දැරිය හැකි මිලකින් යුත් සුපිරි වෙළඳ නාමයන් රැසක් UrbanTrendz වෙතින්

UrbanTrendz-1.jpg

United Colors of Benetton, AND, Global Desi, Allen Solly, Van Heusen, V.Dot, John Miller, Indigo Nation, Scullers, Jealous 21, Victorinox, Swiss Gear, Baggit, Break bounce, Killer-Jeans, FabAlley, British Cosmetics, Lakme, Amante, Triumph සහ Jockey මෙන්ම RLJ රන් ආභරණ සහ GMT අත් ඔරලෝසු යනාදී සුපිරිතම වෙළඳ නාමයන් රැසක එකතුවක් සමගින් සාප්පු සවාරි යාමේ උනන්දුවක් දක්වන පාරිභෝගිකයන් සඳහාම වූ UrbanTrendz විවෘත වේ.

කොළඹ නගරය තුළ එකම වහලක් යටින් ප්‍රදර්ශනය කෙරෙන විශාලම වෙළඳ නාම එකතුව මෙය වේ. ඇඟලුම්, ගමන් මළු, ස්වර්ණාභරණ, ඔරලෝසු මෙන්ම ආලේපන වර්ග වැනි විලාසිතා අංගයන් නියෝජනය කරන බැවින් මෙම විලාසිතා එකතුව පුළුල් පරාසයක විහිදී යයි. අන්තර්ජාතිකව පිළිගත් ප්‍රසිද්ධ ඇඟලුම් වෙළඳ නාම සහ යුරෝපීය සම්භවයෙන් යුතු ස්විස් ගමන් මලු ද සාප්පු සවාරියෙහි නිරත වන නගරාසන්න මෙන්ම නාගරික පාරිභෝගිකයින් හට තම සිත් පරිදි මෙහිදී තෝරාගත හැකිය.

GMT සන්නාම එකතුව යටතේ පාරිභෝගිකයන්ට Victorinox; Hugo Boss; Lacoste; Ferrari; Timberland, Police; Gant; Swiss Military Hanowa; Raymond Weil; 88 Rue Du Rhone; Earnshaw; James McCabe; AVI-8; Maserati; Lee; Sector and Pepe Jeans යන සුවිශේෂී අත් ඔරලෝසු වර්ග UrbanTrendz හිදී මිලදී ගත හැක.

රෝයල් ලංකා ඒජන්සීස් (Royal Lanka Agencies) විසින් හඳුන්වාදෙන තවත් ආකර්ශනීය වෙළඳාමක් වන UrbanTrendz හි ප්‍රධාන අවධානය යොමු කර ඇත්තේ එක වහලක් යටදී විශාල වෙළඳ සන්නාම (Marketing Brands) ප්‍රමාණයක් දැරිය හැකි මිලක් යටතේ පාරිභෝගිකයින් වෙත පිරිනැමීමේ සංකල්පයක් නිර්මාණය කිරීමටයි. එසේම ජාත්‍යාන්තර ප්‍රමිතීන්ට අනුකූලව පරිපූර්ණ පාරිභෝගික අත්දැකීමක් පාරිභෝගිකයින් වෙත ලබා දීමට ද සැලසුම් කර ඇත. මෙම කීර්තිමත් වෙළඳ නාම වලින් සැරසුණු ඇඟලුම්, ගමන් මලු, අත් ඔරලෝසු, රන් ආභරණ සහ විලාසිතා උපාංග ආදී එකතුවකින් මෙම UrbanTrendz සවිබල ගැන්වෙන අතර මෙය පාරිභෝගිකයින්ගේ පෞද්ගලික විලාසිතා අවශ්‍යතාවන්ට සරිලන පරිදි සකස් කර ඇත.

ලෝකයේ පිළිගත් නවතම විලාසිතා අත්විදගන්නට අංක 273, ගාලු පාර, කොළඹ 3 ස්ථානයේ පිහිටි UrbanTrendz වෙත පිවිසෙන්න.

scroll to top