් ලෙස සිදු කර තිබූ බවත් මනඃස්කාන්ත ලෙස එම කලාපය නිර්මාණය කර තිබූ බවත් ය.

ජනාධිපතිතුමන් විසින් වෙසක් කලාපය විවෘත කිරීමෙන් අනතුරුව නිරීක්‍ෂණ චාරිකාවක නිරත වූ අතරවිදෙස් රටවලින් නිර්මාණය කරන ලද කුටි ද සැදැහැ සිතින් විදේශීය නියෝජිතයින් සමග එක්ව නැරඹූහ. ලංකාවේ ප‍්‍රථම වරට දියවන්නා ඔයේ නිර්මාණය කරන ලද ජල තිර තොරණ මහජනතාව අතර සිට බොහෝ වේලාවක් ජනපතිතුමන් නරඹනු ලැබීය. එම ජල තිර තොරණ ජනපතිතුමන්ගේ ප‍්‍රසංශාවට ලක්වූ අතර පැමිණ සිටි ජනතාව ද ජනපතිතුමන් සමග සඳහන් කළේ මෙවැනි වූ අත්දැකීමක් ජීවිතයේ පළමුවරට ලද බවයි.

scroll to top