දරුවන්ට අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය මූලික අයිතිවාසිකමක්…

Thalatha-5.jpg

දරුවන්ට අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය මූලික අයිතිවාසිකමක් බවත්, පාසල්වලට දරුවන් ඇතුළත් කිරීම සඳහා අනාගතයේදී ග්‍රාම සේවා වසම් මට්ටමින් පාසල් ඇති කරන බවත් අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය නීතීඥ තලතා අතුකෝරළ මහත්මිය ප්‍රකාශ කළාය. අමාත්‍යතුමිය මේ අදහස් පළකළේ, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සේවක සුබසාධක සංගමය මගින් සංවිධානය කළ කාර්යාංශයේ සේවයේ නියුතු සේවක මහත්ම මහත්මීන්ගේ 5 වසර ශිෂ්‍යත්ව විභාගය, අ.පො.ස සාමාන්‍ය පෙළ, අ.පො.ස. උසස් පෙළ යන විභාගයන් සමත් දූදරුවන් 59 දෙනෙකු වෙනුවෙන් රු.1,015,000 ක ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ උත්සවයට ඊයේ දින (2017.10.11) විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දී එක්වෙමිනි.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යතුමිය, මේ රටේ ළමයින් සියළු දෙනාම අපි අපේ දරුවෝ හැටියට සලකන්නේ. ඔබේ දෙමව්පියන් සියළු දෙනාම හොඳින් ඉගෙන ගෙන හොඳ පුහුණවක් ලබාගත්ත නිසයි මේ රටට ගෞරවනීය සේවයක් කරන්න පුළුවන් වුණේ. ඒ දෙමව්පියන් ලබාදුන්න ආදර්ශය මේ දරුවන්ට ගොඩක් වටිනවා. විශේෂයෙන් සමාජයේ ජීවත් වෙනකොට මගේ අම්මා මෙහෙමයි තාත්තා මෙහෙමයි කියලා කියන්න වටිනාකමක් හදලා දීලා තියෙනවා. මෙතන ඉන්නවා 5 ශිෂ්‍යත්වය සමත්වුණු දරුවන්. තවත් අය සාමාන්‍ය පෙළ සමත් වෙලා, තවත් අය විශ්වවිද්‍යාල වරම් හිමිකරගෙන ඉන්නවා. දෙමව්පියන් හැටියට ළමයින්ට දෙන්න පුළුවන් ලොකුම දේ තමයි මේ ළමයින්ට දීලා තියෙන්නේ. කිසිම කෙනෙක්ට හොරකම් කරන්න බැරි ලොකු වස්තුවක් ඔවුන් දීලා තියෙනවා. එහෙම නැතුව මේ දේවල් සම්පූර්ණ කරගන්න බැරිව අද බොහෝ දෙනා අපහසුතාවයට පත්වෙලා තියෙනවා. ඉගෙන ගත්ත අයට කවදා හරි ඒ දේවල්වල ප්‍රතිඵල තියෙනවා. මේ ආයතනයේ වැඩ කරන සියළු දෙනා එකතුවෙලා මේ දේවල් කරන්නේ ඔබලා තවත් ධෛර්යමත් කරන්න.

මේ ආයතනයෙන් විදේශ රටවල ශ්‍රමිකයින්ගේ දරුවන් වෙනුවෙනුත් ශිෂ්‍යත්ව පිරිනැමීම සිදුකරනවා. ඔබලා කල්පනා කරන්න ඕනි දේ තමයි තමන්ගේ දෙමව්පියන්ගේ හිත් තවත් සතුටු කරන්න හොඳින් ඉගෙනගන්න එක. ඒ වගේම තමන් අදහන ආගම දහමට අනුව හොඳින් ජීවත් වෙන එක මේ හැමදේම තමන්ගේ ජීවිතයට එක් කරගන්න ඕනි. අපි ජීවත්වෙන හැම මොහොතකම ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා.˜ ලෙස සඳහන් කළාය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරිය, —අපි දන්නවා දරුවෝ ලොකු පාසල්වලට දාගන්න දෙමව්පියන් වෙන මහන්සිය. මේක අද ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. අනාගතයේදී ග්‍රාමසේවක වසම් මට්ටමෙන් පාසල් වෙන්කරනවා. මේ රටේ දරුවන්ට අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය මූලික අයිතිවාසිකමක් හැටියට අපි සලකනවා. පාසල් කාලයේ ගතකරන ජීවිතය ආයෙත් අපිට කවදාවත් ලැඛෙන්නේ නෑ. මගේ ජීවිතයේ අද වෙනකම් මම ගතකරපු හොඳම කාලය තමයි මගේ පාසල් කාලය. පාසල් කාලයේ හොඳට ද`ගලන්න ඕනි. සෙල්ලම් කරන්න ඕනි. කි්‍රඩා කරන්න ඕනි, රණ්ඩුවෙන්නත් ඕනි. ඒ හැම දෙයක් තුළින්ම ලොකු අත්දැකීමකුත් ලබනවා. සමහර වැඩිහිටියෝ දිහා බලලා අපි තීරණය කරනවා එයා නම් පාසල් කාලයේ කි්‍රඩාවක්වත් කරලා නැතුව ඇති කියලා.

ඇතැම් වෙලාවල අපි පාසල් ගියේ නැත්නම් එදා කරපු පාඩම ලැඛෙන්නේ නෑ. නීති විද්‍යාලයේ ඉන්න දවස්වල ගියේ නැත්නම් පාඩම ලැඛෙන්නේ නෑ. සමහර අය ඉගෙනගන්නකොට හරි ආත්මාර්තකාමියි. ඒ දේවල්වලින් අපි බැහැර වෙන්න ඕනි. මේ පුංචි රට උගත් සමාජයක් කරන්න අපි ඉගෙනගන්න ඕනි. ලිවීමේ හා කියවීමේ හැකියාව ඉතාම ඉහළින් තියෙන රටක තමයි මේක. අපේ උගත්කම පෝසත් කරගත්තොත් අපි රටක් හැටියට මුහුණ දෙන ගොඩක් ප්‍රශ්නවලට පිළිතුරු හොයාගන්න පුළුවන්. හොඳින් පාඩම් කරලා උගත් මිනිස්සු වෙනවා වගේම විෂය බාහිර කි්‍රයාකාරකම් කරලා හොඳ තැනකට යන්න. ඉගෙන ගන්න බැරිවුණත් වෙනත් දක්ෂතාවයකින් හරි අපිට ඉදිරියට යන්න පුළුවන්. ඒ අවස්ථාවලින් ප්‍රයෝජනයට ගන්න.˜ යනුවෙන් ප්‍රකාශ කළාය.

මෙහිදි 5 වසර ශිෂ්‍යත්වය සමත් දරුවන් 16 වෙනුවෙන් එක් අයෙකුට රු.15,000 බැගින් රු. 240,000 මුදලක් ද, සාමාන්‍ය පෙළ සමත් දරුවන් 30 වෙනුවෙන් එක් අයෙකුට රු. 20,000 බැගින් රු 600,000 ක් ද, උසස් පෙළ සමත් දරුවන් 3 වෙනුවෙන් එක් අයෙකුට රු 25,000 බැගින් රු 75,000 ක් ද පිරිනමන ලදී.

මීට අමතරව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සහන දිරිය රියදුරු සුබසාධක සංගමය විසින් රියදුරු මහතුන්ගේ දරුවන් 10 වෙනුවෙන් ශිෂ්‍යත්ව පිරිනමන ලදී. මෙහිදි 5 වසර ශිෂ්‍යත්වය සමත් දරුවන් 03 වෙනුවෙන් එක් අයෙකුට රු.5,000 බැගින් රු. 15,000 මුදලක් ද, සාමාන්‍ය පෙළ සමත් දරුවන් 04 වෙනුවෙන් එක් අයෙකුට රු. 10,000 බැගින් රු 40,000 ක් ද, උසස් පෙළ සමත් දරුවන් 03 වෙනුවෙන් එක් අයෙකුට රු 15,000 බැගින් රු 45,000 ක් ද පිරිනමන ලදී.

මෙම අවස්ථාවට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති ආර්.කේ. ඔබේසේකර, ක්‍රියාකාරි අධ්‍යක්ෂ උපුල් දේශප්‍රිය, සාමාන්‍යාධිකාරි කේ.ඕ.ඩි.ඩි. ප්‍රනාන්දු යන මහත්වරුන් ද, අතිරේක සාමාන්‍යාධිකාරිවරුන්, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරුන් හා කළමණාකාරවරුන් ඇතුළු කාර්යාංශයේ නිලධාරින් රැසක් සහභාගීවිය.

scroll to top