දකුණු අප්‍රිකානු රටවල රැකියා දෙන බව පැවසූ ව්‍යාජ ඒජන්සියක් වටලයි

ගුවන්තොටුපල ඒකකයෙන් ලැබුණු තොරතුරක් මත කළ හදිසි වැටලීමකදී 2017-08-16 වන දින වී.එස්.හයිෙඩ්‍රා නැමැති ව්‍යාජ විදේශ රැකියා ඒජන්සි ආයතනයක් පිළිබ`ද අනාවරණය කර ගැනීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයට හැකිවිය.

ඒ අනුව දකුණු අපි්‍රකාණු රාජ්‍යයේ උගන්ඩාව ආදී රටවල රැකියා දෙන බව පවසා මුදල් වංචා කළ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය නොමැති අංක 19, මීතොටමුල්ල පාර, කොළොන්නාව ලිපිනයේ පවත්වාගෙන ගිය ව්‍යාජ විදේශ රැකියා ආයතනයක් වී.එස්.හයිෙඩ්‍රා නැමැති ඒජන්සි ආයතනය මෙසේ අනාවරණය කරගෙන ඇත.එහිදී අදාළ ඒජන්සි ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරීවරයා අත්අඩංගුවට ගැනීමට විමර්ශන අංශයට හැකිවිය.
ඒ අනුව 2009 අංක 56 දරණ පණතින් සංශෝධිත 1985 අංක 21 දරන විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනතේ 62(1)(ආ) වන වගන්තිය ප්‍රකාරව මෙම සැකකරුට විරුද්ධව අලූත්කඩේ මහේස්ත්‍රාත් උසාවියේ නඩු පවරා ඇති අතර රුපියල් 20,000-ක මුදල් ඇප සහ රු.500,000- ශරීර ඇප නියම කර විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාර දෙන ලෙස නියෝග කරන ලදි. අදාළ ව්‍යාජ ඒජන්සි ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය පිළිබ`ද තොරතුරු අනාවරණය වී ඇති අතර වගකිව යුතු පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට වැඩිදුර විමර්ශන කටයුතු සිදු වෙමින් පවතී.

මෙම වැටලීම සඳහා නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (නීති) කීර්ති මුතුකුමාරණ මහතාගේ උපදෙස් මතල විශේෂ විමර්ශන ඒකකයේ කළමණාකරු සී.ජී. වෙලගෙදර මහතා, පොලිස් පරීක‍ෂක පුෂ්පකුමාර මහතා, උප පොලිස් පරීක‍ෂක කුමාරසිංහ මහතාල උප පොලිස් පරීක‍ෂක ලියනගේ මහතාල කාර්යාංශ මාණ්ඩලික සහකාර සන්ධ්‍යා අයිරාංගනී යන අය සහභාගි විය.

scroll to top